Hot!

සාමය සමග සිය වසක් ආපස්සට යාම

| චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අ`ථත්ගම බේරුවල සිද්ධිය අවසන් වේවායි පළමුව ප්‍රාර්ථනා කරමි. මේ සාකච්ඡා කරන්නේ ඒ සිද්ධිය හි`ගන්නාගේ තුවාලයක් කර ගැනිමට නොවේ. අප මේ ගෙවන්නේ යම් සිද්ධියක් ගැන කටේ හොර කතා කරන්න පු`ථවන් යුගයක නොවේ. ඒ තරමටම අපට තොරතුරු ලැඛෙන ක්‍රමය මෙන්ම සිද්ධි විග්‍රහ කිරිමේ නිදහසද වර්තමානයේ පවත්නා හෙයිනි.

අ`ථත්ගම බේරුවල සිද්ධිය අපට අ`ථත් අත්දැකීමක් නොවේ. අප විසින් 1915දී මේ කියන අප්‍රසන්න අත්දැකීම බිම වාඩිවි කොලය එළා ගෙන එපා නොකියා භුක්ති විඳ ඇත්තෙමු. ඒ සිද්ධීය ගැන හර්බට් හු`ථගල්ල සහ පියසේන නිශ්ශංක දෙදෙනා රචිත ඩි.ආර්.විජයවර්ධන චරිතය නම් ග්‍රන්ථයෙහි ඇති කෙටි සටහන අදට වැදගත්වේ.  මේ පොත ගැනත්, පොතේ කර්තෘන් දෙදෙනා ගැනත් යමක් සටහන් කළ යුතුව ඇත. ඩි.ආර්.විජයවර්ධන චරිතය මුලින්ම පළවුනේ 1960දීය. ඒ ඉංගි්‍රසියෙනි. ඒ පොත ලියන ලද්දේ හර්බට් හු`ථගල්ල විසිනි. පසුව මේ ග්‍රන්ථය හර්බට් මු`ථගල්ල සහ පියසේන නිශ්ශංක දෙදෙනා එක්ව අද අප කියවන ඩි.ආර්.විජයවර්ධන චරිතය සංස්කරණයවී නිකුත් විය. මෙම ග්‍රන්ථයේම දැක්වෙන ආකාරයට 1918 වනවිට හර්බට් හු`ථගල්ල ෘ්සකහ භැඅි පත්‍රයේද පියසේන නිශ්ශංක දිනමිණ පත්‍රයේද සේවය කරමින් සිටියහ. ඒ කියන්නේ ඔවුන් යමත් තේරුම්ගත හැකි වයස්වලදි 1915 සිංහල මුස්ලිම් ආරගලය දැක බලාගත්  බවය. 1915 වනවිට පියසේන නිශ්ශංක(1890-09-10)ගේ වයස 25කි. හර්බට් හු`ථගල්ල(1899-03-10-) නම් 16 හැවිරිදි පාසල් සිසුවෙකි. හු`ථගල්ල 1931දී  ෘ්සකහ භැඅි  පත්‍රයේ ප්‍රධාන කර්තෘ වරයා විය.  පියසේන නිශ්ශංක 1930 සි`ථමිණ ආරම්භක කතුවයා විය. මේ විශිෂ්ඨයන් දෙදෙනා ගැන ලියන්නේ දැන් ඔබ කියවන ඓතිහාසික සිද්ධි විග්‍රහයේදී  ඔවුන් දෙදෙනා දරමානව ඒ අත්දැකිම් දැක විඳ අත්දැක සිටි බව තහවුරු කරන්නටය.

1915 සිංහල මුස්ලිම් අරගලය ගැන ඩි.ආර්.විජයවර්ධන චරිතයට අනුව "1915 අරගලය ජාති භේද කලහයක් නොවේ. නූගත් ටික දෙනෙකුගේ සිමාන්තික ආගම් උමතුව විසින් නිර්මානය කළ එකකි. ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල පැවති මුස්ලිම්  වෙළඳ සැල් වලට  පහරදීම් සහ  කොල්ලකෑම් එකල පැවති වෙළඳ තරගයද තරමක් හේතු විය. එහෙත් කැරළි සහගත තත්වය  රට පුරා ව්‍යාප්තවුනේ  පොලිසිය නියම අවස්ථාවන්හි ඉදිරිපත්ව ඒවා මැඩ පැවැත්විමට කි්‍රයා නොකළ නිසාය." ඩි.ආර්.විජයවර්ධන චරිතය (2000 සංශෝධීත මුද්‍රණය) 26 පිට අනාගතයට යමක් ඉතිරිවන සේ හු`ථගල්ල නිශ්ශංක දෙදෙනා තමන් ඇසින් දුටු zz1915 සිංහල මරක්කල  අරගලය විග්‍රහ කර ඇත.  ඒ විග්‍රහය අද ජිවත්වන අපට කියන්නේ කුමක්ද? ඉතිහාසය නැවත නැවත උදාවෙමින් මිනිසුන් අතර සැරිසරමින් ඔවුන්ගේ අමනකම් නිරික‍ෂණය  කරමින් සිනාසෙන බවය.

අදත් බොහෝ දෙනා කියන්නේ බේරුවලදි පොලිසිය නිවැරදිව කි්‍රයා කළා නම් ඒ සිද්ධිය එහෙම ව්‍යාප්ත නොවන බවය. එA කියන්නේ ඉතිහාසය නැවත නැවත සිද්ධ වෙන බව නොවේද? හෝ ගෙවුන සියවස පුරාම ශී්‍ර ලංකා පොලිසිය අසාර්ථකව ඇති බවද? ඉතිහාසය ප්‍රකාශ කරන්නේ පොලිසිය අසාර්ථකවූ බව පමණක් නම් නොවේ. හු`ථගල්ල නිශ්ශංක දෙදෙනා  ඩි.ආර්.විජයවර්ධන චරිතයෙහි මෙසේත් කියති. zzනූගත් ටික දෙනෙකුගේ සිමාන්තික ආගම් උමතුව මෙය ඇවිලිමට ගිනි  පුපුරවන්ට ඇත. නගරවල හා ගම් පෙදෙස්වල තිබුණ මරක්කල කඩ සාප්පුවලට පහරදී කළ කොල්ලකෑම්වලට වෙළඳ තරගයද එක්තරා ප්‍රමාණයකට හේතු වන්ට ඇත.ZZ ඒ කියන්නේ ඉතිහාසය අනුව 1915 ගෙවි වසර 99ක් එළඹුන අද දවසේත්  එකම දේ එකම ආකාරයට සිද්ධවී ඇති බවය. 1915 යුගයේ නම් පොලිසියේ සේවය කළේ සමහර විට සිංහල කතා කිරිම තබා කියන දේ තේරුම් ගන්න හෝ බැරි පිරිස්ය. පොලිසිය සම්බන්ධව ලේන්සු කකුල නිකම් කකුල ආදි ප්‍රබන්ධ පට බැඳුනේ මෙයින් පසු කාලයකය. ඒ කියන්නේ ස්වදේශිකයන් පොලිිසියට බඳවා ගත්තාට පසුවය. එදා එනම් 1915දී සිංහල නොදත් පංජාබ් ආදි විදේශික භටයන්ට විධානය දුන්නේ බි්‍රතාන්‍ය ජාතික එච්.ඇල්.ඩව්බිගින් නම් පොලිස්පති වරයෙකි. එහෙත් අද සකල පොලිසියටම සිංහල හොඳීන් තේරෙයි. ඔවුන්ගෙන් බහුතරය රටේ ඉතිහාසය දන්නෝ  වෙති. වර්තමාන පොලිසියට විධාන දෙන්නේ අමෙරිකන් කාරයන් හෝ නවනිදන් පිල්ලේලා නොවෙති. ඒ කියන්නේ සමහරුන්ට අනුව අ`ථත්ගම බේරුවල සිද්ධිය විදේශ අත පෙවිමක් බවට කරන ප්‍රකාශ නිසාය. විමල් විරවංශට අනුව අරාබි හෝ නෝවේජියන් මුදල්ය. එහෙත් බොදුබල සේනා නායකයන්ට අනුව අද ලංකාවේ සේවය කරන්නේ සිංහල පොලිසියකි. සිංහල හමුදාවකි. නො කීවාට පවතින්නේ සිංහල ආණ්ඩුවකි.  රට ලංකාවය. අප සියල්ලන්ටම එක්ව ලංකාව නමැති මේ රටේ ජිවත්වන සියල්ලෝම ලාංකිකයන් ලෙස සලකන්නට හිතන්නේ කවදාද?අන්න එදාට මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නොවනු ඇත. එසේ නොවේ නම් 1915 කොලහාලයේ සියවස 2015 වසරෙහි  ලංකාවේ සිහිපත් කරනවා සිකුරුය.

අප මේ ගෙවන්නේ විවිධ ජාත්‍යන්තර අත පෙවිම් අතර දුෂ්කර යුගයකි. තිස් අවුරුදු යුද්ධය දිනාගත් අප ඒ යුධ ජයග්‍රහණය මිස ඒ යුද්ධයෙන් පාඩම් ඉගෙණ ගෙන නැත. අප ජීනිවා හරහා එන තෙරපුම ආශීර්වාදයක් කර නොගන්නේ ඒ නිසාය. ඒ ඇයි? සමහර රටවල යම් යම් කලකොලාහල වලින් අනතුරුව සමහරු වගකීම භාරගෙන නම්බු පිටින් යන්නේ  තමන් දැරූ වගකීම තනතුරේ ගෞරවය ආරක‍ෂා කරමිනි. 1915 සිද්ධිියේදී වැඩි චෝදනා නැගුණේ පොලිසියටය.ගඩලාදෙණිය බස්නායක නිලමේ  තනතුර දැරූ ජී.බී.වල්ගම්පායට පහරදී ඝාතනය කිරිම ගැන පොලිස්පති බි්‍රතාන්‍ය ජාතික එච්.ඇල්.ඩව්බිගින්ට එරෙහිව පුද්්ගලික නඩු පැවරිණ. පැමිණිල්ල අවසානයේ දිසා විනිසුරු පීිලික්ස් ආර්. ඩයස් දුන්නේ අපූරු තීන්දුවකි. පොලිස් ආඥා පනතේ 79 වගන්තිය අනුව  නඩුවේ චෝදනා පත්‍රයට  වලංගු භාවයක් නැති බවට නියෝග කෙරිණ. ඒ කියන්නේ පොලිස්පති නිදහස් වුනා නොවේ. උසාවියෙන් බේරුණා පමණකි. ඒ ගැන නිති විශාරදයෙක් කළ ප්‍රකාශකින් කොටසක් මෙසේය.zz පොලිස් ආඥා පනතට වඩා ඉහළින් බල පැවැත්වෙන අපරාධ නීකි පද්ධතිය මගින් ඒ කරුණු අවලංගු වන්නේ නැතිදැයි සැකයකි. කෙසේ වුවද, ඒ ඡේදය අත් අඩංගුවට ගැනිම නිත්‍යනුකූල වුවද, ඔහුට තුවාල සිදු කිරිම නිත්‍යනුකූල නොවන මෙවන් සිද්ධියකදී බලපාන්නේ නැත. මෙහිදී විනිසුරුතුමා  නිවැරදි නොවේ.ZZ මේ කියන නඩුව ඇසුවේ ලාංකික  විනිසුරු වරයෙකි.  එහෙත් ඔහු සේවය කළේ බි්‍රතාන්‍ය පාලකයන් පත් කළ අධීකරණයකය. මේ නඩුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබුණ අංක බී19/2010 නඩුවට ඛෙහෙවින් සමානය. එහි සිද්ධිමය කාරණාව මන්ද බුද්ධික තරුණියක් දූෂණය කිරීමය. එහි සැකකරුවන් දෙදෙනෙකි. නාරම්මල පොලිසිය විසින් පරීක‍ෂණ පවත්වා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ. එහෙත් නිතිපතිගේ නිර්දේශය අනුව මේ නඩුව නො විමසාම ඉල්ලා අස්කර ගන්නා ලදි.   

නාරම්ල සිද්ධිය හා 1915 ගඩලාදෙණියේ බස්නායක නිලමේ ඝාතන සිද්ධිය හෝ 2014 අ`ථත්ගම බේරුවල සිද්ධි එකිනෙකට වෙනස්ය. එහෙත් කුලියාපිටිය හා මහනුවර අධීකරණ දෙකෙහිම කි්‍රයා කළ ආකාරය එක සමාන බවට සැක නැත. එහෙත් ගඩලාදෙණීය නඩුවට බි්‍රතාන්‍ය පාලනයේ නීතිපති ඇන්ටන් බර්ට්රම් පෙනී සිටින්නවත් කැමති වුණේ නැත. ශී්‍ර ලංකා ජන රජයේ නාරම්මල පොලිස් නඩුවේ තීරකයා කුලියාපිටියේ විනිසුරු නොවිය. වසර 99ක් ගෙවුන තැන ලංකාවේ පොලිසියත් ජනතාවත් එකවාගේමය. එහෙත් වසර 99ක් ගෙවුන තැන අපේ අධීකරණයත් ඒ වාගේ යයි නො කියන්නට සාහසික විය යුතු නැත.

අපි ඉතිහාසයෙන් මෙපිටට පැමිණි අද දවස ගැන කතා කරමු. මේ සතියේ භික‍ෂුන් වහස්සේ නමක් ඝාතනය කළ සිද්ධියක් වාර්තා විය. ඒ පොලොන්නරුවෙනි. දැනට ඒ මරණය සැක කරුවෙකු සොයාගෙන ඇත. එය ගමක් හැ~වූ ප්‍රවෘත්තියක් මිස ගමක් කැළඹූ ප්‍රවෘත්තියක් නොවිය. ගිය වසරෙහි කොළඹ දිස්ති්‍රක්කයේ භික‍ෂුන් වහන්සේ නමක් මහ දවාලේ කපා ඝාතනය කළහ. එහි සැකකරු ලෙස හඳුනා ගත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. ඒ නඩුව දැන් විභාග වෙමින් පවති. මේ සිද්ධීන් දෙක සමග අයගම සමිත හිමියන්ට අ`ථත්ගමදී පහරදුන් කතාව අදවන විට මහා ආරවුලක් බවට පත්වි ඇත. භික‍ෂුන් දෙනමක් ඝාතනවූ සිද්ධි දෙකට සමගාමිව,  අ`ථත්ගම සිද්ධීය මෙහෙම වුනේ ඇයි? අ`ථත්ගම සිද්ධීය යනු භික‍ෂුවකට පහරදිම නිසා පමණක් ඇතිවූ සිද්ධියක්ද? එසේ නම් ඉහතින් කී සිද්ධින් ඇවිලි නොගියේ ඇයි? වෙනස අ`ථත්ගමදී භික‍ෂුවට පහර දුන්නේ මුසල්මානයෙකු වීමය. සත්තකින්ම එය නම් නොවිය යුත්තකි. ඕනෑම මුසල්මානුවෙකු සමස්ත මුසල්මානුවන් නියෝජනය කරත් නම් ඕනෑම බෞද්ධ භික‍ක‍ෂුවක්ද සමස්ත සමස්ථ බෞද්ධ භික‍ෂු ප්‍රජාව නියෝජනය කරනවා විය යුතුය. බෞද්ධ භික‍ෂුවට පහර දුන් බව ඇසු සමහරු නිහ~ව සිටියහ. කතා කළේ නැත. අ`ථත්ගම දෙවන සිද්ධිය නැගි සිටියේ ඒ නිසාය. මේවා තිරණාත්මක නොවිය හැකිය. එහෙත් සැලකිය යුතු සිද්ධි අනු සිද්ධින් විය යුතුවේ. ඒ මෙවැනි සිද්ධින් රටක් ගිනි තැබිමට පාදක වන හෙයිනි. මෙහිදි අප සැලකිය යුත්තේ මෙවැනි අවස්ථාවන්  ප්‍රයෝජනවට ගන්නා අවස්ථාවදින් සිටින බවය.

තිස් අවුරුදු යුද්ධයක   නිරතවූ දෙමල ජනතාව ගෙන් බහුතරය හින්දුන් වෙති. එහෙත්  ලංකාවේ කිසිදු තැනක දෙමල ජනතාව බලෙන් දේවාල කෝවිල් ඉදිකර නැත. එහෙත් සිංහල දෙමල වෛරයක් පවතී. අප මේ රටේ ජීවත්වන ජනතාව ශී්‍ර ලාංකිකයන් ලෙස දකිති නම් මෙවැනි දේ සිද්ධවෙන්නේ නැත. ජීවිතයක, ජීවත්වන කෙනෙකුගේ අයිතිවාසිකමක අගය නොදන්නා අය සිටිති. ඔවුන් කාලකන්නින් ලෙස හැඳීන්විම පාපයක් නොවේ. එවැනි කාලකන්නින් නිදැලAලේ සැරිසරණ විට මෙවැනි අවාසනාවන්ත තත්වයන් උදාවේ. චොගම් සම්මේලනය අතර, චැනල් ෆෝහී ප්‍රකට සු මාධ්‍ය වේදියා මෙරටට පැමිණීයේ ආණ්ඩුවේ අවසරය ඇතිවය. ඔහු පැමිණි දවසේ කිසිවෙකු කටුනායකට ගොස් පිකටින් කළේ නැත. එහෙත් ඒ චරිතය සිරිකොත මූලස්ථානයට ගිය දවසේ බොදුබල සේනාව සිරිකොතට කඩා පැන්නාහ. එදා බොදුබල සේනාවේ භික‍ෂුවකට කෙනෙකු අත තිබ්බා නම් කුමක් සිද්ධ වෙන්න තිබුණාද? එසේ වි නම් එක්සත් ජාතික පක‍ෂය කපෝතිය. යමක් සිද්ධ නොවුවද, පසුදා ප්‍රසිද්ධීයේ ඒ භික‍ෂුවගෙන් සමාව ගන්නා තැනට තත්වය ව්‍යාප්ත විය. රටේ නීති කැඩිමේ වරප්‍රසාදය ආගමික කණ්ඩායමකට හිමිවිම රටක සහජීවනයට කෙසේ බලපායිද? මෙහිදි මතක් වෙන්නේ අපට රැස්විම් කියන්න කාගෙන්වත් අවසර කුමකටදැයි බෝදුබල සේනාව ඇසු ප්‍රශ්නයයි.

මේ සාකච්ඡාව හරහා අප කරුණු ගණනාවක් අවධාරණය කර සිටිමු. බොදුබල සේනා  සංවිධානයට එසේ නිදැල්ලේ හැසිරෙන්න ඉඩ නොදිය යුතුය. බෞද්ධ භික‍ෂුවක් අර  ආකාරයට අන්‍ය ලබ්ධීයෙකු අතින් පහර නො කෑයුතුය. ප්‍රසිද්ධ සමාජයේ මුහුණ වසා කාන්්තාවන් සැරිසැරිමට අවසර නොදිය යුතුය. ඒ ආගමික සම්ප්‍රදායකට එරෙහිව නොවේ. මුහුණ වසා ගත් කෙනෙකු ප්‍රසිද්ධියේ හැසිරිම මුහුණු වසා නොගත් අයගේ ආරක‍ෂාවට තර්ජනයක් වන නිසාය. මුහුණ වසාගෙන වාහනයක් පදවාගෙන  යාම නිත්‍යානුකූල නැත. ඊට නිතිය ඉඩදිය යුතු නැත. සමහර ආගමික වෘත සහ චාරිත්‍ර තැනින් තැනට වෙනස් වේ. පසුගිය වසර කිහිපයක් පුරා මුන්නේස්වරම් කෝවිලේ  සාම්ප්‍රදායික බිලි පූජාවට ආන්දෝලනාත්මක සංසිද්ධියක්  විය. ඒ බිලි පූජාව සිද්ධ කරන්නේ කරන්නේ ප්‍රසිද්ධ තැනක නොවේ. කෝවිලක් ඇතුලේය. ඊයේ පෙරේදා ප්‍රංශය කාන්තාවන් මුහුණ වසාගෙන ප්‍රසිද්ධ ස්ථානවල ගමන් කිරිම තහනම් විය. මුස්ලිම් කාන්තාවන් සේ සැරසි බැංකුවක් කොල්ල කන්න තැත් කළ හමුදා නිලධාරියෙකු මහනුවරදි කොටුවිය. එවැන්නෙකු පසුගිය සතියේ දුම්රියේදීි හමුවිය. අප මෙවැනි අවස්ථාවක කටයුතු කිරිමේදි අන්තගාමි විය යුතු නැත. බොදුබල සේනාවේ භික‍ෂුන් අ`ථත්ගමදි පැවැත්වූ රැස්විම වෛරයක් හැ`ගීම් කෝප කිරිමක් සිදු කළා  විය හැකිය. එවැනි සිද්ධියක උණුසුම අතර මුහුණ වසා ගත් කාන්තාවක් සැරි සැරුවා නම් කුමක් සිද්ධ විය හැකිද? එහි වන්දිය බොදුබල සේනාවට බැර කළ යුතු නැත. මේ කියන්නේ බහු ආකල්ප සහිත රටක ප්‍රසිද්ධ ජීවිතය ගැනය.

සමාජය හමුවේ යේ ප්‍රසිද්ධ ස්ථානයක වර්ගවාදි අනන්‍යතා නිරූපනය කිරීම බහු වාර්ගික රටක කළ හැකිිද? ප්‍රගතිශීලි මුස්ලිම් කාන්තා විදුහල්පතිනියක පිළිබඳ කතාවකි. ඇය මෑතක සිට සිය මුහුණ වසාගෙන සේවයට පැමිණෙන්නිය.  ඇය හොඳීන් දන්නා මිත්‍රයෙකු ඒ ගැන විමසා තිබිණ.උත්තරය කුමක්ද?  "එසේ නොකර සිටිමට මම හැම උත්සාහයම ගත්තා. අවසානයේ මම අසරණ  වුණා."මෙයින් වසර 25කට පෙර මේ තත්වය ලංකාවේ පැවතුනේ නැත. මේ සංවිධානාත්මකව ව්‍යාප්ත වන්නේ ඉල්ලා ගුටි කෑමේ ව්‍යාපාරයකි. ඊට ව්‍යාප්ත වාදය කීවාට පව් නැත. හේතුව ගැට`ථ සහිත ජන සමාජයක මෙසේ හැසිරෙන්නට බල කිරිම සයනයිඩ් කරලක් බලෙන් ඛෙල්ලේ එල්ලීමට සමාන නිසාය.

සමාජය හමුවේ වර්ගවාදි අනන්‍යතා නිරූපනය කළ හැකිය. ඒ හරහා ඇතිවන සමාජ චලනයටද මුහුණ දිය යුතුවේ.  එය අනම්‍ය සමාජ කතිකාවකි. අපි සම අයිතිවාසිකම් අපේක‍ෂා කරයි නම් සමානයන් ලෙස ජිවත් විය යුතුව ඇත.  (මේ සාකච්ඡාවේදී පුජක ලොගුව යනු ව්‍යතිරේකයකි.) එසේම යම් වරප්‍රසාදයක් අපේක‍ෂා කරයි නම් එහිදි යම් කැප කිරිමක් කළ යුතුව ඇත. කලකට පෙර මහනුවර ප්‍රසිද්ධ බාලිකා විදුහලක මුස්ලිම් දැරියක් අධ්‍යාපනය ලැබුවාය. ඇය පාසලට සුපුරුදු නිල ඇඳුමෙන් සැරසි පැමිණියාය. උදේ ආගම සිහි කරන බහුතර සොහොයුරියන් සමග දෑත් එක්කොට වැඳගෙන සිටියාය. ඇය පන්සිල් ගත්තාද නොගත්තාද කිසිවෙකු දැන සිටියේ නැත. ඇයට බුද්ධාගම විෂය තෝරා ගත්තාය. ඒ පාසලේ ඉස්ලාම් විෂය නොතිබුණ බැවිනි. මේ ගැන ඇයගෙන් යෙහෙළියක විමසා තිබිණ. වැදගත් වන්නේ ඇය දුන් පිළිතුරයි. ඇයට ඒ බාලිකාවේ අධ්‍යාපනය ලබන උවමනාව තිබිණ. එහිදි පාසලේ විදුහල්පතිනිය  යම් යම් කොන්දේසි මත  ශිෂ්‍ය භාවය දිමට එක`ග විය. මේ බෞද්ධ පසුබිමක් සහිත පාසලේ ඔබගේ දියණිය තවත් දැරියක පමණක් විය යුතුවේ. එපමණකි. මෙය හොඳ අභ්‍යාසයකි. විවාහය ඉඩම් අයිතිය වැනි කාටත් බලපවත්නා නීති අතර, එකිනෙකට ගැටෙන අනු ව්‍යතිරේක තිබිය යුතුද? තමන්ගේ උප සංස්කෘතික ගති පෙවෙත් විවෘත සමාජයට තල්ලූ කර, අසමාන හැසිරිමක් සැලකිල්ලක් අපේක‍ෂා කිරීම සංසුන් මිනිස් සමාජයට කරන හිංසනයකි. අදාන්ත මිනිසුන් කෝප කිරිමකි. අවස්ථාවාදින් උසි ගැන්වීමකි. මෙසේ  මිනිස් බෝම්බ ලෙස හැසිරෙන අයගෙන් මානව සංහිඳීයාව ආරක‍ෂා කරගත යුතුව තිබේ. මේ කතා කරන්නේ මුහුණ වසාගත් කාන්තාවන් සමාජ ගත කරන්නන්ට පමණක් නොවේ. තක්කඩිකමට ප්‍රසිද්ධියේ  අධීකරණයට ඇ`ගිලි ගසන කාන්තා වෙස් ගත් පිරිමින්ටත් සමගය. පූජක ලෝගුව සොලවා රට කලඹන අවස්තාවාදින්ටය. ඉන් වාසි අපෙක‍ෂා කරන දේශපාලනඥයන්ටය.  අප අනූ නව වසරක් ආපස්සට යමින් සිටිමු. නැවත 1915ට යනවාද? 2015ට එළඹෙනවාද? යන්න කාලය විසින් තීරණය කරනු නිසැකය.