Hot!

ජනාධිපති රාජපක්ෂ වෙත නෙල්සන් මැන්ඩෙලාගෙන්



ප්රිය මහින්ද රාජපක්ෂ,

මෙම ලිපිය ලිවීම ආරම්භ කිරීමට පෙර මා එක් කරුණක් කියන්නට කැමැති යි. එනම් අපට මුණ ගැසී කතා කිරිමට නොලැබීම ගැන මා කණගාටු වන බවයි. ඔබ ඉතා දුෂ්කර යුද්ධයක පැටලී සිටි නිසා සමහර විට ඔබට මා ඔත්පල වීමට පෙර හමුවීමට එන්නට අවස්ථාවක් නැති වන්නට ඇති.

ඔබේ ලස්සන රටෙහි ජීවත්වන සියළු ජනයා කෙරෙහි මා පළමුවෙන්ම ස්තුති වන්ත විය යුතු යි. ඒ අපේ දේශය වර්ගවාදයේ සාපයට යටත්ව තිබූ මෑත අතීතයේ දී  ඔබේ රටෙහි ජනයා සහ නායක නායිකාවන් පැගී සිටි අපේ ජනයාගේ නිදහස වෙනුවෙන් දෙන ලද අදම්යහ සහාය නිසා ය. ඔබේ රටේ ජනාධිපතිනියක වූ චන්ද්රිකා කුමාරතුංග හමු වූ අවස්ථාවන්හි දී මම මේ බව ඇයට ද කියා සිටියෙමි.

අපේ දෙරටම විවිධ තත්වයන් යටතේ නමුත් යුද්ධයේ සාපයෙන් පීඩා විඳ ඇත්තෙමු. යුද්ධය සමහර විට සාධාරණය. සමහර විට අසාධාරණය. ඒ කෙසේ වෙතත් යුද්ධයක අවසානය විසින් ඉතිරි කරන ප්රශ්න බොහෝ සමාන ය. මන්ද යත් යුද්ධය යනු සංහාරය නිසා ය. අපේ දකුණු අප්රිකාවල නිදහස් ප්ර්ජාතන්ත්ර්වාදී පාලනයක් දිනා ගත්තේ දීර්ඝ කාලීන පීඩාකාරී වර්ගවාදී පාලනයක්  සහ සන්නද්ධ ප්රාතිවිරෝධය පෑමක් පසුබිමෙහි ඇතිව ය. එසේ නමුත් ආමානුෂික වර්ගවාදී පාලනය අවසන් වීමෙන් පසු එම පිළිවෙත සහ එම පිළිවෙත ගෙන ගියාවූ වර්ගවාදී රජය සමඟ මාරාන්තික අරගලයක නිරත වී සිටි අපේ අරමුණ බවට පත් වූයේ සාමය සහ ප්රජාතන්ත්රනවාදය ගොඩ නැගීම යි. යුද්ධයකට වඩා එය බොහෝ සෙයින් වෙනස් ය.

ඔබේම කලාපයේ ඉතිහාසය දෙස බැලූ විට හමුවන අශෝක අධිරාජ්යයා ද එවැනි වෙනසක් ඇති කිරීමට සමත් විය. ඔහු යුද්ධයේ දේශපාලන සළුපිළි උනා තබා ධර්මාශෝක බවට පත් විය.  සාමය සහ මානව නිදහස ඇති කිරිමට නම් යුද්ධයේ දේශපාලනයෙන් ඉවත්වීම අත්යවශය ය. දකුණු අප්රිකාවේ එක් පාඩමක් එය යි.

එමෙන්ම අපේ නිදහස සඳහා අන්තර් ජාතික දේශපාලන බලපෑම් මහෝපකාරී වූ බව ද සඳහන් කළ යුතු ය. මා ඔබට කීමට කැමැති මගේ වැදගත්ම අත්දැකීමක් නම් අන්තර් ජාතික දේශපාලන බලපෑම් රටක හොදට මෙන්ම නරකට ද තීරණාත්මක ලෙස බල පෑ හැකි බවයි. එහි බලපෑම වැළැක්විය නොහැක.

එසේ නමුත් රටක අනාගතය රඳා පවතින්නේ දේශීය බලවේග මත  බව අපේ අරගලය අපට සනාථ කළේ ය. දකුණු අප්රිකාවේදී අන්තර් ජාතික සහ ජාතික බලවේග ක්රි යාත්මක වූයේ එකම කඹයක වෙළු දෙකක් මෙන් ය.

 අප රට තුළ නිදහස සඳහා ප්ර බල ව්යාපාරයක් නොවූයේ නම් එවැනි අන්තර් ජාතික දේශපාලන බලපෑමක් ඇති වන්නේවත් ඇති වුවත් ඉන් වැඩක් වන්නේවත් නැත.  ඔබට අප වැනි අන්තර් ජාතික කන්ඩායම් වලින් සහාය ලබා ගත හැක්කේ කෙලෙසකදැයි කල්පනා කර බලන්න.

මා මෙසේ දේශපාලන සාකච්ජාකට යොමු වන්නේ විශේෂයෙන්ම එක් කරුණක් නිසා ය.  එනම් ඔබ සහ ඔබගේ ආන්ඩුව අපේ දකුනු අප්රිකාවේ අත්දැකීමක් වන සත්ය සෙවීමේ සහ ප්රති-සන්ධානයේ කොමිසම ගැන උනන්දු වන බව ඇසන්නට ලැබීම යි. එය  සතුටට කරුණකි. මෑත පැවැති පොදු රාජ්ය  මන්ඩළ රුස්වීමේ දී  ශ්රී ලංකාවේ නොවිසදී පවත්නා යුද්ධයට අදාළ මිනිස් අයිතිවාසිකම් විසදීම පිණිස දකුණූ අප්රිකානු අත්දැකීමෙන් ඉගෙන ගැනීමට ඔබ සතු කැමැත්ත ප්රිකාශ වීම ඉතා අගනේ ය. 

මා සමඟ එක්ව දකුණු අප්රිශකාවේ නිදහස උදෙසා සටන් කළ බිෂොප් ඩෙස්මන්ඩ් ටූ ටූ වැනි මගේ කාලයේ යහපත් මිනිසුන් ඔබේ රට මුහුණ දී සිටින කණගාටුදායක තත්ත්වය ගැන අවස්ථා ගණනාවකදීම පැහැදිළි කිරිම් කර තිබුණි. 2007 වසරේ දී මාල ග්රාෂියා මචෙල් සහ බිෂොප් ඩෙස්මන්ඩ් ටූ ටූ එක්ව වයෝවෘර්ධයන්ගේ එකමුතුව :ඔයැ  ෑකාැරි* ඇති කළේ ද ලොව මුහුණ දී සිටින උග්ර්තම ප්රශ්ණ විසදනු පිණිස සහාය වීමට යග ඊට මානව හිමිකම් ආරක්ෂකයින් ලෙස ලොව පිළිගත් කොපි අන්නන් මේරි රොබින්සන් වැනි නායක නායිකාවෝ කන්ඩායමක් එකතු වූහ. ඒ අවස්ථාවේ මම මෙසේ කීවෙමි  , ගත යුතු කවර හෝ පියවරක් ගනු පිණිස මෙම කන්ඩායමට නිදහසේ සහ එඩිතරව කතා කළ හැකි ය. ප්ර්සිද්ධියේ හෝ අප්රදසිද්ධියේ ක්රියාත්මක විය හැකි ය. එමගින් අප එක්ව බිය ඇති තැන ධෛර්ය ඇති කරනු පිණිස දල ගැටුම් ඇති තැන එකඟතා ඇති කරනු පිණිස දල අපේක්ෂා භංගත්වය ඇති තැන බලාපොරොත්තු දැල්වීම පිණිස ද කටයුතු කරමු.

අප තිදෙනා විසින් මූලිකත්වය ගනනා ලද මෙම වයෝවෘද්ධයින්ගේ එකමුතුවෙහි සභාපතිත්වය 2007 සිට 2013 දක්වාම දරන ලදදේ මා මුලින් සඳහන් කළ බිෂොප් ටූ ටූ ය. ඔහු නිදහස ලද අපේ දේශය යළි වනචාරී යුද්ධය කරා ඇද වැටීම නතර කරනු පිණිස මහඟු සේවයක් කළ මිනිසෙකි.

බොහෝ දෙනෙකු විසින් මාගේ අනුප්ර ප්තිකයා වනු ඇතැයි විශ්වාශ කළ දකුණු අප්රිකානු කොමියුනිස්ට් පක්ෂයේ නායක ක්රිස් හානිල සුදු ජාතික වර්ගවාදීන් විසින් 1993 දී ඝාතනය කරන ලද අවස්ථාවෙහි  ටූ ටූ රඟ පෑ භූමිකාව ඉතිහාසීය වශයෙන් අද්විතීය වේ. සිය නායකයාගේ මරනයෙන් උද්වේගයට පත් 120000 තරම් ජනකායක් සුදු ජාතික විරෝධී ගැටුම් ඇති කිරීමට පොදිකමින් සිටියහ.  ඔහුගේ අවමංගල්ය උළෙලෙහි දී බිෂොප් ටූ ටූ තමා සමඟ එක්ව උද්යෝග පාඨ කීමට එම ජනයා පොළඹවා ගත්හ , අප නිදහස ලබනවාමයි,  , අප හැමෝම, , කලු සහ සුදු හැමෝම එකට, එම සපථ කිරීම විසින් ගැටුම් සඳහා තිබූ ආවේගය සාමාකාමි මාවතට හැරවුණි.

ඔබ අවශය නම් ජීවිත කාලය පුරාම රටෙහි නායකයා වී සිටිය හැකි පරිදි රටෙහි ව්යවස්ථාව 18වන සංසෝධනය මගින් වෙනස් කර ගැනීම පුදුමයට කරුණකි. ඔබට දකුණු අප්රිකාවෙන් ඉගෙන ගැනීමට හැකි තවත් දෙයක් නම් එය යි. මා ජනාධිපති ධූරය එක් වරක් පමණක් දරා ඉවත් වූයේ අනෙක් නායකයින්ට ඉඩ සැළසෙන පරිදි ය. 2013 වසරෙහි දී වයෝවෘද්ධයින්ගේ එකමුතුවෙහි සභාපතිකමින් ඉවත් වෙමින් බිෂොප් ටූ ටූ කියා සිටියේ , වයෝවෘද්ධයින් ලෙස අප ජීවිත කාලයම සභාපතිවී සිටීමේ සංකල්පයට විරුද්ධ විය යුතු ය. අපූරු සය වසරකට පසු මට ද දැන් ඉවත් වීමට කාලය පැමිණ තිබේ, කියා ය. 

ප්රිය මහින්ද රාජපක්ෂ මා ගැන ඔබේ ගරුත්වයට ස්තුති කරමි. එම ගරු කිරීම අර්ථවත් කර ගනු පිණිස දැන් ඔබ ගමන් කරන්නේ අප විසින් දක්වන ලද මාවතෙහි ද කියා කරුනාකර හොදින් විමසා බලන්න. 

මගේ මරනයෙන් පසු මා සුරැවමක් බවට පත් කර ගෙන සෑම වරදකාරී පාලනයකටම මාගේ නාමය සහ රූපය ගෑවීමට ඇති ඉඩ මා බිය පත් කරයි.  නිදහසින් පසු අපට වඩා සහමුලින්ම වෙනස්ව ප්රචන්ඩ මාවතකට ගමන් ගත් සිම්බාබ්වේ හි ජිවිත කාලයම ජනාධිපති වී සිටීමට කැස කවන රොබට් මුගාබේගේ අතිජාත මිතුරකු වන ඔබට අපෙන් ඉගෙන ගැනීමට ඇත්තේ  කුමක් ද? තවත් එවැනිම සිත් කළඹවන ආරංචියක් නම් අප්රි කාවේ පසුගාමීම රාජයක් වන ස්වාසිලන්තයේ රජු සහ ඔබ අතර ඇති ඇයි හොදයියයි. ඔබ යන්නේ මුගාබේ සහ ස්වාසිලන්ත ඒකාධිකාරී රජු පිටුපස නම් අපට ඔබට දිය හැකි දෙයක් නැත.

ඔබට දකුණු අප්රි කාවෙන් ඉගෙන ගැනීමට හෝ මාගේ පසුකාලින දේශපාලනයෙන් ඉගෙන ගැනීමට යමක් ඇත්නම් ඒ වනාහී යුද්ධ දේශපාලනය සහ සාම දේශපාලනය අතර ඇති වෙනස තේරුම් ගැනීම බව මා සඳහන් කරන්නේ ඒ නිසා ය. සාම දේශපාලනය පදනම් වන්නේ බලහත්කාරය හෝ යුදකරණය මත නොව යුක්තිය සහ සාධාරණය පෙරටු කර ගත් ප්රජාතන්ත්රයවාදී පැවැත්මක් මත ය. 

ඉහත කී වයෝචෘද්ධයින්ගේ එකමුතුව සහ බිෂොප් ටූ ටූ 2013 වසරෙහි මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි ඔබේ රට ගැන කියා ඇති දේ මට ද කියවන්නට ලැබුණි.

,යුද්ධාවසානයෙන් සිව් වසරක් ගත වී ඇතත් ශ්රී  ලංකාවෙහි යුද්ධ සමයෙහි සිදු වූ අපරාධ ගැන පිළිගත හැකි දේශීය පරීක්ෂණයක් සිදුව නැත. එමෙන්ම ශ්රි ලංකාන්ඩුවේ ම යාන්ත්රණය වූ උගත් පාඩම් සහ ප්රහති සන්ධාන  කොමිසමෙහි නිර්දේශයන් ක්රිනයාවට නැංවෙන තත්ත්වයක් ද නැත. යුද හමුදාව විසින් යුද හමුදාවේම අපරාධ චොදනා විභාගයට ලක් කිරීම ද නියම ක්රියාවලිය නොවේ. අගවිනිසුරුවරිය වූ ශිරානි බන්ඩාරනායක දෝශාභියෝගයක් මගින් ඉවත් කිරීම කණසල්ලට කැරුණකි ,

මා ආරම්භක සාමාජිකයකු වූ එකී වයෝවෘද්ධයින්ගේ එකමුතුව ද  ශ්රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි දී සම්මත වූ යෝජනා දෙකටම සහයෝගය ලබා දුන් බව ද අවසාන වශයෙන් ඔබට සඳහන් කළ යුතු ය. අප එසේ කළේ ශ්රී ලංකාවට විරුද්ධ නිසා නොව එහි ජනයාගේ මානව අයිතීන් සම්බන්ධයෙන් අප දක්වන සැළකිල්ල නිසා ය.

එසේ නමුත් දැන ඔබ යන ගමන අනුව  මා අයත් වනු ඇත්තේ ශ්රී  ලංකාව විනාශ කිරීමට කැස කවන ජාත්යන්තර කුමංත්රනණයකට  නොවේ දැයි මම විපිලිසර වෙමි.  කරුනාකර යළි ඔබේ ගමන් මඟ ගැන වමසා බලන්න‍

මෙයට හිතවත්ල

නෙල්සන් මැන්ඩෙලා

නෙල්සන් මැන්ඩෙලා විසින් ලියන්නට ඉඩ තිබූ ලිපියක් ලියා එවූයේ සුනන්ද දේශප්රි ය විසිනි.