Hot!

හම්බන්තොට ධර්මය

 | උපුල් ජෝශප් ප්‍රනාන්දු

ප්‍රේමදාස මහතා:



ගරු කතානායකතුමනි, මේ මාර්ගයේ ගමන් කළ බොහෝ දෙනකුට කරන ලද පහරදීම් පිළිබඳ, තුවාල කිරීම් පිළිබඳ, රථ වාහනවලට කරන ලද අලාභහානි පිළිබඳ වාර්තා ලැබී තිබෙනවා. අපේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාගෙන් මට දැන ගන්න ලැබුණු හැටියට එක් ස්ථානයකදී යුද්ධ හමුදාවේ පුද්ගලයෙක් එක්සත් ජාතික පක්‍ෂයේ සම ලේකම් ගාමිණී ජයසූරිය මහතාට තුවක්කුවක් එල්ල කර ගෙන ගොස් තිබෙනවා. එතුමාටත් තුවාලයි. දරුවන්ටත් තුවාලයි. ඒ වාහනයේ ගමන් කළ කෙනකුගේ අතකුත් කපලා. සමහර තැන්වල ගල් ගැසීම්වලින් බොහෝ දෙනකුට තුවාලයි. ඔය තත්ත්වය ගැන මේ ආණ්ඩුව සතුටු වෙනවාද? තමුන්නාන්සේලා රාජ්‍ය බලය ලබා ගත්තේ මේකටද? අප අතර දේශපාලන මතභේද තිබෙන්නට පුළුවනි. දේශපාලන මතභේද තිබෙන නිසා තමයි අප දෙගොල්ලන් දෙපැත්තකට වී ඉන්නේ. අත්තනගල්ලේ ජනතාව අතර ඔය කියන විදියේ විරුද්ධත්වයක් තිබුණා නම් ඒක අපට තේරුම් ගන්නට පුළුවනි. ඒ ජනතාව බොහෝ තැන්වලදී අපට හොඳට සැලකූ බව නම් ඇත්තයි. විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා අත්තනගල්ලේ රජමහා විහාරයට යන කොට ලැබුණු සැලකිල්ල ගැන අගමැතිනිය පුදුම වෙනවා ඇති.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය:

ගරු කථානායකතුමනි, පසුගිය 9 වැනි ඉරුදින අත්තනගල්ලේ ඇති වූ සිද්ධීන් ගැන මෙම ගරු සභාව ඉදිරිපිටදී ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලැබීම ගැන මම ඉතාමත් සන්තෝෂ වෙනවා. අධිකරණ අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳ සාකච්ඡා පවත්වන වේලාවේදී විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා ඒ පිළිබඳ යම්කිසි ප්‍රකාශ වගයක් කර තිබුණා. මම ඒ අවස්ථාවේදී සභාවේ හිටියේ නැහැ. එහෙත් ඊට පසු ඒ කියන්නේ සවස මම සභාවට ආවා. නැවත වරක් එම ප්‍රශ්න පැනනංවාවිය කියන අදහසින්. එහෙත් එම අවස්ථාවේදී එවැනි තත්ත්වයක් පැන නැඟුණේ නැහැ. කෙසේ වෙතත් අද මෙම අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා.
මැද කොළඹ පළමුවැනි ගරු මන්ත්‍රිතුමා (ප්‍රේමදාස මහතා) කියා සිටියා විරුද්ධ පාර්ශ්වය මඟින් ගෙන ගිය සත්‍යග්‍රහ ව්‍යාපාර කෙරෙහි අත්තනගල්ල ප්‍රදේශයේ ජනතාව විසින් ඇති කළ විරුද්ධතාව නවත්වන්නට පොලිසිය ක්‍රියා කළේ නැත කියා. අත්තනගල්ලේ එදා ඇති වූ සිද්ධීන් පිළිබඳ මම මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමැතියි. එය අත්තනගල්ලේ ජනතාව විසින් ඇති කළ විරුද්ධතාවක් බවයි මේ අවස්ථාවේදී මුලින්ම සඳහන් කරන්නට තිබෙන්නේ. පිටින් මිනිසුන් ගෙන්වා අත්තනගල්ලේ සත්‍යග්‍රහ පැවැත්වීම ගැන අපි විරුද්ධයි කියන කතාව තමයි ඒ අය කියා සිටියේ. අත්තනගල්ලේ සත්‍යග්‍රහයක් කරන්නට වුවමනා කළා නම් එය කරන්නට තිබුණේ මේ ආණ්ඩුවට විරුද්ධ අය අත්තනගල්ලේ සිටිනවා නම් ඒ අය සමඟයි. එසේ නැතිව ලංකාව පුරා සිටින උදවිය එකතු කර ගෙන ඇවිත් අත්තනගල්ලේ සත්‍යග්‍රහ කරන්නට ඉඩ දෙන්නට කිසිසේත් පුළුවන්කමක් නැහැ කියන කතාවයි අත්තනගල්ලේ ජනතාව කියා සිටියේ. ඒ අනුව යම් යම් සිද්ධීන් ඇති වුණා. කියන්නටත් කනගාටුයි 'දවස' පත්‍රය අත්තනගල්ලේ තරුණයන් 'දරුණු මැරවරයන්' හැටියට හඳුන්වා දී තිබුණා. 'දවස' පත්‍රය කියා සිටියේ අත්තනගල්ලේ තරුණයන් මේ මැරවරකම් කළාය කියන එකයි.

මන්ත්‍රිවරයෙක්: ඇයි 'සන්' පත්‍රය?

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය: විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා ඊයේ කියා තිබුණේ පොලිසිය විසින් එම අවහිරකම් කළාය කියන එකයි. මෙතැන අදහස් දෙකක්. 'දවස' එක ආකාරයකට පළකර තිබෙනවා. විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා ඊට වෙනස් අදහස් ප්‍රකාශ කළා.

ප්‍රේමදාස මහතා: අවහිර නැති කළේ නැහැ.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය: තමුන්නාන්සේලා මහ පාරේ ඉඳගත් විට පොලිසිය ඉඩ දුන්නා. තමුන්නාන්සේලා කොළඹ මහ පාරේ ඉඳගත්තා. නුවරඑළියේ මහ පාරේ ඉඳ ගත්තා. පොලිසිය ඒවාට විරුද්ධ වුණේ නැහැ නේද? (බාධා කිරීමක්) නුවරඑළියේ අවහිර කළේ නැහැ. තමුන්නාන්සේලා ගොල්ෆ් පිටියට යන්නටයි හිටියේ. එහෙත් බලාපොරොත්තු වුණු සෙනඟ නොපැමිණි නිසා එය පිට්ටනියේ කරන්නට ගියේ නැහැ. තමුන්නාන්සේලාට පිට්ටනිය පුරවන්නට සෙනඟ හිටියේ නැහැ. අපට ඒ ආරංචි ලැබෙනවා. (බාධා කිරීමක්) අපි ඉවසුවා. අත්තනගල්ලේ නොයෙක් නොයෙක් පාරවල් වහපු එක හැබෑව. එය ජනතාව විසින් කළ දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය අනුව මේ ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට විරුද්ධතාව පෙන්වන්නට අයිතියක් තිබෙන බව තමුන්නාන්සේලා කියනවා. ඒවාගේම මමත් කියනවා. අත්තනගල්ලේ ජනතාවටත් එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උඩ තමුන්නාන්සේලාගේ වැඩපිළිවෙළ කෙරෙහි විරුද්ධතාව පළ කරන්නටත් අයිතියක් තිබෙන බව.
මා කියන්න කැමැතියි අත්තනගල්ලේ ජනතාව විරුද්ධ වුණේ තමුන්නාන්සේලා පිට පළාත්වලින්, ලංකාවේ නොයෙක් නොයෙක් ප්‍රදේශවලින් තොණ්ඩමාන්ලා වැනි අය අත්තනගල්ලට ගෙන්වා ගෙන සත්‍යග්‍රහ කිරීම ගැනයි. අත්තනගල්ලට ඇවිත් රාජ්‍ය විරෝධී සටනක් ගෙන යනවාට අත්තනගල්ලේ ජනතාව කැමැති නැති බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමැතියි. මම ආචාර කරනවා අත්තනගල්ලේ මගේ ජනතාවට. මේ වගේ ප්‍රතිගාමී ව්‍යාපාරවලට ඉඩ නොදීම ගැන. ඒ ජනතාවට මේ ගරු සභාවේදී මගේ ආචාරය පුද කරනවා. ඔය වගේ වීරෝදාර සටනක් ගෙන යන්නට අත්තනගල්ලේ ජනතාවට පුළුවන් වීම ගැන මම ආඩම්බර වෙනවා. අද ආණ්ඩුව කර ගෙන යන ආහාර නිෂ්පාදන සංග්‍රාමයට විරුද්ධව ගෙන යන මේ සත්‍යග්‍රහ ව්‍යාපාරයට අත්තනගල්ලේ ජනතාව ඉඩ නොදෙන බව දැන් තමුන්නාන්සේලාට හොඳට පැහැදිලි වෙනවා ඇති.

ජාතික රාජ්‍ය සභාව - හැන්සාර්ඩ්
11.12.1973

මේ පාර්ලිමේන්තු සිද්ධිය මතක් වුණේ යූ.ඇන්.පී. මන්ත්‍රිවරු පස්දෙනකු ලාල් කාන්ත කීව රාජ අගනුවර නොහොත් රාජපක්‍ෂ බලකොටුවට ගිහින් සිද්ධ වුණ වින්නැහිය අහද්දීය.
'ඇයි යූ.ඇන්.පි.ය පක්‍ෂයක් ලෙස හම්බන්තොට ගියේ නැත්තේ...?'
මන්ත්‍රිවරුන් පස් දෙනාගේ වීරකම අගය කරන ගමන් හැමෝම අහන ප්‍රශ්නය ඒකය.
ජේ.ආර්. අත්තනගල්ලේ සත්‍යග්‍රහයක් තියන්න තීරණය කළේ ආවාට ගියාට නොවේ. අගමැතිනි, මැතිනිය ආවේශ වන නිලය අල්ලලා ඇය ලවාම ඇයව යකින්නක් කොට රටට පෙන්වන්නටය. තමන් අත්තනගල්ලට ගොස් සත්‍යග්‍රහ කිරීම මැතිනිය ඉවසන්නේ නැති බවත් එය ඇයට කරන මදිපුංචිකමක් ලෙස ඇය සලකන බවත් ජේ.ආර්. දැන සිටියේය. සත්‍යග්‍රහ ව්‍යාපාරය අත්තනගල්ලට ගෙන යන්න ජේ.ආර්. තීරණය කළේ ඒ නිසාය. මේ ඒ ගැන ජේ.ආර්. චරිතාපදානයේ සඳහන් කතාවය.

"තුන්වැනි සත්‍යග්‍රහය අත්තනගල්ලේ පැවැත්වෙන බව ජේ.ආර්. නිවේදනය කෙළේය. ස්වකීය ඡන්ද කොට්ඨාසය තුළ පිහිටි පැරැණි විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසුව ආරම්භ වීමට නියමිතව තිබුණු මේ සත්‍යග්‍රහය පිළිබඳ පුවත කන වැකුණු වහාම බණ්ඩාරනායක මහත්මිය එය තමාට ඉවසි නොහෙන අවඥාවක් ලෙස සැලැකුවාය. සත්‍යග්‍රහය පැවැත්වීමට නියමිත දින අත්තනගල්ලට ළඟා වන හැම පාරක්ම අවුරා තිබෙනු සත්‍යග්‍රහයට සහභාගි වෙමින් පා ගමනේ යෙදුණු පිරිසට දැකගත හැකිවිය. පාරවල් දෙපස තිබුණු සෙවණ ගෙන දුන් විශාල ගස් බිම හෙළා පාරවල් අවුරා තිබිණි. සත්‍යග්‍රහයට ගෙන යන පිරිස ප්‍රවාහනය කළ රථ වාහනවල වීදුරු කඩා බිඳ දමන ලදුව, ඒවායේ ටයර්ද කපා දමනු ලැබීය. පාගමනට සහභාගිවීමට වාහනවලින් ගිය පිරිසට ගල්මුගුරුවලින් පහරදී ඔවුනට තුවාල සිදු කරන ලදී. බොහෝ තැන්වල රජය සතු ට්‍රැක්ටර්, බුල්ඩෝසර් ආදිය හරස් කොට මාර්ග අවුරා තිබිණි. මාර්ගවල තැන් තැන්වල පොලිසිය සහ යුද හමුදාව රඳවා රැකවල් යොදා තිබිණි. සිවිල් ඇඳුමින් සැරසුණු හමුදා භටයන් ගස් කැපීමට උදවු කරනු දක්නා ලදී. සත්‍යග්‍රහයට සහභාගි වීම සඳහා ගමන් කරමින් සිටි පිරිසට එරෙහිව එල්ල කරන ලද හිංසාවාදී ක්‍රියා නතර කිරීමට පොලිසිය හෝ යුද හමුදාව හෝ කිසිම තැනක් නොදැරූහ.
මේ අවස්ථාවේදී ද ජේ.ආර්. සංකේතාත්මක ජයග්‍රහණයක් ලැබුවේය."

ජේ.ආර්. අත්තනගල්ලේ මැතිනියගේ තියරියට කීවේ අත්තනගල්ල ධර්මය කියලාය. හම්බන්තොටට ආ මන්ත්‍රින්ට ගහපු ගැහිල්ලෙන් පේන්නේ දැන් අත්තනගල්ල ධර්මය වෙනුවට හම්බන්තොට ධර්මය ආදේශ වී ඇති බවය.
මැතිනිය අත්තනගල්ලට හතුරෝ එනවාට කොයි තරම් බයද මහින්ද හම්බන්තොටට හතුරෝ එනවාට එයිටත් වඩා බයය. මහින්ද හම්බන්තොට දේශපාලනය කළේ හතුරෝ මර්දනය කොට නොව හතුරෝ දමනය කර ගෙනය.

1994 පොදු පෙරමුණු ආණ්ඩුව බලයට ආ විට ප්‍රේමදාසගේ පුතා සජිත් හම්බන්තොටට පත් කරන්න තීරණය කළ විට මහින්ද නොසන්සුන් විය. ඒත් මහින්ද ඔළුව පාවිච්චි කරලා ගේම ගැහුවේය. එකල සිටම සජිත් සහ රනිල් අතර ප්‍රශ්නයක් තියෙන බව මහින්ද දැන සිටියේය. ප්‍රශ්නයට මුල සජිත් පියගෙන් උරුම වන මැද කොළඹ ආසනයේදීම රනිල් ප්‍රතික්ෂේප කිරීමත් යොවුන් පෙරමුණ භාරදීම ප්‍රතික්ෂේප කිරීමත්ය. මහින්ද කළේ එවකට ජනාධිපතිනි චන්ද්‍රිකාව වට්ටන්න සහාය දෙන්නම් කියා රනිල්ට ළංවී රනිල් ලවා සජිත්ට ගස්සවා හම්බන්තොට සජිත්ව දුර්වල කිරීමය. රනිල්ද මහින්දගේ මේ ගැටයට හසුවිය. හම්බන්තොට සිදුවන දේශපාලන මැරකම් ඉදිරියේ රනිල් මුල සිටම මුනිවත රැක්කේය. වරක් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එජාප සභාපති ඝාතනය වූ විට රනිල් නොදැක්කා වගේ හිටියේය. මෙය මහා භයානක ප්‍රවණතාවක් කියා ඝාතනයට එරෙහිව හම්බන්තොට සත්‍යග්‍රහයක් පවත්වන්න රනිල්ව එකඟකර ගත්තේ එවකට එ.ජා.ප. දකුණේ නායක රොනී ඩී. මෙල්ය.
හම්බන්තොට සතුරු බල මුළු බිඳ රාජපක්‍ෂලාට බලය පතුරුවන්න රනිල් මහින්දට දුන්නේ දේශපාලන ලයිසන් එකකි. රනිල් හිතුවේ ලංකාවේම ජනාධිපතිකම හිමි වෙනවා නම් හම්බන්තොට නැති වුණාට කමක් නැත කියාය. වරක් සජිත්ගේ බිරිය හම්බන්තොට ඡන්ද සටනේ යද්දී මැරයකුගේ වෙඩි පහරකින් බේරුණේ අනූනවයෙනි. එ.ජා.ප.ය ඒ සම්බන්ධයෙන් නිවේදනයක්වත් නිකුත් කළේ නැත. 1999 දකුණු පළාත් සභා ඡන්දයේ හම්බන්තොට අපේක්‍ෂක චණ්ඩි මල්ලීගේ මැරකම් සහ දූෂණ ක්‍රියා ගැන මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම් වාර්තා කරද්දී රනිල් ඒ වාර්තා හමස් පෙට්ටියට දැම්මේය.

'මේ වේලාවේ මහින්දට ගහන එක චන්ද්‍රිකාට වාසියි...'

රනිල් හිතුවේ එහෙමය. වෙනතක් තබා මහින්දට තර්ජනයක් වේ යැයි කියා රනිල් සජිත්ට හම්බන්තොට දිස්ත්‍රික්ක නායකකම දුන්නේත් නැත. හැබැයි 2000 මහ මැතිවරණයේදීත් 2001 මහ මැතිවරණයේදීත් මහින්ද හම්බන්තොට දිස්ත්‍රික්කය පරාජයට පත්විය.
රනිල් දුන්න ලයිසන් එක නිසා මහින්දට හම්බන්තොට දේශපාලන හතුරෝ එක්ක සටන් කරලා පුරුදු නැත. සජිත්ව මහින්ද දුටුවේ තමාගේ මිතුරු රනිල්ගේ හතුරෙක් ලෙසය. මහින්ද හිටියේ හම්බන්තොට හිටපු මන්ත්‍රි ආනන්ද කුලරත්න ඇතුළු හැමෝම එක්ක මිතුරුවය. ඔවුන් මහින්දට එරෙහිව වචනයක් කතා කළේ නැත.
මහින්ද ජනාධිපති වූ පසු අනුගමනය කරන්නේත් මේ හම්බන්තොට තියරිය නොහොත් හැමෝම ෂේප් කරගෙන ඉන්නා තියරියය. 2010 ජනාධිපතිවරණයේදී සජිත්ගේ රැස්වීමකට යමින් සිටි බසයකට බෝම්බ ගසා බසයේ සිටි වයස්ගත මවක් ඝාතනය විය. 2011 පළාත් පාලන ඡන්දයේදී සජිත් සහභාගි වන රැස්වීමකට බෝම්බ ප්‍රහාර එල්ල කොට ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි ගත්තේය. මැතිවරණ කාලවලදී මෙවැනි සිද්ධි ඇරෙන්න හම්බන්තොට මහ ලොකු සිද්ධි සිදු නොවූයේ එ.ජා.ප.ය හම්බන්තොටට බැස්සේ නැති නිසාය.

2010 මහ මැතිවරණයට පසු රනිල් හම්බන්තොට එකම දේශපාලන රැස්වීමකටවත් සහභාගි වී නැත. 2010ට පසු සහභාගි වූ පළමු රැස්වීම මෙවර දකුණු පළාත් සභා රැස්වීමය. එසේම එජාප මන්ත්‍රිවරුන්ගේ රැස්වීමක් හෝ විරෝධතා ව්‍යාපාරයක් සම්මන්ත්‍රණයක්වත් සිරිකොතින් හම්බන්තොට සංවිධානය කොට නැත.
හම්බන්තොටට කොළඹින් මන්ත්‍රි කණ්ඩායමක් ආ පළමු අවස්ථාව මෙයය. එතෙක් එ.ජා.ප මන්ත්‍රිවරුන්ගේ රැස්වීමක් හෝ විරෝධතා ව්‍යාපාරයක්, සම්මන්ත්‍රණයක්වත් සිරිකොතින් හම්බන්තොට සංවිධානය කොට තිබුණේ නැත.
ඡන්දෙ කාලයේ මේ මන්ත්‍රිවරු හම්බන්තොට ගිහින් බැහැල වැඩ කළා නම් රාජපක්‍ෂලාව හම්බන්තොටින් තවත් වට්ටවන්න තිබිණි. ඔවුන් හම්බන්තොට ගියේ සජිත් රාජපක්‍ෂලාගේ ඡන්ද ප්‍රතිශතය වට්ටලා එ.ජා.ප. ඡන්ද ප්‍රතිශතය වැඩි කරවල හම්බන්තොට රාජපක්‍ෂ බිය නැති කළාට පසුවය.

රාජපක්‍ෂලාත්, ඔවුන්ගේ ආධාරකරුවොත් ආවේශ කර ගන්න හොඳම තැන හම්බන්තොට බව ඔවුන්ට වැටහෙන්නට තිබුණේ මීට කලින්ය. එහෙම වැටහුණා නම් කළ යුතුව තිබුණේ මෙය නොව පක්‍ෂය විසින් හම්බන්තොට මහා සත්‍යග්‍රහයක් පැවැත්වීමය. දැන් වුණත් පරක්කු නැත.
මහින්ද වගේම ඔහුගේ ආධාරකරුවනුත් ඉන්නේ හම්බන්තොට ඡන්ද ප්‍රතිඵලයෙන් අන්දමන්ද වෙලාය.
'පාරවල් හදලා එයාර් පෝට් හදලා, වරායවල් හදල දීලත් මිනිසුන්ට කෙළෙහිගුණ නැහැ...'
ඔවුන් ඡන්ද ප්‍රතිඵලය ගණන් හදමින් හූල්ල හූල්ලා එසේ කියනවා විය යුතුය.

හම්බන්තොටට මැස්සෙක් ආවත් දැන් බය වෙන්නේ ඒකය. අද හම්බන්තොට ආණ්ඩුවේ ආධාරකරුවන් කරන්නේ මැස්සාගෙන් රජ්ජුරුවෝ ආරක්‍ෂා කර ගන්න කඩුව අතට ගත් වඳුරා කළ දෙයය.
ගැන මම ආඩම්බර වෙනවා. අද ආණ්ඩුව කරගෙන යන ආහාර නිෂ්පාදන සංග්‍රාමයට විරුද්ධව ගෙන යන මේ සත්‍යග්‍රහ ව්‍යාපාරයට අත්තනගල්ලේ ජනතාව ඉඩ නොදෙන බව දැන් තමුන්නාන්සේලාට හොඳට පැහැදිලි වෙනවා ඇති.

ජාතික රාජ්‍ය සභාව - හැන්සාර්ඩ්
11.12.1973

මේ පාර්ලිමේන්තු සිද්ධිය මතක් වුණේ යූ.ඇන්.පී. මන්ත්‍රිවරු පස්දෙනකු ලාල්කාන්ත කීව රාජ අගනුවර නොහොත් රාජපක්‍ෂ බළකොටුවට ගිහින් සිද්ධ වුණ වින්නැහිය අහද්දීය.
'ඇයි යූ.ඇන්.පි.ය පක්‍ෂයක් ලෙස හම්බන්තොට ගියේ නැත්තේ...?'
මන්ත්‍රිවරුන් පස් දෙනාගේ වීරකම අගය කරන ගමන් හැමෝම අහන ප්‍රශ්නය ඒකය.

ජේ.ආර්. අත්තනගල්ලේ සත්‍යග්‍රහයක් තියන්න තීරණය කළේ ආවාට ගියාට නොවේ. අගමැතිනි, මැතිනිය ආවේශ වන නිලය අල්ලලා ඇය ලවාම ඇයව යකින්නක් කොට රටට පෙන්වන්නටය. තමන් අත්තනගල්ලට ගොස් සත්‍යග්‍රහ කිරීම මැතිනිය ඉවසන්නේ නැති බවත් එය ඇයට කරන මදිපුංචිකමක් ලෙස ඇය සලකන බවත් ජේ.ආර්. දැන සිටියේය. සත්‍යග්‍රහ ව්‍යාපාරය අත්තනගල්ලට ගෙන යන්න ජේ.ආර්. තීරණය කළේ ඒ නිසාය. මේ ඒ ගැන ජේ.ආර්. චරිතාපදානයේ සඳහන් කතාවය.

"තුන්වැනි සත්‍යග්‍රහය අත්තනගල්ලේ පැවැත්වෙන බව ජේ.ආර්. නිවේදනය කෙළේය. ස්වකීය ඡන්ද කොට්ඨාසය තුළ පිහිටි පැරැණි විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසුව ආරම්භ වීමට නියමිතව තිබුණු මේ සත්‍යග්‍රහය පිළිබඳ පුවත කන වැකුණු වහාම බණ්ඩාරනායක මහත්මිය එය තමාට ඉවසිය නොහෙන අවඥාවක් ලෙස සැලැකුවාය. සත්‍යග්‍රහය පැවැත්වීමට නියමිත දින අත්තනගල්ලට ළඟා වන හැම පාරක්ම අවුරා තිබෙනු සත්‍යග්‍රහයට සහභාගි වෙමින් පා ගමනේ යෙදුණු පිරිසට දැකගත හැකිවිය. පාරවල් දෙපස තිබුණු සෙවණ ගෙන දුන් විශාල ගස් බිම හෙළා පාරවල් අවුරා තිබිණි. සත්‍යග්‍රහයට ගෙන යන පිරිස ප්‍රවාහනය කළ රථ වාහනවල වීදුරු කඩා බිඳ දමන ලදුව, ඒවායේ ටයර්ද කපා දමනු ලැබීය. පාගමනට සහභාගිවීමට වාහනවලින් ගිය පිරිසට ගල්මුගුරුවලින් පහරදී ඔවුනට තුවාල සිදු කරන ලදී. බොහෝ තැන්වල රජය සතු ට්‍රැක්ටර්, බුල්ඩෝසර් ආදිය හරස් කොට මාර්ග අවුරා තිබිණි. මාර්ගවල තැන් තැන්වල පොලිසිය සහ යුද හමුදාව රඳවා රැකවල් යොදා තිබිණි. සිවිල් ඇඳුමින් සැරසුණු හමුදා භටයන් ගස් කැපීමට උදවු කරනු දක්නා ලදී...."
විශේෂයෙන්ම අගමැතිනියගේ කොට්ඨාසයේ කොළඹ - මහනුවර ප්‍රසිද්ධ මහාමාර්ගයක මෙවැනි තත්ත්වයක් ඇති වුණු විට ස්වදේශිකයන් තුළ පමණක් නොව විදේශිකයන් තුළද ඇතිවන හැඟීම ගැන අමුතුවෙන් විස්තර කරන්නට වුවමනා නැතැයි මා කල්පනා කරනවා. මෙය මහජන විරෝධයක් හැටියට පෙන්වා දෙන්න වෑයම් කරනවා නම් සාමය රැකීම සඳහා ක්‍රියා කිරීම පොලිසියේ යුතුකමක්. එහෙත් පුද්ගලයන්ට ත්‍රස්තවාදී ක්‍රියා කරන්නට ඉඩදී පොලිසිය පැත්තකට වී බලාගෙන සිටිනවා නම් තත්ත්වය කොතරම් දරුණුද, ඒ වාගේම වැරැදිද කියා තේරුම් ගත යුතුව තිබෙනවා.