Hot!

රාජපක්ෂගේ වැරදුණු කුමන්ත්‍රණය - ගෝඨාබයට ආක්ෂාව දීමට නොහැකි බව රනිල් කියයි

ගෝඨාබය හමුදාවේ විශ්වාසවන්ත කිහිප දෙනෙකු සමඟ ගොස් හදිසියේ අතුරුදන් වූයේ ඇයි?
ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් පරාජය වන බව දැන් ගත් විට පළමුව හදිසි නිතීය ප්‍රකාශකොට මැතිවරණය ශූන්‍ය කිරීමට මාන බැලුවේය. එය අසර්ථක විය. ඉන් පසු හමුදා කුමන්ත්‍රණයකට සැලසුම් කළ නමුත් ඊට හමුදා නායකයින් විරුද්ධ විය. ඉන් පසු නීතිපතිට මැතිවරණය නිෂ්ප්‍රභ කරන ලෙස නියෝග කළේය. එයද ප්‍රතික්ෂේප විය. ඉන් පසු රනිල් වික්‍රමසිංහ මහතාට කතා කොට “සාමකාමීව” බලය අත් හල බල සඳහන් වේ. 

දෙදෙනා අතර සිදු වූ දුරකථන සංවාදය පහත දැක්වේ;

රාජපක්ෂ: මට ඕනේ දිගටම ආරක්ෂාව 
වික්‍රමසිංහ: ඔව් එක කරන්න පුළුවන් වේවි 
රාජපක්ෂ: මොකද කොටින් අයෙත් ශක්තිමත් වෙනවා, ඒ නිසා මට අවශ්‍යයි දැඩි පුද්ගලික ආරක්ෂාව
වික්‍රමසිංහ: නෑ. අපි ඔබට හිටපු ජනාධිපතිවරයෙකුට දෙන ආරක්ෂාව සලසන්නම්
රාජපක්ෂ: සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් නොකළ යුතුයි 
වික්‍රමසිංහ: මට ඒවගේ දේවල්වලට වගකීමක් ගන්න බැ 
රාජපක්ෂ: මගේ සහෝදරයා ගෝඨාබයට පෞද්ගලික ආරක්ෂාවක් දිගටම ලබා දිය යුතුයි.
වික්‍රමසිංහ: කළ නොහැකියි 
රාජපක්ෂ: ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා ලෙස මට ඉන්න ලොකු ගෙදරක් ඕනේ 
වික්‍රමසිංහ: කළ නොහැකියි. ඔබට හිමිකම් දේ ඔබට ලැබේවි 
රාජපක්ෂ: කිසිම ආකරයක පළිගැනීමේ කටයුතක් සිදු නොකිරීම ගැන ඔබ මට සහතික විය යුතුයි
වික්‍රමසිංහ: පළිගැනීම අපේ ප්‍රතිපත්තිය නොවෙයි.නමුත් අපි ගන්න සියලු දෙයක්ම විනිවිදව සහ පිරිසිදු තීරණ බව ඔබට සහතික කළ හැකියි.

අදාළ සිදුවීම ගැන පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. එහිදී රටේ නීතිට එරෙහිව කටයුතු කොට ඇත්තේ නම ඔහුව අත් ඩංගුවට ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබේ.