Hot!

2014 ඔබේ ලග්නයට කොහොමද?

2014 වර්ෂය උදා වන විට විශ්ව කේන්ද්‍රයේ ග‍්‍රහ තත්වය අනුව ගුරු බුධ පරිවර්තන යෝගයක් ද ශනි සිකුරු පරිවර්තන යෝගයක් ද යෙදී ඇති අතර කුජ ගුරු බුධ අතර චතුරශ‍්‍ර යෝගයක් ද යෙදී ඇත. මේ අනුව ලොව පුරා රටවලට මිශ‍්‍රඵල දායකත්වයක් වැඩි වශයෙන් දක්නට ලැබෙනු ඇත.

සාමය සතුට වෙනුවෙන් කැපවී වැඩ කටයුතු කරන කණ්ඩායම් මෙන්ම කඩාකප්පල්කාරී ක‍්‍රියාවන්හි යෙදෙන කණ්ඩායම් ද ඉදිරියට එනු ඇත. රට රටවල් අතර සබඳතා ශක්තිමත් වේ. ආනයන අපනයන කටයුතු සාර්ථක අන්දමින් සිදු වන අතර වාණිජ අංශ තුළ කැපීපෙනෙන වර්ධනයක් ඇති වේ. කාන්තා ශුභසිද්ධිය සඳහා විවිධ සාර්ථක ක‍්‍රමෝපායයන් අනුගමනය කෙරෙනු ඇත. වසරේ ජුනි 19 දක්වා වූ කාලය තුළ යුධ කටයුතු උත්සන්න වීම ද කඩාකප්පල්කාරීන් ක‍්‍රියාත්මක වීම ද ගිනි භය යුධ කටයුතු රෝග පීඩා ආදිය බහුල වීම ද පවතින අතර ජුනි 19 න් පසු කාලය තුළ දී එම තත්වයන් මග හැරී ශුභ සිද්ධිය සඳහා කටයුතු කිරීමට සාමය උදෙසා විවිධ ක‍්‍රියාවන් හි යෙදීම සාම සාධක කමිටු මගින් ලෝක සාමය පවත්වා ගැනීම සඳහා මෙහෙයුම් කිරීම ආදී ශුභ ඵල ලැබෙනු ඇත. එමෙන්ම ආහාර ද්‍රව්‍ය සුලභ වනු ඇත. ආගමික නායකයින් පූජකයින් ආදීහු ලෝක සාමය වෙනුවෙන් යම් යම් ක‍්‍රියා මාර්ගවල යෙදෙනු ඇත. ආගමික නැඹුරුවක් ද ලොව තුළ ක‍්‍රියාත්මක වනු ඇත.

ලංකාවට බලපාන ග‍්‍රහ තත්වය අනුව ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපති ශනි බලවත් ව ත‍්‍රිකෝණගත වීම හා පරිවර්තන යෝගයකට සම්බන්ධ වීම මගින් රටේ ශුභ සිද්ධිය සඳහා කටයුතු අරඹන අතර ගමනාගමනය මාධ්‍ය කටයුතු මහජන සෞඛ්‍යය නගා සිටුවීමේ කටයුතු ආගමික කටයුතු තුළ කැපී පෙනෙන වර්ධනයක් ඇති වීම ආදී ශුභ ඵල ලැබෙනු ඇත. පොළොවේ වස්තු හමුවන අතර වටිනා මැණික් මතු වීමට ද හේතු වේ. ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ සුවිශේෂී වර්ධනයක් ඇති වේ. කාන්තා කටයුතු සංවර්ධනය වන අතර කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී ක‍්‍රම වේදයන් අනුගමනය කරමින් ඔවුන්ගේ සුරක්ෂිත භාවය සලසනු ඇත. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරන සමාජයක් දක්නට ලැබෙනු ඇත. අධ්‍යාපනය ක‍්‍රමවත් ලෙස සකස් කරන අතර සාර්ථක අධ්‍යාපනයක් ලැබීමේ භාග්‍යය දරුවන්ට හිමි වනු ඇත. වසරේ ජුනි 19 සිට නොවැම්බර් දක්වා කාලය තුළ වාසනාවන්ත දරු උපත් සිදු වනු ඇත. එම දරුවන් රටේ පාලකයන් නායකයන් වීමේ භාග්‍යය ලබන අය වෙති.

වර්ෂ උදාවේදී ලංකා කේන්ද්‍රයේ ග‍්‍රහ පිහිටීම අනුව රටට ශුභ දායක වසරක් ලෙස හැඳින්විය හැකි ග‍්‍රහ බල පිහිටා ඇත. රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන අතර රට සමෘද්ධිමත් වූ තත්ත්වයක් වෙත ගෙන යාමට කටයුතු කරනු ඇත. ආණ්ඩුව තුළ ආදර්ශමත් ලෙස කටයුතු කරන පිරිස් බහුල වන අතර මහජන ප‍්‍රසාදය හිමිවන පරිදි කටයුතු සැලසුම් කරනු ඇත. රටේ ආදායම් තත්වය ඉහළ යයි. විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට හැකි ය. නව කර්මාන්තශාලා ඉදි වන අතර මහජනයා විවිධ කාර්මික කටයුතු වෙත යොමු කිරීමේ සැලසුම් ක‍්‍රියාත්මක වේ. පවත්වාගෙන යන ව්‍යාපාර කටයුතු කර්මාන්ත ශාලා ආදිය නවීකරණය වීම ද සාර්ථක දියුණුවක් වෙත යොමු කරවීමට ද කටයුතු කරනු ඇත. ආණ්ඩුවේ ආදායම් තත්වය ඉහළ යයි. වාණිජ කටයුතු අධ්‍යාපනය වාරිමාර්ග කෘෂිකර්ම ගමනාගමනය මාර්ග කටයුතු ආදියෙහි කැපී පෙනෙන සංවර්ධනයක් ඇති වේ. දරුවන්ට ශුභදායක වසරකි. එමෙන්ම වාසනාවන්ත දරු උපත් සහිත වසරක් බැවින් වසරේ අග භාගය තුළ උපදින දරුවන් මෙම රටට දැයට වැඩ ඇති උසස් බුද්ධිමතුන් වනු ඇත. දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් සාර්ථක වැඩපිළිවෙළ  ගණනාවක්ම ක‍්‍රියාත්මක වන වසරකි. අධ්‍යාපනයේ සුවිශේෂී වර්ධනයක් ඇති කෙරෙනු ඇත. ආරෝග්‍යශාලා වැඩිහිටි නිවාස පුනරුත්ථාපන කඳවුරු ආදියෙහි තත්වයන් උසස් කරන අතර සුඛෝපභෝගී තත්වයට පත් කෙරෙනු ඇත.

unnamedමේෂ ලග්නය - අනපේක්ෂිත සාර්ථකත්වයක්
මේෂ ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තු නොවූ පරිදි සාර්ථකත්වය අත්කර දෙන ශුභදායක වසරක් වන 2014 වසර උදාවේදී අධික ශුභ ඵල ලබා දෙන පරිවර්තන යෝග දෙකක් ද යෙදී ඇති බැවින් පසු ගිය වසර තුළ පැවති කරදර බාධක ඉවත් වී යන අතර සමාජ සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් කීර්තිමත් ලෙස කටයුතු කිරීමට හැකි වේ. ආගමික නැඹුරුවක් සහිතව කටයුතු කිරීමට උනන්දුවක් දක්වන මෙම වසර තුළ සාර්ථකත්වය හා අවංකත්වය ඉස්මතු වන පරිදි කටයුතු කිරීමට පෙලඹෙයි. විදේශ චාරිකා විදේශගත වීම් ආදිය සම්බන්ධයෙන් පැවති බලාපොරොත්තු නොසිතූ අවස්ථාවන්හි දී ක‍්‍රියාත්මක වේ. ඉතාම සැහැල්ලූවෙන් කාලය ගත කිරීමට හැකි වනු ඇත. වසරේ මුල් කාර්තුව තුළ තීරණ ගැනීමේ දුර්වලතා පවතින බැවින් හදිසි තීරණ මගින් විවිධ ගැට`ථමය තත්වයන් නිර්මාණය වීමට ද නීතියට පටහැනි තීරණ මගින් ද`ඩුවම් ලැබීමට ද සිදුවන තත්වයක් පවතින බැවින් කල්පනාකාරී වන්න. 2014 ජුනි 19 න් පසු නව නිවසක් ඉදිකිරීමට අවස්ථාවක් හෝ ඉඩමක් මිලදී ගැනීමට අවස්ථාවක් ලබයි. කටයුතු සියල්ලම වාගේ ඔබගේ සිතැ`ගි පරිදි ඉටු වන මෙම වසරේ අග කොටස තුළ උපරිම මානසික සහනයක් ලබමින් කටයුතු කිරීමේ අවස්ථාව උදාකර ගනී.
ගෘහ ජීවිතය
තමන් අතින් සිදුවූ යම් යම් වැරදි නිවැරදි කර ගනිමින් කටයුතු කිරීමට දක්වන උනන්දුව මත වැඩි සාර්ථකත්වයක් අත්කර ගනී. සාමය සතුට වෙනුවෙන් කැපවීම් කරයි. විවාහක පවුල් තුළ සුහදතා පලූදු වන ආකාරයේ සිදුවීම් බහුල වන තත්වයක් පවතිනමුත් 2014 ජුනි 19 සිට පවුලේ සමගිය සාමය වර්ධනය වේ. විදේශ ගත වීම් මෙන්ම වන්දනා චාරිකා දානමය පුණ්‍ය කටයුතු ආදිය සඳහා අවස්ථාවන් කිහිපයක් ම සැලසෙනු ඇත. අමනාපකම් මගින් දුරස්වී සිටි ඥාතීහු මිතුරු වීම ද ඥාති සබඳතා ශක්තිමත් වීම ද මගින් උසස් මානසික සහනයක් ලබයි. විවාහ අපේක්ෂා ඉටු වන මුත් යම් යම් ගැටලූමය තත්වයන්ට මුහුණ පෑමට සිදු වීම් ද පවතිනු ඇත. සතුරු බලපෑම් වරින් වර මතුවන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.
රැකියාව
රැකියා සම්බන්ධයෙන් පැවති ගැටලූ නිරාකරණය වන අතර 2014 ජුනි 19න් පසු උසස් වීම් ස්ථාන මාරු සුහද මාරු ආදී අපේක්ෂා අභිමත පරිදි ඉටු වේ. රැුකියා කටයුතුවල කැපී පෙනෙන සාර්ථක වර්ධනයක් සිදු වේ. රාජ්‍යමය වෘත්තීන්හි යෙදී සිටින අයට විවිධ වරප‍්‍රසාද අත්කර ගැනීමේ අවස්ථා එළඹෙනු ඇත. විදේශ රැකියා අපේක්ෂා ඉටු වේ. දේශපාලන කටයුතුවල යෙදෙන අයට සමාජයෙන් ගෞරව සැලකිලි ලැබෙන අතර සමාජ කටයුතු මගින් මහජන ශුභසිද්ධිය සලසා දීමට ද කටයුතු කරනු ඇත. ව්‍යාපාර කටයුතුවල කැපී පෙනෙන සාර්ථකත්වයක් ඇති කර ගත හැකි වනු ඇත. වසරේ මැද භාගයෙන් පසු පැවති අඩු ලූහු`ඩුකම් සපුරා ගනිමින් අත්‍යවශ්‍ය භෞතික සම්පත්වලින්ද පරිපූර්ණ වන තත්ත්වයට පත්වනු ඇත. ස්වයං රැකියා ලෙස අලංකාර භාණ්ඩ නිෂ්පාදනය කාන්තා උපකරණ විසිතුරු භාණ්ඩ ආදී අත්කම් නිර්මාණ ආදියෙහි යෙදෙන අයට විශේෂ ලාභ දායී තත්වයක් මෙන්ම සාර්ථක වෙළඳපොළක් අත්කර ගත හැකි වේ.
අධ්‍යාපනය
අධ්‍යාපනයේ යෙදෙන අයට මෙම වසර තුළ ගැටලූ ආදියෙන් තොරව තම කටයුතු සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට ද තරග විභාග ආදියෙන් කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගැනීමට ද අවස්ථාව සැලසේ. ක‍්‍රීඩා කටයුතුවල යෙදෙන අයට සුවිශේෂී දක්ෂතා දැක්වීමට ද සම්මානයට පාත‍්‍රය වීමට ද අවස්ථාව සැලසෙනු ඇත. තාක්ෂණික අධ්‍යාපනය වෘත්තීය අධ්‍යාපනය ආදියෙන් විශේෂ වරප‍්‍රසාද අත්කර ගැනීමට හැකි වේ. තීරණ ගැනීමේ දී ගැටලූ මතුවන බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න.
ජය අංකය -  1,2,4,5,7,9    ශුභ දිනය -  ඉරිදා, අ`ගහරුවාදා, සෙනසුරාදා   ජය වර්ණය -  රතු, නිල්

වෘෂභ ලග්නය - ධන ලාභ ලැබිමේ අවස්ථාushaba
වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම වසර ශුභ ඵල දායකයි. මැණික් ව්‍යාපාරිකයන්ට වෙළඳ ව්‍යාපාරිකයන්ට විශේෂ ලාභදායී අවස්ථාවන් සඳහා භාග්‍යය ලබයි. ධනලාභ අත් වීමේ අවස්ථා බහුල වන අතර ආර්ථිකයේ විශේෂ වර්ධනයක් ඇති වේ. බොහෝ විට තීරණ ගැනීමේ දුබලතා මගින් යම් යම් වාසි දායක අවස්ථාවන් මගහැරී යාමට ඉඩ ඇති බැවින් තීරණ ගැනීමේ දී කල්පනාකාරී මෙන්ම බුද්ධිමත් වන්න. වැඩ කටයුතු අතර සිරවී ගත කළ කාලය බොහෝ දුරට අවම වී යන අතර සැහැල්ලූවෙන් කටයුතු කිරීමට අවස්ථාව ලබයි. ඉඩකඩම් ආදී දේපොළ සම්බන්ධයෙන් පැවති ගැටලූ නිරාකරණය වේ. කරන ලද ආයෝජනයන් මගින් බලාපොරොත්තු රහිත වරප‍්‍රසාද අත්කර ගැනීමට අවස්ථාවක් සලසනු ඇත. සතුරු කුමන්ත‍්‍රණ මගින් වැඩ කටයුතු අවුල් කරන තත්වයක් ද පවතින බැවින් සමාජ සම්බන්ධතා මගින් සතුරන් ඇති නොවන පරිදි සමාජ කටයුතුවල යෙදීමට ද බුද්ධිමත් තීරණ ගැනීමට ද උනන්දු වන්න. විනෝද චාරිකා පුණ්‍ය කටයුතු දානමාන කටයුතු ආදිය වෙත නැඹුරු වන මාසයකි. එමගින් යම් යම් වාසි දායක අවස්ථාවන් යෙදෙන බැවින් පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරයන් තුළ යම් ගැටලූමය තත්වයන් මතු වීමට අවස්ථාවක් යෙදෙන බැවින් හවුල් කරුවන් තුළ පවතින මානසික තත්වයන් කෙරෙහි අවබෝධයෙන් කටයුතු කිරීමට සැලකිලිමත් වන්න.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතය තුළ සැකය අවිශ්වාසය ගොඩනැගෙන තත්වයක් පවතින බැවින් එවන් ගැටලූ මතු නොවන පරිදි කටයුතු කිරීමට වග බලා ගන්න. ඉඩකඩම් සම්බන්ධ ගැටලූවක් පැන නගින අතර එමගින් පවුලේ ඥාතීන් අතර සුහදතා පලූදු විමට ද නීතිය ඉදිරියට යාමට ද හේතු වන තත්වයක් පවතී. ඥාතීන් අතර සුහදතා වර්ධනය කර ගැනීමට කටයුතු කිරීමෙන් ද බුද්ධිමතුන්්ගේ උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීමෙන් ද ගැටලූ අවම කර ගන්න. දරුවන්ගේ අකීකරු මුරණ්ඩු ගති සිතට කරදරයක් වනු ඇත. ගමන් බිමන් අධිකව යෙදෙන මෙම වසර තුළ ඒ සඳහා අධික මුදල් වැය වීමක් ද සිදු වේ. කලක් තිස්සේ සැලසුම් කරන ලද යම් කටයුත්තක් බලාපොරොත්තු රහිත ලෙස ව්‍යවර්ථ විය හැක. ගොඩනැගිලි ඉදි කිරීම් ඉඩම් සංවර්ධන කටයුතු ආදිය සඳහා දැක්වූ උනන්දුව අවම වන අතර එම කටයුතු කල් දැමීමට සිදු වේ. විවාහ වීමට බලාපොරොත්තු වන වෘෂභ ලග්න හිමියන්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත.
රැකියාව
වෘත්තීයමය වශයෙන් කරදර බාධක පැන නගින අතර සහනය සලසා ගැනීමේ මාර්ගයක් ද එළිපෙහෙළි වනු ඇත. වැඩ කටයුතු අතර සිරවී කාලය ගත කිරීමට සිදුවන තත්වයක් ද පවතින බැවින් සැලසුම් සහගත ලෙස කටයුතු කිරීමට උනන්දු වන්න. සාමුහික කටයුතුවලදී ගැටලූ නිර්මාණය වීම මගින් යම් යම් අය අතර මතභේද පැන නගින අතර අන් අයගේ විවේචනයට ලක් වීමටද හේතු වේ. තීරණ ගැනීමෙහිදී ඇතිවිය හැකි දුර්වලතා මත අධික ලෙස පාඩු සිදු වීම ද ප‍්‍රධානීන්ගේ දෝශ දර්ශනයට ලක් වීමට ද ඉඩ ඇත. නව රැකියා අපේක්ෂා ඉටු වන අතර දුර බැහැර රැකියා අවස්ථා සඳහා යාමට සිදු වනු ඇත. එමෙන්ම අධික ලෙස වෙහෙසකර වෘත්තීන්හි යෙදීමට සිදු වේ.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සඳහා දක්වන උනන්දුව ප‍්‍රමාණවත් නොවන තත්ත්වයක් පවතී. සැලසුම් සහගතව ක‍්‍රමවත්ව තම විෂය ධාරාව තුළ කටයුතු කිරීමට උනන්දු වන්න. මනසේ නොසන්සුන් බවක් මෙන්ම චිත්ත ව්‍යාකූලතා මගින් කටයුතු අවුල් වී යයි. මෙම තත්වයන් මගහරවා ගැනීම සඳහා සිත සන්සුන්ව තබා ගැනීමට උනන්දු වන්න. වසරේ අග භාගය ජුනි 19 න් පසු කාලය යම් සාර්ථකත්වයක් සඳහා අවස්ථා සැලසේ. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට බලාපොරොත්තු ඉටු කර ගැනිමට ද ඉලක්කයන් සපුරා ගැනීමටද හැකි වේ.
ජය අංකය -  6      ශුභ දිනය -  බදාදා, සිකුරාදා, ඉරිදා     ජය වර්ණය -  සුදු, ක‍්‍රීම්, අයිවරි

mithunaමිථුන ලග්නය - බලා‍පොරොත්තු සාර්ථක වෙයි
මිථුන ලග්නයෙන් උපන් ඔබට 2014 වසර අධික ලෙස ශුභ ඵල අත්කර ගත හැකි වේ. බලාපොරොත්තු සාර්ථක වන අතර පවත්වාගෙන යන නව ව්‍යාපාර කටයුතු සුවිශේෂී දියුණුවක් ලබයි. පැවති අඩු ලූහු`ඩුතා සපුරා ගැනීමට සහනදායක මාර්ගයක් එළි පෙහෙළි වෙයි. උගත් බුද්ධිමතුන්ගේ සහයෝගය මගින් විවිධ වාසිදායක අවස්ථාවන් සලසා ගැනීමට හැකි වේ. නව ව්‍යාපාර ඇරඹීමට ද ඉතාම සුදුසු වසරකි. කල් පසුවෙමින් පැවති බලාපොරොත්තු ඉටු වේ. ඉඩකඩම් සම්බන්ධයෙන් පැවති ගැටලූ විසඳී යයි. භූමිය සම්බන්ධ කටයුතුවල යෙදෙන අයට බලාපොරොත්තු අභිබවා සාර්ථකත්වයක් අත්කර ගැනීමට අවස්ථාව උදාවේ. මැණික් ව්‍යාපාරිකයන් ද මැණික් ගැරීම පතල් කැපිම් ආදියෙහි යෙදෙන අයට අධික වාසිදායක අවස්ථාවක් සඳහා භාග්‍යය උදාවේ. විදේශ සම්බන්ධ රැකියා ආනයන අපනයන කටයුතු විදේශ ව්‍යාපාර ආදියෙහි යෙදී සිටින ඔබට සුවිශේෂී වාසිදායක තත්වයක් අත්කර ගැනීමට හැකිවන අතර උසස් පුද්ගලයින් හඳුනා ගැනිම ද එමගින් අතිරේක වාසි අත්කර ගැනීමට ද හැකි වේ. ස්වයං රැකියා මෙන්ම විවිධ නිර්මාණ හැකියා ඇති අයට සුවිශේෂී අවස්ථාවන් මගින් සහනය සැලසෙනු ඇත.
ගෘහ ජීවිතය
ගෙදරදොර කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් කාලය මිඩංගු කිරීමට සිදුවන වසරකි. පවුලේ අය අතර සුහදතා අවම වී යන ලකුණු දක්නට ලැබෙන බැවින් මානසික සහනය අවම වීම ද පවුලේ සාමය සමාදානය වෙනුවෙන් කැප කිරීමෙහි යෙදීමට ද සිදු වේ. 2014 ජූලි 12න් පසු මෙම තත්වය වඩාත් උග‍්‍ර වනු ඇත. ගෙදරදොර සංවර්ධන කටයුතු සඳහා අවස්ථාවන් සපයා ගැනීමට නොහැකි වන අතර පවුලේ ඥාතීන් හෝ අසල්වැසියන් සමග ගැටලූ ඇති කර ගැනීම මගින් සුහදතා පලූදු වී යයි. දරුවන්ගේ හැසිරීම් මගින් මානසික පීඩාකාරී තත්වයක් ඇති කරවයි. විවාහ වීමට බලාපොරොත්තු වන මිථුන ලග්න හිමියන්ට සිතැ`ගි පරිදි සාර්ථක විවාහ අවස්ථා සඳහා වාසනාව උදාවේ. ඉතාම සුහදශීලී සහකරුවන් සහකාරියන් හමුවනු ඇත.
රැකියාව
ප‍්‍රබල ගැටලූවකින් තොරව රැකියා කටයුතු සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට වසරේ මුල් කාලය තුළ එනම් 2014 ජූලි 12 දක්වා කාලය තුළ හැකි වේ. ව්‍යාපාර කටයුතු ස්වයං රැකියා පුද්ගලික අධ්‍යාපනය ලබා දීම් ගුරු වෘත්තිය ආහාර පාන වර්ග සැපයීම් ආදී වෘත්තීන්හි යෙදී සිටින අයට මෙම වසර ඉතාම ශුභ දායක වන අතර බලාපොරොත්තු අභිබවා සාර්ථකත්වය සැලසෙන අතර 2014 ජූලි 12 සිට විවිධ ගැටලූමය තත්ත්වයන් බලපානු අතර කටයුතු අවුල් විමට ද තම සේවයේ ඇගයීම පහළ වැටීමට ද හේතු වේ. සහයෝගය දක්වන්නන් අතර විරෝධතා මතුවෙයි. නව රැකියා අපේක්ෂා ඉටු වීම ද වසරේ මුල් කාලය තුළ සාර්ථක ලෙස සිදු වේ. කෙසේ වෙතත් මිථුන ලග්න හිමියන්ට මුදල් සම්බන්ධ ගැටලූ අවම වන අතර තැන්පත් ධනය උසස් මට්ටමක පවත්වා ගැනීමට හැකි වේ.
අධ්‍යාපනය
අධ්‍යාපනයෙහි යෙදෙන මිථුන ලග්න හිමියන්ට 2014 ජුනි 19 දක්වා කාලය මගින් සාර්ථක ලෙස තම කටයුතු කරගෙන යාමට හැකිවේ. 2014 ජූලි 12න් පසු විවිධ ගැටලූ බලපාන අතර මානසික සහනය අවම වීම ද නේවාසික පහසුකම් සම්බන්ධ ගැටලූ පැන නැගීම ද ස්ථාන මාරුවීම මගින් කටයුතු අවුල් වීම ද බලපායි. අඩු ලූහු`ඩුතා මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවන තත්වයක්ද පවතින බැවින් කලකිරීමෙන් තොරව උසස් බලාපොරොත්තු සහිතව කටයුතු කොට ජයග‍්‍රහණ අත්කර ගන්න. කෙසේ වෙතත් දැනට ගුරු බුධ සඳු ග‍්‍රහ දශා අන්තර් දශා ගත කරන අයට අශුභතා අවම වන අතර අන් අයට ආගමික පරිසරයක් තුළ කටයුතු කිරීමෙන් අශුභ බලපෑම් මගහරවා ගැනීමට හැකි වේ.
ජය අංකය -  3,5    ශුභ දිනය -  බදාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා     ජය වර්ණය -  කොළ, කහ

කටක ලග්නය - අතිශය සුබ ඵල අත්වෙයිkataka
කටක ලග්නයෙන් උපන් ඔබට 2014 වසර අතිශය ශුභ ඵල අත්කර ගත හැකි වසරක් වේ. වසරේ මුල් කාලය හෙවත් 2014 ජුනි 19 දක්ව කාලය තුළ වැඩ කටයුතු සම්බන්ධයෙන් දරන උත්සාහයේ පමණට සාර්ථකත්වය අත්කර ගත හැකි වන අතර වෙහෙස නොබලා කටයුතු කොට බලාපොරොත්තු ඉලක්ක වෙත යොමු වන්න. 2014 ජුනි 19 සිට ගුරු ග‍්‍රහයා උච්ච ක්ෂේත‍්‍රගතව ලග්නයට පිවිසෙන බැවින් තම ව්‍යාපාර කටයුතු සඳහා නව  මුහුණුවරක් ගෙන දීමට ව්‍යාපාරික ඔබට හැකි වේ. කුමන වෘත්තියක යෙදී සිටියද අතිශය සාර්ථක ලෙස කටයුතු ඉටු කර ගත හැකි වන අතර උසස් වීම් සඳහා භාග්‍යය ලබයි. විදේශ සම්බන්ධ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන අයට ද විදේශ රැුකියවන්හි යෙදෙන අයට ද විශේෂ සහනදායක තත්වයක් මගින් සාර්ථකත්වය සැලසෙයි. මූල්‍යමය අවශ්‍යතා මගින් ප‍්‍රමාද වෙමින් පැවති කටයුතු සඳහා සහයෝගය දක්වන්නන් මෙන්ම මූල්‍ය ආයතන මගින් සහන සලසා ගැනීමට ද හැකි වේ. නිවාස සම්බන්ධ ගැටලූ විසඳී යයි. නව නිවසක් ඉදි කිරීමට හෝ ඉඩමක් මිලදී ගැනීමට ද අවස්ථාවන් උදා වේ. පුණ්‍ය කටයුතු දානමාන කටයුතු සමාජ කටයුතු ආදියෙහි යෙදීමට වැඩි උනන්දුවක් දක්වන වසරක් බැවින් සමාජයෙන්ද උසස් ප‍්‍රතිචාර අත්කර ගැනීමට අවස්ථා ලබයි. වගා ව්‍යාපාර කෘෂිකර්ම කටයුතුවල යෙදෙන අයට ද සුවිශේෂී ආර්ථික වාසි අත්කර ගත හැකි වේ.
ගෘහ ජීවිතය
ගෙදර දොර කටයුතු කෙරෙහි කළකිරීමෙන් යුක්තව උදාසීනව කටයුතු කරන ඔබට වසරේ ජුනි 19 සිට ඉදිරියට එම තත්වයන් පහවී යන අතර ප‍්‍රීතිමත්ව සැනසිලිදායක ලෙස කටයුතු කිරීමට හැකි වේ. නිවාස කටයුතු සඳහා යම් මුදලක් වැය කරන අතර අතපසු වෙමින් පැවති ඉදිකිරීමක් ද සාර්ථක ලෙස සපුරා ගනී. විදේශගත මිතුරකු මගින් යම් වැදගත් උපකාරයක් ද සිදු වේ. විවාහ වීමට බලාපොරොත්තු වන අයට සාර්ථක මෙන්ම ආර්ථික වාසි සහිත උසස් මංගල යෝජනා ඉදිරිපත් වන අතර විවාහ දිවියට ඇතුළත් විමේ භාග්‍යය උදාවේ.
රැකියාව
රැකියා කටයුතු සඳහා තරමක් වෙහෙස වී වැඩ කිරිමට සිදු වන අතර තරමක උදාසීන බවින්ද යුක්ත වේ. තමා වෙත පැවරෙන වැඩ කොටස කෙසේ හෝ ඉටු කිරීමේ අභිලාෂය සහිතව කටයුතු කරන බැවින් ගැටලූ අවම කර ගැනීමේ හැකියාව සහිතය. වසරේ මුල් කාර්තුව තුළ පවතින ගැටලූමය තත්ත්වය වසර මැද දී පහ වී යන බැවින් ඉහළම සාර්ථකත්වයක් ලබා ගනී. උසස් වීම් සඳහා තැබු බලාපොරොත්තු ඉටු වේ. නව ජීවයක් ලබා කටයුතු කරන අතර ප‍්‍රධානීන්ගේ ප‍්‍රශංසාවට පත් වේ. පාලකයින් යටතේ කරන කටයුතු මගින් වැඩි වාසි අත්කර ගැනීමට ද අවස්ථාව ලබයි. නව රැකියා ලාභ සඳහා තැබූ බලාපොරොත්තු සාර්ථක ලෙස ඉටු වන අතර සිතැ`ගි පරිදි කටයුතු කිරීමට හැකිවන පරිදි පරිසරය සකස් වේ.
අධ්‍යාපනය
අධ්‍යාපනයේ යෙදෙන කටක ලග්න හිමියන්ට යම් යම් බාධක මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවන අතර මානසික සහනය අවම වී යයි. පුරාවිද්‍යාව ආදී ගවේෂණාත්මක අධ්‍යාපනයෙහි යෙදෙන අයට සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැකි වේ. ගුප්ත විද්‍යාවන් වෙත යොමු වේ. විවිධ ගවේෂණයන් කෙරෙහි යොමු වේ. අධ්‍යාපනයෙන් උසස් ප‍්‍රතිඵල අත්කර ගත හැකි වනුයේ වසරේ අග භාගය තුළ දීය. සැ`ගවුණු හැකියාවන් ඉස්මතු කර ගනිමින් අධ්‍යාපනයෙහි යෙදීමට ජුනි 19 න් පසු හැකි වේ. විවිධ කටයුතු වෙත සිත ඇදී යන තත්වයක්ද පවතින බැවින් සන්සුන්ව බුද්ධිමත්ව කටයුතුවල යෙදෙන්න.
ජය අංකය -  2, 7, 9   ශුභ දිනය -  ඉරිදා, සඳුදා, අ`ගහරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා   ජය වර්ණය -  සුදු, ක‍්‍රීම්

sinhaසිංහ ලග්නය - හදිසි ධන ලාභ
සිංහ ලග්නයෙන් උපන් ඔබට 2014 වසර සාර්ථකත්වයත් අසාර්ථකත්වයත් අතර පවතින වසරක් බැවින් උත්සාහයෙන් කටයුතු කොට සාර්ථකත්වය වෙත ළගා වීමට සිදු වේ. එමෙන්ම ඔබට උදව් උපකාර කරන බුද්ධිමත් පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව සැලසෙන බැවින් එමගින් සාර්ථක ලෙස වැඩ කටයුතු ඉටු කර ගැනීමට හැකි වීමේ ප‍්‍රවණතාවයක් ද පවතී. නීතිඥ වෘත්තියෙහි යෙදෙන සිංහ ලග්න හිමියන්ට මෙම වසර ඉතාම ශුභ දායක වන අතර ඔබගේ ඉදිරිපත් කිරීම් ඉදිරියේ විරුද්ධවාදීන් දුර්මුඛ වන තත්වයක් ද පවතී. මේ අනුව ඔබට ඉහළම ප‍්‍රතිචාරයක් අත්කර ගැනීමට ද මහජන ප‍්‍රසාදය අත්කර ගැනීමට ද හැකි වේ. එමෙන්ම යුක්ති ගරුකව කටයුතු කිරීම ද විශේෂයෙන් කැපී පෙනෙනු ඇත. ආදායම් තත්වය නගා සිටුවීම සඳහා ගන්නා තීරණ සාර්ථක වන අතර හදිසි ධනලාභයක් ද හිමි වේ. නව ව්‍යාපාර ඇරඹීමෙන් උසස් දියුණුවක් අපේක්ෂා කළ නොහැකි වන මුත් ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමේ හැකියාවෙන් යුක්තයි. සංචාරක ව්‍යාපාර විදේශ කටයුතු ආදියෙහි යෙදී සිටින ඔබට ආර්ථිකය වැඩි දියුණු කර ගැනීම සඳහා අවස්ථාවක් යෙදෙනු ඇත. වන්දනා ගමන් විනෝද චාරිකා මගින් වාසි අත්කර ගැනීමට අවස්ථාවක් උදාවේ.
ගෘහ ජීවිතය
ගැටලූ අවහිරතා මධ්‍යයේ කාලය ගත වී යන අතර මානසික සහනය අවම වන තත්වයක් පවතී. නිවසින් බැහැරව කටයුතු කිරීම ප‍්‍රිය කරයි. දරුවන්ගේ ජයග‍්‍රහණයක් වෙනුවෙන් ප‍්‍රීිති වීමට ද අවස්ථාවක් ලබයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කාලයත් ධනයත් වැය කිරීමට සිදුවේ. වාසනාවන්ත දරු උපතක්ද අපේක්ෂා කළ හැකිය. අදෘශ්‍යමාන බලවේග මගින් ජීවිතයට බලපෑම් ඇති කරන ආකාරයක් පැහැදිලි වන අතර එය ශුභදායක තත්වයෙන් පවතිනු ඇත. අනාගතය සම්බන්ධයෙන් යහපත් තීරණ ගැනීමට අවස්ථාවක් එළඹෙයි. විවාහ ජීවිතයට ඇතුලත් වීමට බලාපොරොත්තුවන අයට පේ‍්‍රම සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකිවන අතර වැඩිහිටි ආශිර්වාදයක් ද හිමි වේ.
රැකියාව
රැකියා කටයුතු සම්බන්ධයෙන් දක්වන කාර්යක්ෂම භාවය මගින් ඇගයීමට පත්වන අතර වරප‍්‍රසාද අත්කර ගැනීමට අවස්ථාව ලබයි. තම සිතැ`ගි පරිදි කටයුතු කිරිමට හැකිවන වසරකි. උසස් වීම් වරප‍්‍රසාද ලාභ කීර්ති ප‍්‍රශංසා අත්කර ගැනීමට හැකි වේ. ප‍්‍රධානීන්ගේ ප‍්‍රශංසාවට ලක් වේ. නව රැකියා අපේක්ෂාවෙන් සිටින අයට තම අදහස් අනුවම කටයුතු කිරීමට හැකිවන පරිදි යහපත් වෘත්තීන්හි යෙදීමට ලැබෙනු ඇත. එමෙන්ම වෘත්තීයමය ක‍්‍රියා තුළදී දක්වන උනන්දුව මත අන් අයගේ සහයෝගය ලබමින් කටයුතු කිරීමට හැකි වේ. යම් යම් බලපෑම් මත අහිමි වී ගිය රැකියා නැවත ලබා ගැනීමට සඳහා ද මෙම වසර තුළ පවතින ග‍්‍රහ බලයන් යහපත් වේ. ස්වයං රැකියා නව ව්‍යාපාර ආරම්භයට යහපත් වන අතර එවැනි ක‍්‍රියාවන් සඳහා මූල්‍ය ආයතන මගින් ද රාජ්‍යමය වශයෙන් ද ආධාර උපකාර හිමි වේ.
අධ්‍යාපනය
අධ්‍යාපනයේ යෙදෙන සිංහ ලග්න හිමියන්ට ඉතාමත්ම යහපත් වන මෙම වසර තුළ තරග විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ඉහළම සාර්ථකත්වයක් අත්කර ගත හැකි වේ. විවිධ භාෂාවන් ඉගෙනීමට ප‍්‍රිය කරන අතර එම බලාපොරොත්තු ඉටු වේ. විවිධ පොත්පත් පරිශීලනයට ලැබෙන අතර අලූතෙන් විෂයන් අධ්‍යයනය කිරීමට අවස්ථාව උදාවේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති අඩු ලූහු`ඩුතා ඉවත් වී යන අතර සාර්ථක උපකාරක පන්ති ආදියෙන් උසස් දැනුමක් ලබා ගැනීමට හැකි වේ. දුර්වලතා සහිතව කරගෙන ගිය විෂයයන් සාර්ථකව ඉගෙනීම සඳහා යහපත් ගුරු භවතුන් හමුවන අතර එ් සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ගයන් ද අවබෝධ කර ගැනීමට ශක්තියක් ලබයි.
ජය අංකය -  1, 4   ශුභ දිනය -  ඉරිදා, අ`ගහරුවාදා, බදාදා, සිකුරාදා   ජය වර්ණය -  රතු

කන්‍යා ලග්නය - කරදර බාධක ඉවතටkanya
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට කරදර බාධක ආදියෙන් තොරවූ යහපත් වසරකි. කල් පසු වෙමින් පැවති කටයුතු යහපත් ලෙස අවසන් කර ගැනීමට හැකි වනු ඇත. මානසික සහනය ගෙන දෙන කාලයක් බැවින් සැහැල්ලූවෙන් කාලය ගත කිරීමට හැකි වේ. නිවසේ නවීකරණයක් සඳහා ද අවස්ථා සැලසෙයි. නව වාහන ලාභයක් හෝ භූමි ලාභයක් සඳහා අවස්ථාව ලබයි. ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් යහපත් වන අතර 2014 ජූනි 19න් පසු කාලය ඉතාමත්ම උසස් තත්වයෙන් එම කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි වේ. එමෙන්ම ව්‍යාපාරයක් සඳහා පැවති භෞතිකමය අවශ්‍යතා සපුරා ගැනීමට ද ව්‍යාපාරය පුළුල් කර ගැනීමට ද අවස්ථාව උදාවේ.
 හවුල් ව්‍යාපාරිකයන්ට ඒ සඳහා අවංක මෙන්ම සංයමයෙන් යුත් හවුල්කරුවන් සමග කටයුතු කිරීමට හැකි වේ. මාධ්‍ය කටයුතු ගුරු වෘත්තිය පොත්පත් සම්බන්ධ කටයුතු ආදියෙහි යෙදෙන අයට සුවිශේෂී වන මෙම වසර තුළ ආර්ථිකය වර්ධනය කර ගැනීමට වරප‍්‍රසාද අත්කර ගැනීමට ද අවස්ථාවන් සැලසෙයි. 2014 ජූලි 13න් පසු කාලය නොසන්සුන් බවින් යුක්ත වන අතර ඉක්මන් තීරණ මගින් පාඩු සිදු වීම ද යම් යම් කටයුතු වලදී අවධානය යොමු කිරීම ප‍්‍රමාණවත් නොවීම මගින් ගැටලූ නිර්මාණය වීම ද බලපාන බැවින් ඉතාම සන්සුන්ව ක‍්‍රමවත්ව බුද්ධිමත් තීරණ ගැනීම මගින් සාර්ථකත්වය සලසා ගත යුතුව ඇත.
ගෘහ ජීවිතය
නිවස තුළ පැවති නොසන්සුන් ගති පහවී යන අතර සාමය සතුට වර්ධනය වේ. ප‍්‍රීතිමත්ව කාලය ගත වී යයි. අසල්වැසියන් මෙන්ම පවුලේ අය අතරද සුහදතාවයන් වර්ධනය වේ. සාමුහික ක‍්‍රියා වලදී මුල් තැන ගෙන කටයුතු කිරීමට සිදු වන අතර එමගින් වැඩි වාසි දායක තත්වයක් ද ලබයි. විවාහක පවුල් තුළ පැවති අසමගිතා මෙන්ම සැක සංකා ආදිය දුරුවී යන අතර අඹු සැමි සුහදතාවය වර්ධනය වේ.
ඔවුනොවුන් අතර ශක්තිමත් බැඳීම් ඇති කර ගැනීම සඳහා අවස්ථාවක් එළඹෙනු ඇත. දරුවන්ගේ හැසිරීම් යහපත් වන අතර අධ්‍යාපන කටයුතු මගින් උසස් ප‍්‍රතිඵල ලබමින් කටයුතු කරනු ඇත. ගෙදර දොර අලංකාරය වෙනුවෙන් කාලයත් ධනයත් වැය කරයි. විවාහ වීමට බලාපොරොත්තු ඇති කරගත් කන්‍යා ලග්න හිමියන්ට මංගල යෝජනා ඉදිරිපත් වීමෙන් ද පේ‍්‍රම සම්බන්ධතා මගින් ද සාර්ථක විවාහයක් සඳහා අවස්ථා සැලසෙනු ඇත.
රැකියාව
වෘත්තීයමය කටයුතු සම්බන්ධයෙන් උනන්දුව හා උද්‍යෝගයෙන් කටයුතු කිරීමට පෙලඹෙයි. රැකියාවේ නව නැම්මක් ඇති වේ. උසස් තත්වයන් සඳහා යොමු වන අතර උසස් වීමක් ද සිදු වනු ඇත. සමාජ ගෞරවය තාන්න  මාන්න කීර්ති ප‍්‍රශංසා ආදියේ ලැබීම මගින් ප‍්‍රබෝධයෙන් කටයුතු කිරීමට හැකිවන පරිදි පරිසරය සකස් වේ. ජුනි 19න් පසු පැවති බාධක සියල්ල විසඳී යන අතර සිතැ`ගි පරිදි කටයුතු කිරීමට හැකිවේ. කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි උසස් වීමක් සඳහා තැබූ බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙනු ඇත. එමගින් තම අදහස් පරිදි කටයුතු කිරීමට ද කාර්යමණ්ඩලය තුළ සහයෝගය වැඩි දියුණු කර ගැනීමට ද හැකි වේ. නව රැකියා ලාභ බලාපොරොත්තු සාර්ථක ලෙස ඉටු වනුයේද ජුනි 19න් පසුවය. බලාපොරොත්තු අන්දමින් යහපත් රැකියා සඳහා අවස්ථාව උදාවේ.
අධ්‍යාපනය
අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතාම යහපත් වූ වසරකි. තරග විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් උසස් ප‍්‍රතිඵල අත් කර ගත හැකි වේ. සෞන්දර්ය විෂයයන් හදාරන අයට ද ගායන වාදන නර්තන ආදියෙහි හා නීතිය මාධ්‍ය වැනි ක්ෂේත‍්‍රයන්හි අධ්‍යාපනය ලබන අයටද සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට ද සහජ දක්ෂතා දැක්වීමට ද අවස්ථාව උදාවේ. උසස් බුද්ධියෙන් යුක්තව තම විෂය ධාරාව තුළ කටයුතු කරන අතර විවිධ විෂයයන් වෙත යොමු වීම ද පොත් පත් පරිශීලනය මගින් දැනුම වර්ධනය කර ගැනීමට ද අවස්ථාව ලබයි. ක‍්‍රීඩා කටයුතුවල යෙදෙන අයට තම දක්ෂතා මගින් සම්මානයට පාත‍්‍ර වීමට අවස්ථාවක් සැලසෙයි.
සහනදායක මනසින් යුක්තව බුද්ධිමත්ව අධ්‍යාපනයේ යෙදීමට හැකි වන මෙම වසර තුළ ඉදිරිපත් වන තරග විභාග තුළින් සාර්ථක ප‍්‍රතිඵල ලබා සම්මානයට ලක් වීමේ භාග්‍යය හිමි වනු ඇත.
ජය අංකය -  2,3,5, 7
ශුභ දිනය -  බදාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා   ජය වර්ණය -  කොළ

තුලා ලග්නය - ප්‍රභූන්ගෙන් උදව් උපකාර
තුලා ලග්නයෙන් උපන් ඔබට 2014 වසර ශුභා ශුභ මිශ‍්‍ර ඵල සහිතයි. වැඩකටයුතු අධික වන අතර අවිවේකී බවින් යුක්තව කාලය ගත වී යයි. ගමන් බිමන් ද අධිකව යෙදෙන මෙම වසර තුළ නිෂ්ඵල ගමන් මගින් කාලයත් ධනයත් වැය වී යනු ඇත. තමන් විසින් කළ යුතු වැඩකටයුතුවලට පරිබාහිරව සහයෝගය දක්වනන්නන් හා මිතුරු මිතුරියන්ගේ අවශ්‍යතාවය ද සපුරාදීමට සිදු වන බැවින් විවේක කාලයෙන් පවා වැඩ ගැනීමට සිදුවන තත්වයක් මතුවනු ඇත. කෙසේ වෙතත් සිය`ථම කටයුතු ඉටුකරමින් සැහැල්ලූවෙන් කාලය ගතකිරීමට හැකි වීම ද විශේෂත්වයකි. උසස් සමාජය ඇසුරු කිරීම ද ප‍්‍රභූන්ගෙන් උදව් උපකාර ලබා ගැනීම ද විශේෂත්වයකි. උසස් සමාජය තුළ යම් ඉදිරිපත් කිරීම් ආදිය හෝ නව ව්‍යාපාර ඇරඹීමෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැකි වේ. පවුල් ව්‍යාපාර සඳහා ඉදිරිපත් වීමේදී හවුල් කරුවන් සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. විදේශ සම්බන්ධ කටයුතුවලින් ඉහළම සාර්ථකත්වයක් අත්කර ගතහැකි වසරක් බැවින් එවන් කටයුතු වෙත යොමු වීමෙන් උපරිම පල නෙළා ගත හැකි වේ. විදේශ ගතවීමේ බලාපොරොත්තුවෙන් සිටි අයට එම අදහස් සපුරා ගැනීමට හැකි වන අතර විදේශගත මිතුරන් මගින් ප‍්‍රභූන්ගෙන් උදව් උපකාර ලැබෙනු ඇත.
ගෘහ ජීවිතය
ගෙදරදොර කටයුතු සාර්ථක ලෙස ඉටු කරමින් නිවසේ සාමය සතුට උසස් මට්ටමින් පවත්වා ගැනීමට කටයුතු කරන අතර නිවැසියන් අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා ද කටයුතු කරනු ඇත. ගෙදර දොර වැඩ කටයුතු සඳහා අධික වෙහෙසක් දරන්නට සිදු වන අවස්ථාවන් පවතී. නමුත් එනිසා පීඩාවට පත් නොවී සැහැල්ලූ මනසින් යුක්තව නිවසේ කාලය ගත කිරීමට උනන්දු වේ. සහයෝගය දක්වන්නන් තුළින් ඇතිවිය හැකි දුර්වලතා නොසලකා හැරීම ද ඔබතුළ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වනු ඇත. ප‍්‍රීති උත්සවයක් පැවැත්වීමට ද අවස්ථාවක් සැලසෙනු ඇත. දරුවකුගේ කටයුතු සපුරා දීම සඳහා ද කාලය වැය කිරීමට සිදු වන අතර දරුවන්ට යහපත් පුරුදු හඳුන්වා දිම සඳහා ද කටයුතු කරයි. විවාහ ජීවිතයට ඇතුළත්වීමට බලාපොරොත්තු වන තුලා ලග්න හිමියන්ට ගමන්බිමන් මංගල අවස්ථා ආදියෙහි යෙදීමෙන් ද යෝජනා මගින් ද පේ‍්‍රම සබඳතා ඇතිකර ගැනීමට ද විවාහ ගිවිස ගැනීමට ද අවස්ථාවක් සැලසේ.
රැකියාව
රැකියා කටයුතු වෙනුවෙන් අධික ලෙස කාලය මිඩංගු කරන අතර ස්ථාන මාරුවක් සඳහා ද අවස්ථාවන් යෙදෙනු ඇත. එහි බොහෝ විට සුහද මාරුවක් හෝ තම අවශ්‍යතා අනුව කරන ලද ඉල්ලීමක් අනුව සිදු වනු ඇත. උසස් වීම් සඳහා උනන්දුව දැක්වූ ඔබට එම බලාපොරොත්තුව සාර්ථක ලෙස ඉටු වනුයේ 2014 ජූනි 19න් පසු වසරේ අග භාගය තුළ දී ය. විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වන වසරකි. එයත් තම සිතැ`ගි පරිදි සිදුවන අතර වරප‍්‍රසාද සහිත වූ උසස් වෘත්තීන්හි යෙදීමට හැකි වේ. මාධ්‍ය කටයුතු ලේඛනය සන්නිවේදන කටයුතු ආදියෙහි යෙදී සිටින අයට විශේෂ වරප‍්‍රසාද අත්කර ගැනීමට හැකි වේ. නව රැකියා අපේක්ෂා ඉටුවනුයේද 2014 ජුනි 19න් පසුවයි. මෙම වසර අග භාගය තුළ උපරිම පහසුකම් යටතේ රැකියාවන්හි යෙදීමට භාග්‍යය ලැබෙනු ඇත.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් බාධක අවහිරතා මතු වන මුත් චිත්ත ධෛර්යයෙන් කටයුතු කිරිමේ පුරුද්ද ඇති ඔබට එම අභියෝග ජය ගනිමින් තම කටයුතු කිරීමේ ශක්තිය ලබයි. වසරේ අග භාගය තුළ මෙම ගැටලූ විසඳී යාම ද විශේෂයෙන් ශුභ දායක කරුණකි. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට විදේශ ශිෂ්‍යත්ව ලාභ අත්වනු ඇත. එම කටයුතු ඉටු වනුයේද වසරේ අග භාගය තුළයි. පරීක්ෂණ කටයුතු ගවේෂණ කටයුතු ආදිය සඳහා සංචාරයන්හි යෙදීමට ද අවස්ථාවන් සැලසෙනු ඇත. ගුප්ත විද්‍යා ඉන්ද්‍රජාලා ආදී අමුතු අමුතු ක්ෂේත‍්‍ර වෙත යොමුවීමට ද අවස්ථාවන් සැලසෙනු ඇත.
ජය අංකය -  6   ශුභ දිනය -  අ`ගහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා   ජය වර්ණය -  සුදු, ක‍්‍රීම්, අයිවරි

වෘශ්චික ලග්නය - රැකියා බාධක ඉවත් වෙයිuchchika
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මෙම වසර ශුභා ශුභ මිශ‍්‍ර ඵල සහිතයි. ව්‍යාපාර කටයුතුවල යෙදී  සිටින අයට තම ව්‍යාපාරය උසස් තත්වයන් වෙත යොමු කර ගැනිම සඳහා ගන්නා තීන්දු තීරණ අක‍්‍රමවත් වීම මගින් පාඩු සිදු විමට ඉඩ ඇත. නව ව්‍යාපාර ආරම්භයට ඉතාම සුදුසු කාලය වනුයේ වසරේ මැද භාගයෙන් පසුවයි. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට අවස්ථාව එළඹෙන අතර පවුලේ සාමාජිකයින් සාමුහිකව කරන කටයුතු මගින් උසස් දියුණුවක් ලැබීමට හැකි වේ. විදේශ කටයුතුවල යෙදෙන අයට විශේෂිත වූ ලාභදායී අවස්ථාවන් හමු වන අතර අනාගතය වෙනුවෙන් සාර්ථක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට හැකි වේ. වාහන යන්ත‍්‍ර සූත‍්‍ර උපකරණ ආදිය සම්බන්ධ විදේශ කටයුතුවල යෙදෙන අයට එම භාණ්ඩ මගින් බලාපොරොත්තු රහිත විශේෂිත වූ ආර්ථික වාසි අත්කර ගත හැකි වේ. මැණික් ව්‍යාපාරය කෘෂි කර්ම කටයුතු ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර ආදියෙහි යෙදෙන අයට අධික වාසි අත්කර ගැනීමට අවස්ථාවන් සැලසෙනු ඇත. වසරේ මැද භාගයෙන් පසු අලූත් මිතුරු සබඳතා ඇති කර ගැනිමට ද එමගින් සාර්ථක වැඩපිළිවෙළක් ආරම්භ කරමින් අනාගතය සමෘධිමත් කර ගැනිම සඳහා කටයුතු කිරිමට ද හැකි වේ. ප‍්‍රීතිමත්ව කටයුතු කිරිමට හැකි වන අතර කරදර බාධක සියල්ල පහ වී යයි.
ගෘහ ජීවිතය
ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් මානසිකව පීඩා ගෙන දුන් තත්වයන් වෙනස් වී යන අතර පවුලේ ප‍්‍රීතිය හා සාමය පවත්වා ගැනිම සඳහා අවස්ථාව උදාවේ. පවුලේ ඥාතියකු මගින් පැවති හිංසාකාරී තත්වයද ඉවත් වී යයි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් යම් ක‍්‍රියාමාර්ගයක් ආරම්භ  කරයි. වසරේ මැද භාගයෙන් පසු ශාරීරික සෞඛ්‍යය වර්ධනය වන අතර සතුට සාමය සාර්ථක ලෙස පවත්වා ගැනීමට හැකි වේ. සුහද මිතුරු හමුවක් ද ආරම්භ කරයි. ප‍්‍රිය උත්සව පැවැත්වීමට ද උත්සව අවස්ථා සඳහා සහභාගී වීමට ද අවස්ථාව උදාවේ. වාසනාවන්ත දරු උපතක්ද අපේක්ෂා කළ හැක. විවාහ වීමට බලාපොරොත්තු වන අයට වසරේ මැදභාගයෙන් පසුව සාර්ථක මංගල යෝජනා මගින් විවාහයට එළඹීමට අවස්ථාවන් සැලසෙනු ඇත.
රැකියාව
රැකියා කටයුතු සම්බන්ධයෙන් පැවති බාධක ඉවත් වී යයි. බුද්ධිමත් ව සහජ දක්ෂතා දක්වමින් කටයුතු කිරීමට හැකිවන අතර වෘත්තීය කටයුතුවල සාර්ථක වර්ධයනයක් ඇති වේ. ප‍්‍රධානීන්ගේ ප‍්‍රශංසාව මෙන්ම වරප‍්‍රසාද අත්කර ගැනීමට ද උසස් වීම් ලබා ගැනීමට ද අවස්ථාවන් උදාවේ. යම් යම් හේතූන් මත අහිමි වී ගිය වෘත්තීයමය අවස්ථාවන් නැවත සාර්ථක මගකට යොමු කර ගැනිමට හැකි වේ. නව රැකියා ලාභ සඳහා තැබූ බලාපොරොත්තු ඉටු වන අතර වසරේ අගභාගය තුළ එනම් 2014 ජූනි 19න් පසුව තත්වයෙන් උසස් මෙන්ම වරප‍්‍රසාද ලාභි වෘත්තින්හි යෙදීමට අවස්ථාවන් උදාවේ. කාර්මික ක්ෂේත‍්‍රයන් හි කටයුතු කරන අයට සහජ දක්ෂතා දැක්වීමට ද තම වෘත්තිය තුළ උසස් නිලයන්හි යෙදීමට ද භාග්‍යය උදාවන වසරකි.
අධ්‍යාපනය
අධ්‍යාපනයේ යෙදෙන අයට විශේෂ වූ දක්ෂතා දක්වමින් අධ්‍යාපනයේ යෙදීමට හැකිවන අතර තරග විභාග ආදියෙන් උසස් ප‍්‍රතිඵල අත්කර ගත හැකි වේ. වසරේ මුල් කාලය තුළ තරමක බාධක අවහිරතා මතු වන අතර බලපොරොත්තු ඉලක්කයන් කරා යොමු වීමට අපහසු වන තත්වයක් ද පවතින බැවින් උත්සාහය හා උනන්දුව සාර්ථක ලෙස පවත්වා ගනිමින් කටයුතු කරන්න. 2014 ජුනි 19 න් පසු සියලූම ගැටලූ විසඳි යන අතර උසස් බුද්ධියෙන් යුක්තව කටයුතු කිරීමට හැකි වේ.විවිධ කාර්මික ක්ෂේත‍්‍රයන් තුළ අධ්‍යාපනය ලබන අයටද යන්ත‍්‍රසූත‍්‍ර වාහන සම්බන්ධ අධ්‍යාපනය ආදියෙහි යෙදෙන අයට උසස් ලෙස තම අධ්‍යාපන කටයුතු සපුරා ගැනිමට සහජ දක්ෂතා මගින් විශේෂ වරප‍්‍රසාද අත්කර ගැනීමට ද අවස්ථාව උදාවේ. සෞඛ්‍යය ක්ෂේත‍්‍රය ආරක්ෂක අංශය සම්බන්ධ අධ්‍යාපන අවස්ථා මගින් ද විශේෂිත වූ ක‍්‍රියාකාරකම් දැක්වීමට හැකි වන අතර ප‍්‍රධානීන්ගේ ප‍්‍රශංසාවට ලක්වනු ඇත.
ජය අංකය -  1,2,4,5,7   ශුභ දිනය -  ඉරිදා, අ`ගහරුවාදා, බ‍්‍රහස්පතින්දා   ජය වර්ණය -  රතු

danuධනු ලග්නය - සුබ ඵල අධිකයි
ධනු ලග්නයෙන් උපන් ඔබට 2014 වසර අධිකව ශුභ ඵල අත්කර ගැනීමේ වාසනාව උදාවේ. ආදායම් මාර්ග යහපත් වන අතර අතමිට මුදල් තත්වය උසස් මට්ටමක පවත්වා ගැනීමට ද තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇත.
ව්‍යාපාරික කෂේත‍්‍රය තුළ යෙදී සිටින අයට ව්‍යාපාර කටයුතු තුළ ද උසස් දියුණුවක් අත්කර ගැනීමට හැකිවන අතර නව ව්‍යාපාර ඇරඹීමට ද පවත්වාගෙන යන ව්‍යාපාරයන් පු`ථල් ක්ෂේත‍්‍රයන් තුළ වර්ධනය කර ගැනීමට ද අවස්ථාව සැලසේ. මැණික් කර්මාන්තය පතල් කර්මාන්තය මිනිරන් ආදී කර්මාන්ත ලෝහ සම්බන්ධ කර්මාන්ත ආදියෙහි යෙදී සිටින අයට විශේෂිත වූ ලාභ අත්කර ගැනීමට ද තම දක්ෂතා මගින් වරප‍්‍රසාද අත්කර ගැනිමට ද අවස්ථාවන් උදාවේ.
කෘෂිකර්ම කටයුතු වගා ව්‍යාපාර මගින් ද ඉහළ ආදායම් තත්ත්වයන් හිමි කර ගත හැකිය. සංචාරක ව්‍යාපාර ප‍්‍රචාරණ කටයුතු ආනයන අපනයන කටයුතු ආදියෙහි අයට ආර්ථිකය උසස් මට්ටමක පවත්වා ගැනීමට හැකිවේ. චාරිකා කටයුතු ගමනාගමනය සන්නිවේදන මාර්ග ආදියෙහි යෙදෙන අයට ආර්ථිකය ශක්තිමත් කර ගත හැකි වේ. ස්වයං රැකියාවන්හි යෙදෙන අයට තම නිෂ්පාදන සඳහා උසස් වෙළඳපොළක් අත්කර ගැනීමට ද එයින් ජීවිතයට වැදගත් සාර්ථකත්වයක් අත්කර ගැනීමට ද හැකි වේ. සුවිශේෂී දියුණුවක් අත්කර ගැනීමට හැකි වන භාග්‍යමත් වසරකි. හදිසි ධන ලාභයක් මගින් ගැටලූ බොහොමයක් විසඳා ගැනීමට අවස්ථාවක් ලබයි. හවුල් ව්‍යාපාර සඳහා සාර්ථක හවුල් කරුවන් හමුවනු ඇත.
ගෘහ ජීවිතය
තම සිතැ`ගි පරිදි ගෘහ ජීවිතය තුළ කටයුතු කිරීමට  හැකිවන අතර ඔබගේ අදහස් ගරු කරන පිරිස අතර කටයුතු කිරීම මගින් මානසික වශයෙන් ඉහළම තෘප්තිමත්බවක් අත්කර ගත හැකි වේ.  පවුලේ සාමාජිකයන් මෙන්ම සාමය සතුට වර්ධනය වේ. සැප සම්පත් මධ්‍යයේ කටයුතු කිරීමට හැකි වන වසරකි. පැවති අඩු ලූහු`ඩුතා මග හැරී යනු ඇත. අඹු සැමියන් අතර සුහදතා වර්ධනය වේ. ආහාරපාන ඇඳුම් පැලඳුම් ගෘහ භාණ්ඩ ආදී විවිධ අංගයන් තුළ වර්ධනයක් ඇති වන වසරකි. නිවාස කටයුතු සම්බන්ධයෙන් පැවති අඩු ලූහු`ඩුතා මගහැරී යයි. නව නිවසක් ඉදිකිරීමට අවස්ථාවක් සලසා ගනී. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කරයි. ඉඩකඩම් සම්බන්ධයෙන් පැවති ගැට`ථ නිරාකරණය වේ. නව ඥාති සබඳතා ගොඩනගා ගැනීමටද නව මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට ද අවස්ථාවක් ලබයි. විවාහ වීමට බලාපොරොත්තු වන අයට සාර්ථක වූද වාසනාවන්ත වූද විවාහයක් සඳහා යෝජනා ඉදිරිපත් වනු ඇත. පේ‍්‍රම සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාවන් ද එළඹෙනු ඇත.
රැකියාව
රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉතාමත්ම ශුභදායී වසරකි. උසස් වීම් සඳහා බලාපොරොත්තුවෙන් කටයුතු කළ අයට එම අදහස් ඉටු වේ. නව රැකියා ලාභ සඳහා තැබූ බලාපොරොත්තු ඉටුවනුයේද සපුරා ඇති සුදුසුකම් අබිබවා යන සාර්ථකත්වයක් ද සමගිනි. රැුකියා සම්බන්ධයෙන් පැවති ගැටලූ මගහැරී යන අතර තම අදහස් ගරුකරන යහපත් පිරිස් සමග කටයුතු කිරීමට අවස්ථාව උදාවේ. රැකියා සම්බන්ධ ස්ථිර වීම ප‍්‍රමාද වෙමින් පැවති අයගේ එම බලාපොරොත්තු ඉටු වේ. ස්වයං රැකියාවන්හි යෙදී සිටින අයට නව නිෂ්පාදනයන් සඳහා විවිධ තාක්ෂණ ක‍්‍රම උපයෝගී කර ගැනීමට ද පහසු ක‍්‍රමවේදයන් යටතේ කටයුතු කිරීමට ද උසස් දියුණුවක් අත්කර ගැනීමට ද අවස්ථාවක් සැලසෙනු ඇත.
අධ්‍යාපනය
අධ්‍යාපනයේ යෙදෙන ධනු ලග්න හිමියන්ට ඉතාමත්ම ශුභදායී වසරකි. විවිධ පොත්පත් ඇසුරු කර ගනිමින් බුද්ධිය වර්ධනය කර ගැනීමට ද විවිධ ක්ෂේත‍්‍රයන් වෙත අධ්‍යාපනය යොමු කර ගැනීමට ද අවස්ථාව ලබයි. තරග විභාග ආදියෙහි යෙදෙන අයට විශේෂිතවු දක්ෂතා දක්වමින් සාර්ථක ප‍්‍රතිඵල අත් කර ගැනීමට හැකි වනු ඇත. අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන මෙම වසර තුළ අධ්‍යාපන ඉලක්කයන් සපුරා ගනිමින් සාර්ථකත්වය ලබා ගනී. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට ද තම ඉලක්කයන් කරා යොමුවීමට පහසු ක‍්‍රමවේදයන් ඔස්සේ කටයුතු කිරීමට හැකිවනු ඇත.
ජය අංකය -  3,5,6,8   ශුභ දිනය -  ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා   ජය වර්ණය -  කහ

මකර ලග්නය - කටයුතු සාර්ථක වෙයිmakara
මකර ලග්නයෙන් උපන් ඔබට මිශ‍්‍ර ඵලදායී වසරකි. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අයට තම ව්‍යාපාරය තුළ ආරක්ෂාව කෙරෙහි සැලකිලිමත් වීමට සිදු වනු ඇත. අනාරක්ෂිත තත්වයන් මත බඩු භාණ්ඩ අහිමි වීම් අතපසු වීම් ආදී ගැටලූ ඇතිවිය හැකි තත්වයක් පවතී. පවත්වාගෙන යන හවුල් ව්‍යාපාර තුළ අකටයුතුකම් මගින් පාඩු සිදු වීමට ද සුහදතා පළුදු විමට ද හේතු වේ. 2014 ජූනි 19 න් පසු ශුභදායක ග‍්‍රහබලයන් මගින් කටයුතු සාර්ථකත්වය සැලසෙන බැවින් නව ව්‍යාපාර ආරම්භයට සුදුසු කාලයකි. අවංක සේවකාදීන් මෙන්ම හවුල් ව්‍යාපාරයන්හි උසස් අදහස් දරන යහපත් හවුල්කරුවන් සමග කටයුතු කිරීමට ලැබෙනු ඇත.
සතුරු කුමන්ත‍්‍රණ මගින් ඇති කරන ලද අර්බුධකාරී තත්වයන් සාර්ථක ලෙස විසඳාගැනීමට වසරේ අගභාගය තුළ හැකි වේ. විදේශ ගතව සිටින අයට ද විදේශ ගත වීමේ බලාපොරොත්තුවෙන් සිටින අයට ද යහපත් වසරකි. විදේශ සම්බන්ධ කටයුතුවලින් අතිරේක ආර්ථික වාසි සැලසෙයි. කල් පසු වෙමින් පැවති ඉඩම් සම්බන්ධ ගැටලූවක් සාර්ථක ලෙස නිරවුල් වීයයි. සංගීත කටයුතු කලා ක්ෂේත‍්‍රයේ විවිධ අංශයන් හි යෙදෙන අයට ද ඉදි කිරීම් ගෘහ නිර්මාණ ශිල්පය ආදියෙහි යෙදෙන අයට ද විශේෂිත වූ ලාභදායී වසරකි. නව නිර්මාණ ඉදිකිරීම සඳහා සාර්ථක ඇගයීම් හිමිවනු ඇත. දේශපාලන ක්ෂේත‍්‍රයෙහි යෙදී සිටින අයට ද සමාජ කටයුතු ආදියෙහි යෙදී සිටින අයට ද උසස් සමාජ තත්ත්වයක් ද මහජන ප‍්‍රසාදය ද අත්කර ගැනීමට හැකි වේ.
ගෘහ ජීවිතය
ගෙදර දොර සාමය සතුට පහ වී යන තත්වයක් පවතී. අදෘශ්‍යමාන බලවේග භූත දෝෂ ආදිය මගින් කටයුතු අවුල් කරන තත්වයක් ද පවතින බැවින් නිවස තුළ ආගමික පරිසරය ගොඩනගා ගැනීම සඳහා කටයුතු කරන්න.බාහිර උවදුරු මගින් නිවසේ තත්ත්වය පහත වැටෙන ආකාරයේ සිදුවීම් බලපායි. තම කාර්යක්ෂමතාවය මගින් අසල්වැසි අයගේ අවශ්‍යතා සපුරා දීමට දක්වන උනන්දුව මත කාගේත් සිත් දිනා ගැනීමට හැකිවන අතර කිසිවකුගේ ප‍්‍රති උපකාරයක් හිමි නොවනු ඇත. පවුලේ ඥාතියකුට අශුභ දායක වේ. නොවැදගත් කටයුතුවල යෙදෙන පුද්ගලයින් ගේ ඇසුරට පත්වීමට ඉඩ ඇති බැවින් ඇසුරු කරන අය කෙරෙහි අවබෝධයෙන් කටයුතු කරන්න. වසරේ අග භාගය තුළ එනම් 2014 ජුනි 19න් පසු විවාහ වීමට බලාපොරොත්තු වන අයගේ අදහස් සාර්ථක වන කාලයකි. වාසනාවන්ත විවාහ සඳහා අවස්ථාව උදාවේ.
රැකියාව
රැකියා සම්බන්ධයෙන් ගැටලූ මතුවන කාලයක් බැවින් ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් යුක්තව කටයුතු කිරිම වැදගත් වේ. උසස් වීම් සඳහා උනන්දුවක් දැක්වූ අයට එම බලාපොරොත්තු ඉටුවීම වසරේ මැද භාගයෙන් පසුව සැලසෙනු ඇත. වෘත්තියමය කටයුතු සඳහා දක්වන උනන්දුව ප‍්‍රමාණවත් නොවන බැවින් තත්වයෙන් පහත වැටීමට හේතු වේ. මෙම තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කොට සාර්ථකත්වය සලසගන්න. නව රැකියා අපේක්ෂා ඉටු වන අතර තරමක භාර¥ර කාර්යයන්හි නිරත වීමට සිදු වන තත්ත්වයක් පවතී. මෙම වසර තුළ විදේශ රැකියා සම්බන්ධයෙන් දක්වන උනන්දුව වැඩිවනු ඇත. එමෙන්ම එම බලාපොරොත්තු සපුරා ගැනීම සඳහා සාර්ථක මාර්ගයක් ද එළිපෙහෙළි වෙයි. දැනට ගුරු මහ දශා ගත කරන අයට ද උපතේදී ගුරු ග‍්‍රහයා ශුභ ස්ථානයක පැවති අයට ද අශුභතා අවම වන අතර සාර්ථක ලෙස ශුභ ඵල අත්කර ගත හැකි වේ.
අධ්‍යාපනය
අධ්‍යාපනයේ යෙදෙන මකර ලග්න හිමියන්ට අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අධික ලෙස වෙහෙසීමට සිදු වන අතර බලාපොරොත්තු පරිදි සාර්ථකත්වය අත්කර ගැනීමට අසීරු තත්වයක් පවතී. යම් යම් කරදර බාධක මධ්‍යයේ කටයුතු කිරීමට සිදු වනු ඇත. 2014 ජූනි 19න් පසු ශුභ ග‍්‍රහ බලපෑම් මගින් යහපත් තත්ත්වයක් අත්කර දෙන බැවින් එම කාල සීමාව තුළ ඉදිරිපත් වන තරග විභාග ආදියෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගනී. උගත් බුද්ධිමතුන්ගේ සහයෝගය ලබන  අතර පොත්පත් ඇසුරු කිරීම මගින් ද අත්‍යවශ්‍ය වූ දැනුම වඩවා ගැනීමට හැකි වේ. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට ද තමන් විසින් ගන්නා තීරණයන්වල අපැහැදිලි බව හේතුවෙන් පාඩු සිදු වනු ඇත.
ජය අංකය -  6, 8, 9   ශුභ දිනය - අ`ගහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා   ජය වර්ණය -  නිල්
kumbaකුම්භ ලග්නය - ආර්ථිකය ඉහළට
කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2014 වසර ශුභාශුභ මිශ‍්‍රඵල ගෙනදෙනු ඇත. වසර ආරම්භයේදි වැඩකටයුතු සම්බන්ධයෙන් ගන්නා තීරණයන් අවුල් සහිත තත්ත්වයක් පවතින බැවින් තීරණ ගැනීමේදි දෙවරක් සිතා බලන්න. හදිසි තීරණ මගින් කටයුතු අවුල් වී යයි. කුමන්ත‍්‍රණ කරුවන් මගින් කටයුතු අවුල් කිරීම ද ඉදිරි ගමනය අකුල් හෙළීම ද කරනු ඇත. එමෙන්ම ඔබගේ දියුණුවට එරෙහිවන්නන්ද ඊර්ෂ්‍යාකාරයින් ද ඉදිරි ගමනට බාධක එල්ල කරනු ඇත. 2014 ජූනි 19න් පසු ව්‍යාපාර ආරම්භ කිරීමෙන් යහපත් ප‍්‍රතිඵල අත්කර ගැනිමේ භාග්‍යය උදාවේ. මෙම වසර තුළ ගුරු මහ දශාව අන්තර් දශාවන් ගත කරන අයට අධික වශයෙන් ශුභ ඵල ලබා ගත හැකිවේ. බලාපොරොත්තු බොහොමයක්ම ඉටු කර ගැනීමට හැකිවේ. විදේශ සම්බන්ධ කටයුතු මගින් ආර්ථිකය උසස් මට්ටමක පවත්වා ගැනීමට හැකිවනු ඇත. විදේශගත වීමේ බලාපොරොත්තු ඉටු වේ. පුණ්‍ය කටයුතු විනෝද චාරිකා සඳහා ද අවස්ථාව සැලසෙනු ඇත. නෛතික ගැටලූ මගින් අතපසු වෙමින් පැවති කටයුත්තක් සාර්ථක ලෙස විසඳාගැනීම සඳහා ක‍්‍රමෝපයයන් එළිපෙහෙළි වෙයි. වසරේ අග භාගය ගැටලූ අවම වී යන අතර සාර්ථක ලෙස තම කටයුතු සලසුම් කර ගැනීමට හැකි වනු ඇත.
ගෘහ ජීවිතය
ගෙදර දොර කටයුතු සම්බන්ධයෙන් පැවති අසහනදායක බව ක‍්‍රමයෙන් ඉවත් වී යන අතර තීරණ ගැනීමේ දුර්වලතා මත ආරවුල් පැන නගිනු ඇත. ස්ථාන මාරුවීමක් සඳහා කටයුතු කරනු ඇත. බොහෝ විට දුර බැහැර රැුකියා සඳහා පිටත් වීමට සිදු වනු ඇත. මානසික සහනය අවම වන අතර ගමන් බිමන් අධික වේ. නිශ්ඵල ගමන් බිමන් ද යෙදෙනු ඇත. පවුලේ සාමය සමගිය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට දරන උත්සාහයන් නිශ්ඵල වේ. ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට මෙම අශුභතා අවම වන අතර බලාපොරොත්තු පරිදි කටයුතු කිරීමට හැකි වේ. විවාහ වීමට බලාපොරොත්තුවන කුම්භ ලග්න හිමියන්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වේ. විවාහක පවුල් තුළ සාමය සැලසෙයි. වාසනාවන්ත දරු උපත් ලැබෙනු ඇත.
රැකියාව
රැකියා කටයුතු සම්බන්ධයෙන් වසරේ මුල් කාලය ශුභ දායක නොවන අතර ජුනි 19න් පසු පැවති ගැටලූමය තත්ත්වය පහවී යන අතර තම අදහස් අනුවම කටයුතු ඉටු වේ. උසස් වීම් සම්බන්ධ බලාපොරොත්තු ඉටු වේ. විදේශ රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඉල්ලූම් කළ අයට එම අදහස් සාර්ථක වනු ඇත. නව රැකියා අපේක්ෂා ඉටු වන අතර උසස් පුද්ගලයින් ඇසුරින් අනාගතය සාර්ථක මගකට යොමු කර ගැනීමට භාග්‍යය ලබයි. ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයට තම ව්‍යාපාරයන් සාර්ථක ලෙස බලාපොරොත්තු ඉලක්ක්කයන් කරා යොමු කර ගැනීමේ භාග්‍යය ජුනි 19න් පසු උදාවේ.
අධ්‍යාපනය
අධ්‍යාපනයේ යෙදෙන කුම්භ ලග්න හිමියන්ට සාර්ථක ලෙස තරග විභාග ආදියෙහි ජයග‍්‍රහණ අත්කර ගනිමින් කටයුතු කිරීමේ හැකියාව ලබයි. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් පැවති බාධක ඉවත් වී යයි. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට ද වෘත්තීය අධ්‍යාපනයේ මෙන්ම කාර්මික අධ්‍යාපන අංශයන්හි අධ්‍යාපනය ලබන අයට ද තම දක්ෂතා මගින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට හැකිවේ. එමෙන්ම විශේෂ වරප‍්‍රසාද අත්කර ගැනීමේ අවස්ථවෙන්ද සැලසෙනු ඇත.
ජය අංකය -  3, 8, 9   ශුභ දිනය -  අ`ගහරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා   ජය වර්ණය -  රතු, නිල්
මීන ලග්නය - ප්‍රබෝධවත් කාලයක්meena
මීන ලග්නයෙන් උපන් ඔබට 2014 වසර ශුභ ඵල අධිකව අත්කර ගැනීමට හැකි වේ. පැවති බාධක ගැටලූ ඉවත් වී යන අතර ප‍්‍රීතියෙන් හා ප‍්‍රබෝධයෙන් යුක්තව තම කටයුතු සාර්ථක මගකට යොමු කර ගැනීමට හැකි වේ. නව ව්‍යාපාර ආරම්භයට ඉතාම ශුභ දායක වසරකි. අතපසු වෙමින් පැවති වැඩකටයුතු සියල්ලක්ම වාගේ සාර්ථක ලෙස සපුරා ගනී. ඥාතිමිත‍්‍රාදීන්ගේ උදව් උපකාර ලබමින් සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වේ. අනාගත දියුණුවට අදාල වැඩපිළිවෙළක් ආරම්භ කරයි. හදිසි ධනලාභ ලොතරැයි වාසනා රේස් සූදු ආදියෙන් ජයග‍්‍රහණ අත්කර ගැනීමට අවස්ථාව උදවේ. දරුවන්ගේ දියුණුව සැලසෙයි. දරුවන් උසස් තත්වයන් ලබා පවුලට ගෞරවයක් අත්කර දෙනු ඇත. අදෘශ්‍යමාන බලවේග මගින් ද සහනය සැලසෙනු ඇත. පුණ්‍ය කටයුතු විනෝද කටයුතු ආදිය පවුලේ අය අතර සහයෝගය ලබමින් සාර්ථක ලෙස ඉටු කිරීමට හැකිවේ. මුදල් යොදවා කරන කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගනී. සමාජ කටයුතු දේශපාලන කටයුතු ආදියෙහි යෙදී සිටින අයට මහජන ප‍්‍රසාදය හිමි වේ. කරන ලද ආයෝජන මගින් බලාපොරොත්තු රහිත සුවිශේෂී වරප‍්‍රසාදයන් හිමිවනු ඇත.
ගෘහ ජීවිතය
ගෙදරදොර කටයුතු සාර්ථක ලෙස ප‍්‍රීතිමත්ව කරගෙන යාමට හැකිවන පරිදි පරිසරය සකස් වේ. නිවැසියන් අතර සාමය වර්ධනය වේ. අතපසු වෙමින් පැවති ගෘහ කටයුතු සාර්ථක ලෙස නිමකර ගැනීමට හැකිවේ. දරුවකුගේ මංගල උත්සවයක් සඳහා ද අවස්ථාවන් උදාවේ. දරුවන් උසස් දියුණුවට පත් වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තුළින් සාර්ථක ප‍්‍රතිඵල ලබනු ඇත. වසරේ මැද භාගයෙන් පසු කාලය ඉතාම වාසනාවන්ත ලෙස ගතවී යයි. ඉතා සැහැල්ලූවෙන් කාලය ගත කරයි. විවාහක පවුල්වලට වාසනාවන්ත දරු උපත් සඳහා භාග්‍යය හිමිවේ. විවාහ වීමට බලාපොරොත්තු වන අයට ඉතාම උසස් මෙන්ම ගුණ ගරුක සහකරුවන් සහකාරියන් මංගල යෝජනා ඉදිරිපත් වන අතර පේ‍්‍රම සම්බන්ධතා ගොඩ නගා ගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇත. කල්පසු වෙමින් පැවති මංගල කටයුතු සාර්ථක ලෙස ඉටු වේ.
රැකියාව
රැකියා කටයුතු සම්බන්ධයෙන් පැවති ගැටලූ නිරාකරණය වන අතර උසස් වීම් තනතුරු ලාභ අත්කර ගැනීමට අවස්ථාව උදාවේ. ප‍්‍රධානීන් සමග කටයුතු කිරීමට ද ඔවුන්ගේ සිත් දිනා ගනිමින් තම සිතැ`ගි පරිදි කටයුතු කිරීමට ද හැකිවේ. ස්වයං රැකියා පුද්ගලික ව්‍යාපාර ආදියෙහි යෙදෙන අයට ද තම අදහස් පරිදි ව්‍යාපාරයන් පවත්වා ගැනීමට හැකි වන අතර උසස් දියුණුවක් අත්කර ගැනීමට හැකි වන පරිදි කටයුතු සැලසෙනු ඇත. පැවති අඩු ලූහු`ඩුතා මගහරවා ගැනීමට ද  පැවති භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට ද හැකි වේ. ව්‍යාපාර කටයුතු සඳහා ඉඩම් මිලදී ගැනීමක් හා වාහන මිලදී ගැනීමක් ද සිදු කරයි. රැකියා අපේක්ෂා  ඉටු වේ. බලාපොරොත්තු අබිබවා සාර්ථකත්වය සැලසෙනු ඇත.
අධ්‍යාපනය
අධ්‍යාපනයේ යෙදෙන මීන ලග්න හිමියන්ට කලකින් උදා වූ ඉතාම වාසනාවන්ත වසරකි. අධ්‍යානය සම්බන්ධයෙන් පැවති බාධක අවහිරතා ඉවත් වී යන අතර ඉතාම බුද්ධිමත්ව සාර්ථක ලෙස තම විෂය ධාරාව තුළ කටයුතු ඉදිරියට ගෙන යයි. තරග විභාග ආදියෙන් වාර්තාගත ජයග‍්‍රහණ අත්කර ගනී. විවිධ භාෂාවන් අධ්‍යයනය කිරීමට ද අවස්ථාවක් උදාකරයි. විද්‍යා පරීක්ෂණ ගවේෂණ කටයුතු ආදියෙහි සාර්ථක ප‍්‍රතිඵල අත්කර දෙනු ඇත. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට ද බලාපොරොත්තු ඉලක්කයන් කරා පහසුවෙන්ම යොමු විය හැකි පරිදි කටයුතු සැලසෙන අතර විදේශ ශිෂ්‍යත්ව විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා ද වාසනාව සැලසෙයි.
ජය අංකය -  3, 9   ශුභ දිනය -  අ`ගහරුවාදා, බ‍්‍රහස්පතින්දා   ජය වර්ණය -  රතු, කහ
ජ්‍යොතිෂ විශාරද
කලවානේ සෝමා විජයරත්න
මූලාශ්‍රය රිවිර