Hot!

රාජපක්ෂ හම්බන්තොට බේරා ගැනීමේ තියුණු සටනක!

අද සවස 6.00ට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම විහාරස්ථානවල විහාරාධිකාරී හිමිවරුන් මහින්ද රාජපක්ෂ මහතා විසින් නයිගල පුරාණ රජමහා විහාරයට කැඳවා ඇති බව වාර්තා වේ. මේ තුළින් භික්ෂූන් වහන්සේලා හරහා දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් වෙත අවසාන මොහොතේ බලපෑමක් කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇති බව හෙළිවේ.

මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින්ද විශාල සංඛ්‍යාවක් රාජපක්ෂ විරෝධී ස්ථාවරයක සිටිති. යුද්ධය අවසන් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා උච්ඡස්ථානයකට පැමිණි අවස්ථාවේදීද එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකි වූයේ 67.21% කි.

මෙවර එය විශාල වශයෙන් කඩා වැටී ඇති බව වාර්තා වේ. එය යම් ප්‍රමාණයකින් හෝ රැක ගැනීමට අවසන් මොහොතේ සංඝයා වහන්සේලා ඒකරාශී කර මෙම උත්සාහය දරන බව පැහැදිලි වේ.