Hot!

සිවිල් ඇදුමින් සැරසුනු “කොණ්ඩය කොටට කැපූ ” කණ්ඩායම් දිවයින පුරා

කැෆේ මැතිවරණ වාර්තා: 2015 ජනවාරි 8   දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1517 කි.  එයින් 196 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර 1321 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ. 

සිවිල් ඇදුමින් සැරසුන “කොණ්ඩය කොටට කැපු“ තරුණ කණ්ඩායම්  යුධ හමුදාව භාවිත කරන ජීප් රථ වලට සමාන ජීප් රථ සහ වෑන් රථ භාවිත කරමින්   සැරිසරන බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා විය. බිබිල ප්‍රදේශයේ  එජනිස මෙහෙයුම් කාර්යාලය අසල මෙම කණ්ඩායම් රැඳී සිටි බව වාර්තා වෙයි.

තවද පොලොන්නරුව අරගංවිල ප්‍රදේශයේද මෙවන් කණ්ඩායමක් සැරිසරණ බවට ජනවාරි 7 වන දින තොරතුරු වාර්තා විය. මීට අමතරව පොලොන්නරුව ප්‍රදේශයේ මෙවන් සිවිල් ඇදුමින් සැරසුන කණ්ඩායම් යු හ  21073 සහ යු හ 50261 දරණ ජීප් රථ වලින් ප්‍රදේශය පුරා සැරිසරා තිබේ.

අංක තහඩු නොමැති ඩිෆෙන්ඩර් රථ වලින් නාවලපිටිය ප්‍රදේශයේද සැරි සරා ඇති මෙවන් කණ්ඩායමක් “එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂට” ඡන්දය දෙන ලෙස බලපෑම් කළ බව එම ප්‍රදේශවල ජනතාව කියයි.

මෙවන් කණ්ඩායමක් මහනුවර ඉහළ වැව පාරේ සේනානි හෝටලයේ ලැගුම් ගෙන සිටින බවට ජනවාරි 7 වන දින කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇත.

තවද බලංගොඩ පර්ල් හෝටලයේ ද මේ ආකාරයට සිවිල් ඇදුමින් සැරසුන පිරිස් රැඳී සිටින බවට පැමිණිලි ලැබී තිබේ.

විශාල හමුදා කණ්ඩායමක් මඩකලපුව වාලච්චේන කඩදාසි කම්හලේ රදවා ඇත.

යුධ හමුදා සාමාජිකයින් ලවා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම

දියතලාව යුධ හමුදා  කඳවුරේ සංඥා බලකා මුලස්ථානයේ හමුදා භට නිවෙස් වෙත එජනිස ප්‍රචාරක පත්‍රිකා  බෙදා හැරීම සඳහා හමුදා භටයින් යොදා ගත් බවට පැමිණිල්ලක් ලැබී ඇත.

රාජ්‍ය සේවකයින් මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීම බරපතල මැතිවරණ නීති උල්ලංගණය කිරීමකි.

නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණයේ නිරත වීම

එජනිස ආධාරකරුවන් ඊයේ රාත්‍රී 11.30 ට පමණ එජනිස ජනාධිපතිවරණ අපෙක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රචාරක දැන්වීම්  වැලිමඩ ලන්දේගම ප්‍රදේශයේ අලවා ඇත.  එජාපයේ අභ්‍යන්තර ගැටුමක් ආකාරයෙන් දැක්වෙන එක් පෝස්ටරයක දැක්වෙන්නේ

රාජ්‍ය රූපවාහිනි නාලිකා අපේක්ෂක ප්‍රවර්ධනයේ

ස්වාධින රූපවාහිනිය සහ ජාතික රූපවාහිනිය මගින් ජනවාරි 8 රාත්‍රියේ යුධ ජයග්‍රහණය නිරූපනය කෙරෙන විශේෂ වැඩසටහන් විසුරුවා හැර ඇත. මෙමගින් අනියම් ආකාරයෙන් එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කර තිබේ.  කැෆේ සංවිධානය වෙත ලැබුණු පැමිණිලි අතර වැඩිම අවධානයක් යොමු කළ කරුණ වූවේ මෙම අතිශයින් පක්ෂග්‍රාහී රුපවාහිනී වැඩසහන් ය.

දුරකථනය මගින් මැතිවණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම

0766366555 දරණ දුරකථන අංකය මගින් එජනිස ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ප්‍රවර්ධනය සිදුවේ.  එමෙන්ම මෙම දුරකථන අංකය මගින් පොදු අපේක්ෂක මෛත්‍රී පාල සිරිසේන මහතාට අවාසි සහගත පණිවිඩ නිකුත් කරන බවට ද  තොරතුරු වාර්තා විය.

හම්බන්තොට එජාප ආධාර කරුවන් ගේ නිවෙස් වලට වෙඩි

හම්බන්තොට මුල්කිරිගල සුමිහිරිගම මී ඇල්ල ප්‍රදේශයේ එජාප ආධාරකරුවන්ගේ නිවාස දෙකකට වෙඩි තබා ගල් ප්‍රහාර එල්ල කර  ඇත. සුමිහිරි ගම මී ඇල්ල පදිංචි  ඩබ්.එම්.චන්ද්‍රා සහ ඒ ආසන්නයේම පදිංචි  ආර්.පී.මුණතුංග යන අයගේ නිවාස වලට මෙම ප්‍රහාර එල්ල වී ඇත. ප්‍රහාර වලින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

මේ අතර අම්බලන්තොට ලුණම සමාධිගම අංක 284 පදිංචි  ජී. ගම්හේවාගේ නිවසට  ද ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් ඒ මහතා‍ගේ නිවසේ වහලයට හානි සිදුවී ඇත.

මැතිවරණ රාජකාරියට පැමිණි බස් රථයේ ප්‍රචාරක ස්ටිකර්

කොළඹ  ඩී.එස්.සේනානායක විදුහලේ පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා යොදවා තිබු  අංක GE 3887 දරණ බස් රථයේ එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් සහිත ස්ටිකර් අලවා තිබිණ.  මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගත් බස් රථ විශාල සංඛ්‍යාවක ඇලවූ පෝස්ටර් ඉවත් නොකොට පොදු ප්‍රවාහන සේවා සදහා ද ඡන්දදායකයින් ප්‍රවාහනය සදහා ද මැතිවරණ දිනයේ යොදවා ඇත.