Hot!

රට පිටි කිරි වලට ආලේ ඇයි තවම ගොන් රාළේ



පිටි යනු ත්‍රස්‌තවාදයක්‌ බව කීවේ මෙරට දේශපාලනඥයන්මය. මූලිකව මේ ත්‍රස්‌තවාදය පැන නැගෙනුයේ පාන් පිsටි අරභයා වුවද මේ වනවිට කිරිපිටි හරහා ජාත්‍යන්තර ත්‍රස්‌තවාදයකට මුහුණ දීමට ජනතාවට සිදුව තිබේ. එය එල්.ටී.ටී.ඊ. ය සමග කළ සටනටත් වඩා භයානක එකකි.

ආසන්නතම උදාහරණය දැනට මාස කිහිපයකට උඩදී, විෂ සහිත යෑයි "කිරි පිටි" සම්බන්ධයෙන් පැන නැඟි ප්‍රශ්නය ගත හැකිය. එහිදී රට පුරාම "පිටි කිරි" වෙනුවෙන් බලවත් විරෝධයක්‌ද, එය වෙනුවට මේ රටේ සාරවත් පිරිසිදු එළකිරි (දියර කිරි) භාවිතයට ජනතාව හුරු කළ යුතු යෑයිද විශාල කතාබහක්‌ ගොඩනැගිණි. අවසානයේදී සිදුවූයේ තිබුණාටත් වඩා සාරවත් ලෙස "කිරි පිටි" ම වෙළෙඳපොළට නිකුත් කිරීමය. 2013.08.30 වැනි දින කෙහෙළිය රඹුක්‌වැල්ල අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේ "කිරි පිටි ප්‍රශ්නයේදී" ආණ්‌ඩුව ප්‍රමාණය ඉක්‌මවා ගිය මුත් දැන් ඒ තත්ත්වය නිවැරැදි කරගනිමින් සිටින බවය. ඒ නොකියා කියන්නේ කිරිපිටි ලංකාවට ගෙන්වීමෙහි කිසිදු අර්බුදයක්‌ ඇතිකරගත යුතු නැති බවය.

එහෙත් කිරිපිටි සමාගම් එතරම් පරාජයක්‌ අත්පත් කරගෙන සිටියදී පවා, දියර කිරි මෙරට ප්‍රචලිත කරන්නට ක්‍රමවේදයක්‌ කළමනාකරණය කර ගැනීමේ අවස්‌ථාව ආණ්‌ඩුව ඉතා පහසුවෙන් මඟ හැරියේය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සියලු කිරිපිටි සමාගම් පසුගිය දිනවල "චණ්‌ඩි පාට්‌" පෙන්වන්නට පටන් ගත්තේ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක්‌ ඇති කරමිනි.

අභ්‍යන්තර වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය කීවේ සැඟවූ කිරිපිටි සොයා වැටලීම් සිදුකරන බවය. එහෙත් ප්‍රශ්නයට එය කඩිනම් විසඳුමක්‌ වූයේ නැත.

කිරිපිටි සමාගම් රජයට කීවේ කිරිපිටි කිලෝවක්‌ රුපියල් 250 කින් ඉහළ දමන ලෙසය. රටට "විස කිරි" ගෙනා සමාගම්ද ඒ අතර ප්‍රමුඛය. "කිරිපිටි පැකට්‌ටුවේ අහවල් විෂ රසායනිකය අඩංගු නැතැයි" ලේබල් අලවා තිබුණද රජයෙන් රටේ ජනතාවගෙන් රුපියල් 250 ක වැඩිවීමක්‌ ඉල්ලන්නේ "වස පැකට්‌ටුවකට" බව අවධාරණය කළ යුතුමය. රටේ ජනතාවද මෙහිදී අමතක කරන කාරණයක්‌ තිබේ. ඒ පසුගිය ආසන්න කාලයේ මේ හේතුව නිසාම සියලු කිරිපිටි වර්ජනය කරන තැනක ඔවුන් සිටි බවය. බොහෝ දෙනකු රටේ පිළිගත් රටට ආදරය කරන විද්වතුන්ගේ උපදෙස්‌ පිළිපැද දියර කිරිවලට හුරුවෙමින් සිටියහ. රජයට කළමනාකරණය කරන්නට නොහැකි වුණේ එම ක්‍රියාවලියයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පෝෂණවේදීන් මේ කාරණය අතරමඟ විශාල සටනක්‌ දියත් කර තිබෙන මොහොතක, නවසීලන්තය සිය සමාගම අකුලා ගන්නට සූදානමින් සිටි මොහොතක රජය වහා මැදිහත් වී එම කිරිපිටි නැවත ගෙන්වන්නට "තද" තීරණයකට එළඹීමම කිරිපිටි සමාගම්වලට මේ "හයි පාට්‌" දැමීමට උත්තේජන සපයා ඇත.

මීට පෙරද අප සිහිපත් කළ කාරණා නැවත සිහිපත් කළ යුතුය. මෙරට වාර්ෂික කිරිපිටි අවශ්‍යතාව ටොන් අනූපන් දහසකි. එයින් මෙරටට ආනයනය කරන ප්‍රමාණය ටොන් අසූතුන් දහසකි. ඒ අනුව වාර්ෂිකව මෙරට කිරි සහ ඒ ආශ්‍රිත විවිධ නිෂ්පාදනයන් මෙරටට ගෙන්වීමට ඩොලර් මිලියන හාරසියයක පමණ මුදලක්‌ රජය වැය කරයි. මෙහි වඩාත් වැදගත් කාරණය වන්නේ මෙරට දිස්‌ත්‍රික්‌ක විසි හතරකින් විසි එකකම කිරි නිෂ්පාදනය කරන වකවානුවක විශාල මුදලක්‌ වැය කරමින් පිටරටින් පිටි කිරි ගෙන්වීමට රජය ක්‍රියා කිරීමය.

අප සාමාන්‍යයෙන් භාවිත කරන පිsටි කළ කිරි ග්‍රෑම් 400 ක පැකට්‌ටුවක ඇත්තේ දියර කිරි ලීටර් 3.5 කි. පිටි කළ කිරි නිෂ්පාදනයේදී 200ජ අධික උෂ්ණත්වයකට හා අධික පීඩනයට භාජනය වන හෙයින් එහි ඇති ප්‍රොaටීන හා විටමින් විනාශ වීම වැළක්‌විය නොහැක්‌කකි. නිෂ්පාදකයන් විසින් කරන්නේ ඒ අවශ්‍ය විටමින් හා ප්‍රොaටීන ප්‍රමාණයක්‌ පවත්වාගෙන යැම සඳහා පිටිකළ පසු එම ද්‍රdවණයට කෘතිම විටමින්, ප්‍රොaටීන හා සත්ත්ව මේදය එකතු කිරීමය. වෙළෙඳපොළේ ඇති දියර කිරිවල මෙම රත් කිරීම නිසා ඇතිවන ප්‍රොaටීන වෙනස්‌කම් නිසා රසයේද වෙනස්‌කම් ඇතිවේ. ඒ හේතුවෙන්ම වෙළෙඳපොළේ ඇති ජීවානුහරිත කිරිවලට, චොකලට්‌ හෝ වැනිලා ආදී රසකාරක යෙදීම සිදුවේ. වෙළෙඳපොළේ ඇති පැස්‌ටරිකරණය කරන ලද කිරිවල පෝෂණ ගුණය නැවුම් එළ කිරිවල පෝෂණ ගුණය හා සමානය. ඒවා 70 C පමණ රත්කරන බවත් බැක්‌ටීරියා පමණක්‌ විනාශ වී තිබේ. ඒ අනුව පෝෂණවේදීන් තර්කානුකූලව දක්‌වා සිටින්නේ වඩාත්ම පෝෂණ ගුණයෙන් යුක්‌ත වන්නේ නැවුම් එළකිරි බවය.

විශේෂත්වය වන්නේ මේ කිරිපිටි සමාගම් විසින් ගෙන යනු ලබන "කිරි පිටි මගින් ලැබෙනවා යෑයි කියන "පෝෂණය" ගැන ඇදබාන අමු බේගල් රටේ ජනතාවට ද ඇත්ත වීමය. ආකර්ෂණීය වෙළෙඳ දැන්වීමකින් ජනතාව ගොනාට අන්දවා කිරිපිටි විකුණන්නන්, ඒවා නිෂ්පාදනය කරන රටවල භාවිත කරන්නේ නැවුම් දියර කිරිය.

පිටි කිsරිවල විෂ සහිත යෑයි සඳහන් කළ දිනවල සාරවත් ලෙස ගෙනගිය දියර කිරි සම්බන්ධ ප්‍රචාරණයන් හිටි හැටියේම නතර විය. කිරි පිටි වෙනුවට දියර කිරි (එළ කිරි) වීමේ ඇති වැදගත්කම රටට හෙළිකරන ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව මේ මොහොතේ හෝ ආරම්භ කළ යුත්තකි.

අපේ රටේ කිරි ගව කර්මාන්තය 1978 වර්ෂය දක්‌වාම පැවතියේ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය යටතේය. මේ රට පවතින ආර්ථික ක්‍රමයට යටත්වීමත් සමගම එය වෙනත් ආයතනයක්‌ යටතට පත් විණි. වර්තමානයේ කැබිනට්‌ අමාත්‍ය ධුරයක්‌ද සහිතව පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයක්‌ තිබියදී පවා මේ කිරි පිටි ත්‍රස්‌තවාදයට එරෙහිව කටයුතු කරන්නට වැඩපිළිවෙළක්‌ නොයෙදීම රටේ අවාසනාවකි.

කිරිපිටි සමාගම් මගින් ගෙන යන ප්‍රොaඩාවට අප මෙලෙස හසුවී සිටියද අතීතයේ අපේ කිරිපිටි අවශ්‍යතාවයෙන් 80% ක්‌ම අප සපුරා ගත්තේ දේශීය කිරි නිෂ්පාදනයෙන් බව සිහිපත් කළ යුතුය. අපේ රටේ නැවුම් එළකිරි වලින් මෙරට කිsරි අවශ්‍යතාව සපිරීමට දේශීය ව්‍යාපාරිකයන් රැසක්‌ ඉදිරිපත් වී සිටියද ඔවුනට නිසි ප්‍රචාරණයක්‌ හෝ ලබාදෙන්නට හෝ වෙළෙඳපොළ සකස්‌ කර දෙන්නට ආණ්‌ඩුව උත්සාහ ගන්නා බවක්‌ද පෙනෙන්නට නැත.

දේශීය වශයෙන් ප්‍රමාණවත් අයුරින් කිරි නිෂ්පාදනය කළ නොහැකිය යන්නද බහු ජාතික සමාගම් මගින් වපුරන ලද මිත්‍යාවකි.

පැල්වත්ත (දේශීය) කිරි නිෂ්පාදන සමාගම මේ වන විට දෛනිකව කිරි ලීටර් 100,000, 125,000 ක්‌ අතර ප්‍රමාණයක්‌ නිෂ්පාදනය කළත් ඒවා දියර කිරි වශයෙන් අලෙවි කිරීමට නොහැකි වී ඇත. ඒද බහු ජාතික සමාගම්වල පදයට නටන්නට රටේ බලධාරීන්ද පසුබට නොවන නිසාය. හයිලන්ඩ් (දේශීය) ආයතනයේ තත්ත්වයද ඊට දෙවැනි නැත. මෙම දිරි ගැන්වීම් අවමය හා පිරිවැය අධික වීම නිසා සිය නිෂ්පාදන කටයුතු නවත්වා දමන්නටද සූදානම් වූ කාලයක්‌ තිබිණි. මෙවැනි සමාගම් බහුජාතික සමාගම් වලට අභියෝගයක්‌ වන ලෙස සංවර්ධනය කරන්නට ද කිසිවකුටත් වුවමනා නැත.

මේ වනවිට රටේ කිරි ඇති තරම් තිබියදී පිටරටින් කිරි ගෙන්වන්නට, සැලසුම් සකස්‌ කරන්නේ රටේ කිරි නිෂ්පාදකයන්ගේ කිරි ගොවීන්ගේ පාර්ශ්වය ගැන නොසිතා රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව ගැන නොසිතන "මී හරක්‌" නිසා බව සිහිපත් කළ යුතුව තිබේ.

උදේශ සංජීව ගමගේ

දිවයින