Hot!

තුට්ටු දෙකේ සන්ධානයට යන්නේ නැහැ - සජිත්

"මගේ පියාගේ ආත්මයේ නාමයෙන් තුට්ටු දෙකේ සන්ධානයට යන්නේ නැහැ. පියන් අගමැතිකමක් ගන්න යන්නෙත් නැහැ. විලිලජ්ජා නැතිව ආණ්ඩුව බොරු කියනවා. මම අද සංධානයට එනවලු. සන්ධානය වෙනුවෙන් බොරු කියන රූපවාහිනී බ්රේකින් නිවුස් දානවා. මට ඔළුවෙ අමාරුවක් නැහැ. හැබැයි මට එකක් කියන්න පුළුවන්. ලබන 9 වැනිදායින් පස්සේ මහින්ද රාජපක්ෂටත් හංස වේදිකාවට එන්න වෙනවාමයි," සජිත් ප්‍රේමදාස තමන්ගේ ෆේස් බුක් පිටුවේ සඳහන් කිඔට ඇත.

“සන්ධාන රැස්වීම්වලට සෙනඟ ගෙන්වා ගැනීමට මම ආණ්ඩුවට එන බවට ජනාධිපති බොරු ප්‍රචාර ගෙන යනවා”, වැඩිදුරටත් අදහස් දැක වූ හෙතම කියා සිටියේය.