Hot!

කිසිවෙකු කිසිඳු හමුදා කඳවුරුවලට ගල් ගසා නෑ - ඒක නිවට රාජපක්ෂලාගේ බොරුවක්

අරලියගහ මන්දීරයෙන් පැන්නු රාජපක්ෂ ගමේදී ජාතිවාදය අවුස්සයි

බලයේ රැඳී සිටීම සඳහා සියලුම උපායන් ගෙන අවසානයේදී ඒ සියල්ලම අසාර්ථක වූ තැන , අරලියගහ මන්දීරයෙන් නික්ම යාමට ජනාධිපති රාජපක්ෂ කටයුතු කළේ මීළඟට එන මහා මැතිවරණය සලකමිනි. 

මහත්තයෝ ... අශූචි වැඩ කිරීමෙන් නවතින්න... ඔබේ ගෝලයන්ටත් ඒ බව කියන්න

ඉන් පසු ඔහුගේ පරාජය වසා ගැනීම සඳහා, සහ බලයට පත් වූ ජනාධිපතිවරයා බෙදුම්වාදයට සහය දක්වන්නෙකු බවට වූ මතයක් හෙතම ගොඩ නැගීමට රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පටන් ගෙන තිබේ.

එහි මුලික පියවරක් ලෙස දෙමළ ජනතාව එකතු වී යාපනයේ ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වල  ඇති හමුදා කඳවුරු ඉදිරියට පැමිණ හූ කීමටත්, ගල් ගැසීමටත් පටන් ගත් බවට වූ මතයක් රට පුරා ව්‍යාප්ත කරමින් තිබේ. එය බොහොමයක් සිංහල ජනතාවගේ අවධානයට යොමු වී තිබේ.

මෙය අමූලික අසත්‍යක් බවත් එවැනි කිසිඳු සිදුවීමක් කිසිඳු ස්ථානයක සිදු නොවූ බවත් අපි ඉතා වගකීමෙන් යුතුව වාර්තා කරන්නෙමු.

නමුත් මෙවැනි සිදුවීම්  පරාජයට පත් වූ රාජපක්ෂගේ සහ ඔහුගේ අනුගාමිකයින් සිදු කරණ අසත්‍ය ප්‍රචාරයන් වල පළමු සංඥාව විය හැකිය.

එබැවින් මුළු රටම මනා අවබෝධයකින් සහ ප්‍රවේශමෙන් සිටීම් අතිශය තීරණාත්මක බව අවදාරණය කරන්නෙමු.