Hot!

හොර ඡන්ද ව්‍යාපාරය ඇරඹෙයි - ඡන්ද පත්‍රිකාවකට රු. 5000 ක් : විමසිල්ලෙන් පසු වන්න

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණය සඳහා බිලියන ගණනක් මුදල් වියදම් කරමින් තමන්ගේ ජයග්‍රහණය කෙසේ හෝ සිදු කර ගැනීම එකම අරමුණ වී ඇත.

මෙම දින තුන තුළදී  රාජපක්ෂගේ මැතිවරණ ව්‍යපාරය සකස්කර ඇති ආකාරය ඉතා අප්‍රසන්න සේම බයානකද වේ.

මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ ප්‍රදේශ වල ජනතාවට හිමි ඡන්ද පත්‍රිකාවක් සඳහා රුපියල් 5000 - සිට 7000 දක්වා මුදලකට මිලදී ගැනීම ආරම්භ කොට ඇත. එසේ ලබා නොදෙන අයට මරණීය තර්ජනය කිරීම් පිළිබඳව අපට වාර්තා වී තිබේ.

මේ ආකාරයෙන් අදාළ ඡන්ද පත්‍රිකා එකතු කොට ඒවා ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට යැවීම ආණ්ඩුවේ එකම අරමුණ වේ. මෙය වඩාත් සූක්‍ෂම ලෙස මෙවර සැලසුම් කොට තිබේ. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ විශේෂ ඒකකයන් සේම ආණ්ඩුවේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් රැසක් නිර්මාණය කොට ඇත.

කෙසේ වෙතත්, අද දින ආණ්ඩුව විසින් ලබා දීමට සැලසුම් කොට තිබූ සිල් රෙදි ලබා දීම බොහොමයක් මාධ්‍ය මඟින් ප්‍රචාරණය වීමත් සමඟ එය අසාර්ථක වූ බව වාර්තා වේ. ඇතැම් පොලිස් නිලධාරින් මේ හා සම්බන්ධයෙන් වඩාත් වගකීමෙන් කටයුතු කොට ඇත. නමුත් ඇතැම් ස්ථාන වලදී ප්‍රාදේශීය දේශපාලඥයින් එම කටයුත්ත කිසිඳු හිරිහැරයකින් තොරව සිදු කොට ඇත.