Hot!

ලසන්ත මැරුවේ කව්ද?


සුනන්ද දේශප්රිය


ලසන්ත මැරුවේ හිටපු හමුදාපති සරත් පොන්සේකා යැයි තමන්ට ජනාධිපති රාජපක්ෂ තුන් වතාවක් ම කී බව ලසන්තගේ වැඩිමහල් සහෝදරයාවන ලාල් වික්රමතුංග ජන මාධ්යතයට කීවේ ලසන්තගේ මරණයේ පස්වන අනුස්මරණය දවසේ ය. තුන් වතාව යනු වැදගත් සන්ධිස්ථානයකි. වෙන්දේසියක අවසන් ගණන තීරණය වන අවස්ථාව ය. තෙවරක් කී විට යමක් ස්ථිර වෙයි. ලාල් විකුමතුංග තෙවරක් යන වචනය පාවිච්චි කරන්නට ඇත්තේ එම අර්ථයෙන් විය යුතු ය. මේ බව ඔහු කියා ඇත්තේ පළමුවන වතාවට ය.  එසේ නමුත් කීවේ කවදා කොහිදී ද කියා ඔහු තවමත් කියා නැත. අවාසනාවකට මෙන් කිසිම ජනමාධ්යක් ඒ බව අසා හෝ නැත.


කවරකු හෝ කී පළියට තමන් විශ්වාස කරන්නේ නැත්නම් සාමාන්යයෙන් මෙවැනි ප්රිසිද්ධ ප්රකාශයක් කවරකු හෝ විසින් කරන්නේ ද නැත. බීබීසී සිංහල සේවයට කතා කරම්න් ලාල් විකුමතුංග කියා සිටියේ රටේ නායකයා සහ රටේ ආරක්ෂක අංශවල සේනාධිනායකයා ද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන ප්‍රකාශ තමන් බැරෑරුම් ලෙස සලකන බව යි.  එනමුත් සරත් පොන්සේකාට විරුද්ධව නඩු පවරන්නේ නැත්තේ ඇයි දැයි යන ප්රශ්ණයට සෑහීමකට පත් විය හැකි  පිළිතුරක් නුදුන් බව ද විකුමතුංග කියා තිබේ.

එම ප්රවෘත්ති සේවයට ම කතා කරමින් ජෙනරල් පොන්සේකා කියා ඇත්තේ  මෙයට පෙර ද තමා සිර ගත කිරීමේ රජයේ අවශ්‍යතාව ඉටු කිරීමට ලාල් වික්‍රමතුංග සහ ඔහුගේ පුවත්පතේ කතුවරිය සුදු කොඩි නඩුවට අදාලව බොරු සාක්ෂි ලබා දුන් බැව්න් මෙය ද එවැනි කතාවක් බව ය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම පොද්දල ජයන්ත සහ උපාලි තෙන්නකෝන් මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය සිදු වූයේ ජනතිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයාගේ ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ කල්ලියකින් බව තමා හමුදාපතිවරයාව සිටි අවදියේ සිට විශ්වාස කළ බව ද සරත් ෆොන්සේකා බීබීසී සිංහල සේවයට පවසා තිබේ. අත් අඩංඟුවට ගැනීමට  හැතියාව තිබුණ ද එම මිනීමරු කල්ලිය ඇල්ලීමට අවශ්‍ය පියවර ජනාධිපතිවරයා හෝ මේ ආරක්ෂක ලේකම්වරයා ගත්තේ නැතැයි ද ජෙනරල් පොන්සේකා පවසයි.

ලසන්ත විකුමතුංග ඝාතනය ශ්රී ලංකාවේ පමණක් නොව අන්තර් ජාතික වශයෙන් ද තිගැස්සීමක් ඇති කළ මිනී මැරුමකි. ජනමාධය නිදහසට එල්ල කළ මරු පහරකි.  කොළඹ කනත්තේ පැවැති  ඔහුගේ අවමඟුල උත්සවය අමතා කොළඹ රාජ්ය තාන්ත්රි ක ප්ර්ජාව වෙනුවෙන් පවා අදහස් දැක්වීමක් කෙරුණි. යුද සමයෙහි ජනමාධ්ය ට එරෙහිව දියත් කර තිබූ මර්දනයේ උච්චතම අවස්ථාවක් වූ  ලසන්ත ඝාතනය  විසංවාදි ජනමාධ්යටවේදීන්  පසු පස හමා එන මාරකයක් බවට පත් විය.

එනයින් ලාල් වික්ර මතුංග විසින් කරන ලද  ප්රකාශයේ වැදගත්කම අති විශාල ය :එසේ නමුත් පුදමයකට මෙන් මෙරට ප්රධාන ධාරාවේ ජන මාධ්ය මෙම ප්රකාශය පසු පස පන්නා ඇත්ත සොයා ගැනීමට තැත් දැරුවේ නැත.
මේ වනාහී ජෙනරල් පොන්සේකාට මෙන්ම ජනාධිපති රාජපක්ෂට එරෙහිව එල්ල වන බරපතල චෝදනාවකි. රාජපක්ෂ නායකත්වය දෙන  ශ්රී ලංකාන්ඩුවට එරෙහිව අන්තර් ජාතික වශයෙන් නැගෙන බරපතල චෝදනාවක් වන්නේ යුද සමයේ කෙරුණූ ඝාතන සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වා ඝාතකයින්ට දඩුවම් පමුණුවන්නේ නැති බව ය. දැන් ලාල් වික්රමතුංග අප හමූයේ කියන්නේ ජනාධිපති රාජපක්ෂ ජනමාධ්ය වේදී ලසන්ත වික්රමතුංග ඝාතනය කළ පුද්ගලයා ගැන දැන දැනම ඒ පිළිබඳව පියවර ගැනීමෙන් වැළකී සිටින බව යි.

ලාල් වික්ර්මතුංගගේ සහ සරත් පොන්සේකාගේ ප්රකාශයන්ට සතියක් ගත වී ඇතත් ජනාධිපති මාධ්ය ප්රකාශක විසින් ලාල් වික්රජමතුංග කළ එම ප්රකාශ බොරු යැයි කියා නැත.  මෙම දෙදෙනාගේම ප්ර කාශයන්හි එක් සමානත්වයක් තිබේ. එනම් මිනිමරුවන් අත් අඩංඟුවට ගැනීමට ජනාධිපති රාජපක්ෂ පියවර නොගත් බව යි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ බහුතරයක් රටවල් විසින් ජනාධිපති රාජපක්ෂ විසින් නායකත්වය දෙන ශ්රී ලංකාන්ඩුවට කරන චෝදනාව හරියට ම මෙය යි. එනම් රාජපක්ෂ පාලනය යුද සමයේ අපරාධයන්ට වග කිවයුතු ඝාතකයින් පිළිබඳ නිසි පරීක්ෂන පවත්වා දඩුවම් නොකරන බව ය. රාජපක්ෂ හිතවාදියකු ලෙස දැන් සැළකෙන ලාල් වික්රමතුංග සහ රාජපක්ෂ විරෝධියකු වන එවකට හමුදාපති වූ ජෙනරල් පොන්සේකා විසින් කර ඇත්තේ ද එම චෝදනාව ම ය.

ලාල් වික්රමතුංග සිය ප්රකාශය කෙලින් ම ජනාධිපති රාජපක්ෂට සම්බන්ධ කරයි. ජෙනරල් පොන්සේකා මෙම ඝාතනය සිදු වූ අවධියේ රාජපක්ෂවරුන්ගේ සිත් දිනා ගත් හමුදාපති ලෙස රාජ්යමයේ අභ්යවන්තරය දැන සිටි අයෙකි.  ලසන්ත ඝාතනය පිළිබඳ වගකීම රාජපක්ෂවරුන් විසින් එවකට හමුදාපති වූ ජෙනරල් පොන්සේකාට පිට පටවයි. ජෙනරල් පොන්රසේකා එම ඝාතනය මෙන්ම ජනමාධ්යවවේදීන්ට එරෙහිව එල්ල වූ මාරක ප්රහාර ගණනාවක් රාජපක්ෂ දෙබෑයන් මත පටවයි.

සරත් පොන්සේකා රාජපක්ෂවරුන්ගෙන් බිඳී දේශපාලනයට අවතීර්ණ වන තුරු ලසන්ත ඝාතන පරීක්ෂනය එක තැන රුදී තිබුණි. ලසන්තගේ ජංගම දුර කථනය ළඟ තබා ගෙන සිට අත් අඩංඟුවට ගත් නන්නත්තාර ගත පුද්ගලයකු හැර කිසිවකු අත් අඩංඟුවට ගැනුනේ නැත. එසේ නමුත් සරත් පොන්සේකාගේ දේශපාලන ආගමනයට ප්රතිචාරයක් වශයෙන් යැයි පෙනී ගිය පරිදි ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් හමුදා පිරිස් අත් අඩංඟුවට ගැනීම් පටන් ගැනුනි.

යුද හමුදාවේ විශේෂ බුද්ධ් අංශයකට අයත් වූ 17 දෙනෙකුගෙන් යුතු එම  පිරිසෙන් කොටසක්  ලසන්ත ඝාතනය දා සදහන් නොකළ විශේෂ රාජකාරියකට මුදා හැර තිබුණි. එමෙන්ම ලසන්ත ඝාතනයට යොදා ගත් බවට සැක කෙරුණු ජංගම දුරකථන පහක් මිලදී ගෙන තිබූ දෙමළ ජාතික ගරාජ හිමියකු වූ තිස් හය හැවිරිදි පිච්චෙයි ජේසුදාසන් ඒ වන විටත් අත් අඩංඟුවට ගෙන තිබුණි. තමා එම ජංගම දුර කථන මිලදී නොගත් බවත් සිය ජාතික හැදුනුම් පත හමුදා සෙබළකු සමඟ ඇසුරක් තිබූ අවධියෙහි නැති වූ බවත් ත්ර ස්ත විමර්ශන අංශයේ වධ හිංසා මැද ඔහු කියා සිටියේ ය. කන්දෙගෙදර පියවංශ නම් වූ උක්ත සෙබළා හමුදා බුද්ධි අංශයේ නිලධාරියකු විය. ඝාතනය වූ දා ලසන්ත සිය කාරය පදවා ගෙන ගිය පාරෙහි මෙම ජංගම දුර කථන හතරක් අදහස් හුවමාරු කර ගනිමින් ඔහු පසු පස පන්නා ගිය අත තිබූ බවට සැක කළ හැකි පටිගත වු  සාක්ෂි හමු විය. අනෙක් දුර කථනය නුගලගාඩ නගරයේ සිට ඝාතනය සම්බන්ධිකරණය කර තිබූ බව පෙනෙන්නට තිබුණි.

‍පොන්සේකා අත් අඩංඟුවට ගැනීමෙන් පසු ඉහත කී බුද්ධ් අංශ කන්ඩායම බාරව සිටි බ්රිගේඩියර් කැප්පිටිවලාන අත් අඩංඟුවට ගැනුනේ ද ලසන්ත ඝාතනයට සම්බන්ධ යැයි කියමිනි. එසේ නමුත් පසුව ඔහු නිදොස් කොට නිදහස් කෙරුණි.

අත් අඩංඟුවට ගැනුනු හමුදා බුද්ධ් අංශ සාමාජිකයින් ද වරින් වර නිදහස් කරන ලද අතර ඉතිරි වූයේ සාමාන්ය  ගරාජ හිමිකරුවකු වු පිච්චෙයි ජේසුදාසන් හා බුද්ධි අංශ නිලධාරී කන්දේගෙදර පියවංශ පමණි. 2011 මැයි මාසයේ දී අධිකරණය හමුවෙහි ප්රකාශයක් කළ පියවංශ කියා සිටියේ තමා ලසන්ත ඝාතනයට හවුල් වුයේ ජෙනරල් පොන්සේකාගේ නියෝග මක යැයි පාපෝච්චාරණය කරන මේ ත්රස්ත විමර්ශන අංශයේ ස්ථාන බාර නිලධාරී ප්රසන්න අල්විස්  තමන්ට බල කරන බවයි. එම පැමිණිල්ල පිළිබඳ පරික්ෂා කරනු වෙනුවට අධිකරණය පියවංශට ඇප ලබා දුන්නේ ය. 2013 සැප්තැම්බර් මාසයේ දී ඔහු සම්පූර්ණයෙන් ම නිදහස් කරන ලදී.

මේ අතර බල පුලුවන්කාරකමක් නොතිබූ එනමුත් යහපත් ශරීර සෞඛ්යක් සතු වූ  දෙමළ ජාතික පිච්චෙයි ජේසුදාසන් සිය හමුදා බුද්ධ් අංශ මිතුරා ඇප ලබා හරියට ම මසක් ගතවූ 2011 ඔක්තොබර 13 දා සිර ගෙදර දීම අස්වාභාවික මරණයකට ලක් වී තිබුණි. වසක් කැවුණූ අයකු මෙන් මුඛයෙන් සහ නාසයෙන් සෙම දමමින් ඇද වැටුනු ජේසුදාසන් දෙ දිනකට පසු මිය ගියේ ය. සියල්ල එතැනින් අවසාන විය.

ලසන්ත ඝාතනය පිළිබඳ පරීක්ෂන වාර්තා කිසිවක් වසර පහක් ගත වී තිබිය දී තවමත් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නැත. සියල්ල හමස් පෙට්ටියට දමා ඇති සෙයකි. 

තමා පසු පස මිනී මරුවන් රෑනක් එළවා එන බව කීමට පසු වසරකට පෙර ජනවාර් 08 දා ලසන්ත වික්රමතුංග  ජනාධිපති රාජපක්ෂගේ ජංගම දුර කථනයට දෙවතාවක් ම ඇමැතුම් ගෙන තිබුණි. නමුත් ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා බුදුන්වදිමින් සිටි බව පසුව වාර්තා විය. පුදුමාකර අවසානාවකට මෙන් සාමාන්යායෙන් කැරෙන පරිදි ජනාධිපති ලේකම්වරයකු හෝ විශ්වාසවන්ත ආරක්ෂකයකු හෝ එම දුර කථන ඇමැතුම් ගත්තේ නැත.

ලසන්ත සිය ජිවිතය පරදුවට තබමින්  රැක ගත් ලීඩර් පුවත්පත් ආයතනය දෛවොගත පරිදි ජේසුදාසන්ගේ මරනයෙන් වසරකට පසු  රාජපක්ෂවාදී ව්යාපාරිකයකුට මුදලට විකුණා දමන ලදී. රාජපක්ෂවාදී ව්යාපාරිකයකුට ලසන්තගේ ආත්මය රුඳි ලීඩර් පුවත් පත් ආයතන මුදලට හිලව් කළේ ලාල් වික්රමතුංග ය.

ජෙනරල් පොන්සේකා සිර ගත කිරිමට සාක්ෂි දුන් එහි  කතුවරිය ද පුවත්පතෙන් පළවා හරින ලද අතර ඇය ලංකාව හැර ගියා ය. ඇය කියා සිටියේ රාජපක්ෂවරුන්ගෙන් තමන්ට මරණ තර්ජන ඇති බව යි. ඉන් වසරකට පසු නව පාලනය යටතේ එහි නියෝජ්ය කතුවරිය වූ මන්දනා ස්මයිල්ට එල්ල වූ  තර්ජන හමූයේ ඇය ද සිය පවුල සමඟ රට හැර ගියා ය. ඇය ද කියා සිටියේ රජයෙන් තමන්ට මරණ තර්ජන ඇති බව යි‍. රාජපක්ෂවරුන් විවේචනය කරන්නේ යැයි කියා ලීඩර් පුවත් පත  දීර්ඝ කාලයක් ලිපි ලියූ ලේඛිකාවකගේ ලිපි පළ කිරීම නතර කර දැමුවා ය. 

පස් වසරකට පෙර රාජ්ය ත්රස්තවාදී ප්ර හාරයකට ලක්ව ලසන්ත මිය ගියේ ය. ඉන් අනතුරුව ඔහුගේ ආත්මය වූ පුවත්පත රාජජක්ෂවාදී ව්යා පාරිකයකු අතට පත් වීමෙන් යළි ඝාතනය විය. ඔහුගේ ජනමාධ්ය සගයින් දිගින් දිගටම රාජ්යක මර්දනයේ ගොදුරු බවට පත් වීමෙන් ඔහුගේ ජීවය නොනැවත ඝාතනය කෙරයි.

ඉන් සාක්ෂාත් වන්නේ ලසන්ත කායිකව ඝාතනය කිරිමෙන් නොනැවතී ඉදිරියට යන ආත්මීය ඝාතනය යි. 

මේ වනාහී වර්ථමාන ශ්රී  ලංකාවේ යථාර්තය යි. ඝාතකයා එකෙකු නොවේ. ඝාතනය සංස්කෘතියකි. එයට රුධිර පානය නැතිව පැවැතිය නොහැක. එනයින් ලසන්ත ඝාතනය වනාහී හුදෙක් කොකා ගැස්සූ හෝ ඊට අණ දුන් අයකුගේ කෲරත්වයක් ම පමණක් නොවේ. ඝාතනය නීතිය බවට පත් කර ගත් රටක මිනීමරු රාජ්යක සංස්කෘතියක විපාකයකි. ඝාතකයා ද සංස්කෘතිය ද එකකි. දෙකම නැති කළ  යුතු ය‍.

19.01.2014