Hot!

මෙන්න මුන් ගහනවෝ - පානදුර දකුණ පොලිසියට මිනි මස්

තම ස්වාමිපුරුෂයා පොලිසිය අත් අඩංගුවට ගෙන නිතී විරෝධීව සිදුකරන පහරදීම සම්බන්ධයෙන් ඉෂාරා මදුවන්ති මහත්මිය මානව හිමිකම් කවුන්සලයට පැමිණිල්ලක් කොට තිබේ. ඇයගේ ස්වාමියාට මේ වන විටත් පානදුර  දකුණ පොලිසියේ පෝල්ස් සුනඛ පෝතකයින් විසින් පහර දෙන බව වාර්ථා වේ.

කරුනාකාරම් මෙය වැලැක්වීම සඳහා ඔබේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ය කිය්යන්නීය. ඇය ඉදිරිපත් කළ සංපූඔර්න ලිපිය පහත දැක්වේ.

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම හා
ව්‍යාජ චෝදනා නැගීම වලක්වාලන ලෙස කරනු ලබන ඉල්ලීම

මළලගේ ඉෂාරා මධුවන්ති මළලසේකර, අවු: 28යි, ජා.හැ.අ.858192692, විවාහක, දරුවන් 02යිලිපිනය : සරසි පටුමග, දිබ්බැද්ද පාර, උතුරු තල්පිටිය, වාද්දුව.
2014.05.12 දිනදීය.

උක්ත කාරණය අදාළව - අද 2014.05.12 උදේ - ඔබට කරන ලද ලිඛිත පැමිණිල්ල හා ඔබ හදිසි ඇමතුම් අංකය අමතා කරන ලද දැනුම් දීම හා බැඳේ.

ගුරුගේ පියල් සංජීව පෙරේරා, වන මාගේ සැමියාට මේ වන විට පානදුර දකුණ පොලිසියේ උඩු මහලේ, අපරාධ අංශයේ තබාගෙන, හොඳටම පහරදී තිබේ.

ඔහුට පහර දෙන්නේ  බඩු දීපන්යයි කියමින්ය.

නොපමාව මෙම කෲර වධදීම නවත්වා, ඔහු සොරකමක් කර ඇති බවට තොරතුරු ඇත්නම් -
රටේ නීතියට අනුව, නොපමාව මාගේ සැමියාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටිමි.

මෙසේ මාගේ සැමියාට පහර දෙන්නේ, වධ දෙන්නේ මුල් පැමිණිල්ලෙන් කරන ලද - ආණ්ඩුවට හා පොලිසියට සම්බන්ධ, ශිරන්ත හා කාන්ති යන දෙපල සතුටු කිරීමටය.

ඔබට මා මේකරන පැමිණිලි නිසා, මාගේ සැමියාට කුඩු, ගංජා හෝ දමා, බොරු චෝදනා මත
සිරගත කිරීමේ අවදානම තිබෙන බව යලිත් අවධාරණය කර සිටිමි.


එම්. ඉෂාරා මධුවන්ති මළලසේකර

පිටපත :
එන්.කේ.ඉලංගකෝනා මහතා
පොලිස්පති,                           මේ පිළිබඳ අවධානය යොමුකර - මාගේ සැමියාට යුක්තිය
පොලිස් මූලස්ථානය,                   ඉටු කරනා ලෙස ඉල්ලමි.
කොළඹ.