Hot!

දහම් සිරිසේන මාලක සිල්වාගේ චරිතයට පණ පොවයි!

උපුටා ගැනීම :- ලංකා නිව්ස් වෙබ්
 
අභිනව ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මාලක සිල්වා, නාරද දිසානායක, කාංචන විජේසේකර, යෝෂිත රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ වැනි ‘අප්පා විකුණූ පුතුන් ' ගේ අඩිපාරේ යමින් මෛත්‍රීපාලනයේ හිමිදිරියේම පිස්සු කෙලීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (10) රාත්‍රියේ කොළඹ 07 රීඩ් මාවතේ තුරග තරඟ පිටියේ පිහිටා ඇති ‘Clique' නැමති රාත්‍රී සමාජ ශාලාවට PSD වාහන 8 ක් පිරිවරා පැමිණ ඇති දහම් සිරිසේන රාත්‍රී සමාජ ශාලාවට ඇතුළුවද්දීම සමාජ ශාලාවේ  ආරක්ෂක අංශයන්ට නියෝග කොට ඇත්තේ සමාජ ශාලාව තුල තිබෙන සියළුම CCTV කැමරා ක්‍රියා විරහිත කරන ලෙසයි.

එයට අකමැති වී ඇති සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන් හට PSD නිලධාරීන් ලවා තර්ජනය කරමින් පසුව සියළු CCTV  කැමරා ක්‍රියා විරහිත කිරීමෙන් අනතුරුව සමාජ ශාලාවේ සිටි අයට හිරිහැර වන ආකාරයෙන් පිස්සු කෙලින්නට පටන් ගෙන තිබේ.

මේ අවස්ථාවේදී සමාජ ශාලවේ සිටි උදවිය එම ස්ථානයෙන් ඉවත්ව යමින් පවසා ඇත්තේ ‘මේ පුතත් පාලනය කරේ නැත්තන් අප්පට කෙලල තමයි ඉවර කරන්නෙ' කියාය.

අප දහම් සිරිසේන තරුණ මහතාගෙන් කරුණාවෙන් හා දයාවෙන් යුතුව ඉල්ලා සිටින්නේ ‘යකාගේ හෝරාව' නිමවී නව අරුණක් වැටෙන හිමිදිරියේම  පිස්සු කෙලීමට සූදානම් වුවහොත් ඉහත කී අවජාතක පුතුන්ට සැලකූ ආකාරයට තරාතිරම නොබලා සැලකීමට සිදුවන බවයි.