Hot!

වැට් බදු වංචා සිරකරුවෙකු නිදහස්වීමේ ප්‍රීතියට බන්ධනාගාරයෙන් පාටියක්

 

walikada
රුපියල් කෝටි හාර සියයේ වැට්‌ බදු වංචාව සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිටි සෙල්ලයියා සුබ්‍රමනියම් නම් පුද්ගලයෙකු ඊයේ (03 දා) බන්ධනාගාරයෙන් නිදහස් විය. එම නිදහස්වීමේ ප්‍රීතිය සමරමින් ඉහළම බන්ධනාගාර නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ කෝවිල් වාට්‌ටුවේ විශේෂ උත්සවයක්‌ පවත්වා තිබෙන බව වාර්තා වේ.


එම මහා පරිමාණ වැට් බදු වංචාවේ ප්‍රභලයෙකු වූ සෙල්ලයියා සුබ්‍රමනියම් මාස 13 ක දඬුවම් කාලයක් හිමි වී තිබුණි.
ඔහු නිදහස්‌ වීම නිමිත්තෙන් ඊයේ වැලිකඩ බන්ධනාගාරයේ කෝවිල් වාට්‌ටුවේ පැවැති උත්සවය අතරතුර ඉහළ බන්ධනාගාර නිලධාරියා ඇතුළු පිරිස්‌ එක්‌ව සුබ්‍රමනියම්ට සෙත් පතා එහි ඇති කෝවිලේදී විශේෂ පූජාවක්‌ද පවත්වා ඇතිබව මාධ්‍යට වාර්තා වේ. එම පූජාවෙන් අනතුරුව ඊයේ 3 දා පෙරවරු 8.30 ට පමණ වන විට මොහු නිදහස්‌ කිරීම සඳහා අධිකරණය වෙත රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාර ගේට්‌ටුව වෙත රැගෙන ඒම සඳහා කටයුතු කළ බවද බන්ධනාගාර නිලධාරියෙක්‌ මාධ්‍ය වෙත පවසා තිබුණි.
 Lankanewsweb