Hot!

මහාවංශික ඉතිහාසෙත් ඓතිහාසික ප්ර බන්ධයක්ද? – .මගේ ආදරණීය යක්ෂණී.


සුදර්ශන සමරවීර


මංජුල වෙඩිවර්ධනගේ .මගේ ආදරණීය යක්ෂණී. පෘෂ්ඨීය වියමන සහ අර්ථකාරක ගුණයෙන්ද සෑහෙන සංදිග්ධතා පෙන්වන සංකීර්ණ නවකතාවක් බව මා වෙනත් තැනක ලියා ඇත. විශේෂයෙන්ම වෙඩිවර්ධන භාෂාව සහ අනෙකුත් ව්යු හීය අංග ගැට ගසන ආකාරය සාමාන්ය් පාඨකයාට දනවන නුහුර ඇතැම්විට සාමාන්යත සුසාදිත- යථාර්ථවාදී නවකතා කියවන පාඨකයා කියවීමෙන් ඈත් කරන්නටද ඉඩ තිබේ. අනික් අතට මේ නවකතාවේ තේමාත්මකය සිංහල බෞද්ධ දේශප්රේනමීන් කුලප්පු කරන්නක්ද වේ. මේ කරුණු දෙක නිසාම වෙඩිවර්ධනගේ මගේ ආදරණීය යක්ෂණී නවකතාව ලංකාවේ සාහිත්ය පඨනයේ ඒ තරම් ආකර්ෂණීය ඉඩක් ගනිතැයි අපි බලාපොරොත්තු නොවෙමු. කෙසේ වෙතත් මෙවැනි සංකීර්ණ පෘෂ්ඨයක් සහිත නවකතාවක් කියවීමේ අත්දැකීම මෙවැනි කෙටි රචනයක විස්තර කරන්නට යෑමද සෑහෙන අසීරු වැඩකි. එබැවින් මගේ ආදරණීය යක්ෂණී කියවීම බෙහෙවින්ම සීමාසහිත අවකාශයක ගාල් කරන්නට සිදුවේ. :කාලයත් ඉඩත් ලද තැනෙක මගේ ආදරණීය යක්ෂණී ගැන දීර්ඝ සංවාදයකට මං පෑදෙනු ඇත.

නවකතාවේ කතානායක මේඝවන්න වේගා ප්රංීශයේ පිටුවහල් ජීවිතයක් ගතකරන්නෙකි. එය දේශපාලනික පිටුවහල්භාවයකි. ඔහු ඉතිහාසය ගවේෂණය කරන්නෙකි. විශේෂයෙන්ම ප්රපබන්ධතාත්මක ඉතිහාසයට අභියෝග කරමින් අතීතය අවුස්සමින් මහේශාක්යත- මහාවංශික ඉතිහාසයට විකල්පව සැබෑ ඉතිහාසය සොයා යන්නෙකි. නවකතාවේ අනෙක් ප්ර්ධාන චරිතය හෙවත් ආදරණීය යක්ෂණී නේත්රබබිම්බාය. ඇය අර ඉතිහාසඥයාට- කවිකාර ලේඛකයාට උමතුවෙන් පෙම් කරන්නියකි. දෙදෙනා අතර සංසර්ගික ආදර පටලැවිල්ලකින් ආරම්භ වෙන නවකතාව විජය- කුවේණි අන්දරය තරම් ඈතට දිවෙයි.  චිත්තභානුල දුර්ගඡායාල නිබ්බ ඇතුළු අතුරු චරිත කිහිපයද මව්බිමෙන් පිටුවහල් වූ චරිතය. ඔවුහු පිටරටවල්වලදී .කොළ පත්රා. අරගලයකට මැදිවෙති. ඒ නිසාම නොයෙක් විට හමුවෙන මොවුහු අතර සිදුවන වර්තමාන ජීවන අත්දැකීම් :පිටරටක ජීවත්වීමේ වේදනාව* සහ අතීත ලංකා- මතක පිළිබඳ ආවර්ජනය පෞද්ගලිකත්වය බිඳ බරපතළ සමාජ කියවීමක් ඉල්ලා සිටියි. වර්තමාන වේදනාවේ සිට ඉතිහාසයේ අඳෝනාවක් දක්වා නවකතාවේ තේමාත්මකය දුරදිග යයි. මගේ ආදරණීය යක්ෂණී නවකතාව ගැන එතැනින් එහා සාරාංශයක් කිරීමට මේ රචනය උත්සාහ නොකරන අතර නේත්ර බිම්බා හෙවත් ආදරණීය යක්ෂණී සමග වේගා පැටලෙන උමතු සංසර්ගයක සිට යාපනේ නාවාලිවල ශාන්ත පීතර දෙව්මැදුරට බෝම්බ දැමූ කතාව දක්වා වූ එකිනෙකට වෙනස් අතීත- වර්තමාන ප්රදබන්ධමය විඳීම් අතර ඇති අතුරු කතා මම මගගැර යමි.

,කුවන්නා කියන්නෙ දෙමළ ගෑනියෙක්ට :399 පිට*

වෙඩිවර්ධනගේ නවකතාවේ අවසානය එයයි. මම එතැනින් පටන් ගනිමි. බහුතරය වටා බලය ඒකරාශී වෙන විට සුළුතරයේ සුළු අයිතීන් මූලික මානව හිමිකම් පවා නන්නත්තාර වී යයි. පශ්චාත් යුද ලංකාව එහි ආදර්ශයකි. වෙඩිවර්ධනගේ නවකතාවේ සංදර්භයත් කතිකාමය මැදිහත්වීමත් මේ මොහොතය. සිංහල බෞද්ධ හෙජමොනිය විසින් මේ බිමේ උරුමය ගැන උරුමක්කාරයන් යැයි හඳුන්වන තනි පිරිසකට තමා ගැනම උන්මාදයක් ගොඩනංවන විට ඉතිහාසඥ මේඝවන්න වේගාට හමුවන ලංකාවේ යක්ෂ ගෝත්ර ය දමිළ සම්භවයක් සහිත ජන කොටසකි. විජයාගමනයටත් පෙර සිට දමිළ ජනතාව ලංකාවේ වාසය කළ බව මේ ඉතිහාසඥයා සොයා ගනියි.

ඉතිං මේ මේඝවන්න වේගාගේ අපූරු සොයාගැනීම වන ,කුවේණි දෙමළ වීම, අපේ කෙටි රචනය පුරා කේන්ද්රා්භීසාරී මෙන්ම කේන්ද්රාභපසාරීද වෙයි. සාහිත්යයකරුවා යනු ඉතිහාසඥයකු නොවේ. එහෙත් ඉතිහාසගත වාස්තවිකත්වයන් ප්රශ්න කරන්නට අලුත් යථාර්ථ ඇති බව යෝජනා කරන්නට ඉතිහාසගත අධිපති දෘෂ්ටිවාද අභියෝගයට ලක්කරමින් ඒවා සංස්කරණය කරන්නට සාහිත්යක කෘතියකට මැදිහත් වන්නට පුළුවන. ඒ අර්ථයෙන් මංජුල වෙඩිවර්ධනගේ මේ නවකතාව බරපතළ ලෙස සංවාදයට ගතයුතු කෘතියකි.

,අතීතය යනු ඉතිහාසයයැ,යි වරදවා නොගන්න. මට අනුව ඉතිහාසය හැමවිටම ප්රබන්ධයකි. නොඑසේ නම් කවන්ධයකි. ඉතිහාසය අතීතය තරම් අවංක නැත. ඉදින් නිකලාසුවන් පියමැන ආයේ ඉතිහාසය දෙසින් නොව අතීතය දෙසින් බව මම පවසමි. එසේ වතුදු මා නිවහන ඉදිකර තිබුණේ ඉතිහාසය මතය, :159 පිට

වෙඩිවර්ධනගේ නවකතාව මගින් අවුස්සන ඉතිහාසයද පරිකල්පනීය- ප්රාබන්ධමය ඉතිහාසයකි. අධිපතිධාරී ප්ර බන්ධමය ඉතිහාසයක් අභියෝගයට ලක් කරන්නට තවත් ප්රිබන්ධමය ඉතිහාසයක් නිර්මාණය කිරීම අපූරු වැඩකි. ඓතිහාසිකව ගත්විට යථාර්ථවාදී නවකතාව බොහෝවිට සේවය කර ඇත්තේ පවතින යථාර්ථවාදය සුරැකීම වෙනුවෙනි. නැත්නම් පවතින යථාර්ථය තවදුරටත් ප්රතතිනිෂ්පාදනය කිරීමටය. සත්යවභාසී- යථාර්ථවාදී නවකතාව මුල සිටම කළේ එයයි. යථාර්ථවාදයේ ආභාසය ලබමින් ඉතිහාසයේ සහ සමාජයේ අර්ථ :සමාජ- දේශපාලනික- සංස්කෘතික* නිරූපණය හෝ දරා සිටීම නවකතාවේ කාර්යයක් විය. බටහිර නවකතාවේ ආරම්භය අදාළ ඓතිහාසික සමාජ තත්ත්ව සමග දැක්වූ සම්බන්ධය විස්තර කිරීම අපේ සාකච්ඡාවට අමතර එළියක් විය හැකි වුවද එය නාමමාත්රික සඳහනකින් එහා යන්නට මෙතැන අවසර නැත. එහෙත් සමකාලීන ප්රබන්ධ කතාවල විශේෂයෙන්ම පශ්චාත් යථාර්ථවාදී ප්රබන්ධ කතාව එහි ස්වභාවයෙන්ම යටකී තත්ත්වයන්ට අභියෝග කරයි. ඒවා කරන්නේ පවතින යථාර්ථය හෝ ඉතිහාසගත අධිපති දෘෂ්ටිවාද වැපිරීම කොපි කිරීම හෝ සංරක්ෂණය කිරීම නොවේ. පශ්චාත් යථාර්ථවාදී නවකතාවල ප්රබන්ධමය යථාර්ථය නැතිනම් සාහිත්යික පඨීතමය ලෝකය එදිනෙදා යථාර්ථවාදයෙන් සාපේක්ෂ ස්වායත්තවක් හිමිකර ගන්නා බව අපි දනිමු. එය සුවිශේෂ පරිකල්පනීය යථාර්ථයක් වුවත් .අහසේ පාවෙන. වර්ගයේ එකක් නොවේ. වෙඩිවර්ධනගේ නවකතාව ඓතිහාසික යථාර්ථය බිඳිමින් ගොඩනගන ඉතිහාසය පිළිබඳ කතාන්දරය ගැන සංවාද කිරීම සිටීබී බස්වලත් .මේ සිංහල අපගෙ රටයි .මේ ගෞතම බුදුන්ගේ දේශයයි. යනුවෙන් ස්ටිකර් අලවාගෙන සිටින සෙනඟක් සිටින රටකට කටු ඇනීමක් වීම අහම්බයක් නොවේ. දෙමළාටල දෙමළවීම නිසාම ප්රිශ්න ඇති බව කියන්නට පත්තර පිටුත් ඉන්ටර්නෙට් පිටුත් වැය කර බැණුම් අසන ඉතිහාසඥයන් ඇති රටක වෙඩිවර්ධනගේ නවකතාව සිංහල පාඨක සමාජය කෙසේ අල්ලා ගනීද යන්න ගැන සුබවාදී විශ්වාසයක් මට නැත. එහෙත් .සිංහලකම. රටේ උරුමයයැ.යි සිතා සුළු ජාතීන්ට එළිපිට ගල්ගසන ඥානසාර වර්ගයේ කැරලිකරුවන් සහ සිංහල රාවණා එළි හොයන බුද්ධිමතුන් ඉන්නා රටක ජනතාවට කුවේණිය නම් යක්ෂණිය දෙමළ බව හෙළිකිරීමේ ඉතිහාස කතාන්දරය කියවීම හදවතට කටු අනින්නක් වනවාට මම කැමතිය. ඉතිහාසය යනු ප්රබන්ධයක් බවත් කවන්ධයක් බවත් වෙඩිවර්ධන කතානායක මේඝවන්න වේගාගේ මුවට නගා ඇත. මා සිතන්නේ නම් ඉතිහාසය යනු කවන්ධයක් නොව හෘදය සාක්ෂියක් නැති එක පැත්තක් බලාගත් තනි ඇහැක් ඇති හිසක් බවයි. ඉතිං මෙවැනි ප්රබන්ධමය ඉතිහාසයක් හාරා අවුස්සා පවතින සමාජ විසමතාවන්ට විකල්ප යෝජනා කරන අයට සිදුවන්නේ ඉපදිච්ච රටේවත් ජීවත්වන්නට බැරිවීම බව නවකතාව කියයි. එවැනි මත ඉවසන්නට තරම් අපේ සමාජයට ධෛර්යයක් නැත. එහෙත් මේ නවකතාවට තර්කයක් තිබේ. ,ඇත්ත හොයා ගන්නට නම් අවම වශයෙන් සමාජයක් වශයෙන් තර්ක කිරීමට අප පුරුදු පුහුණුවිය යුතුය. එවන් සමාජයක් ගොඩනැගෙන්නට ඉඩ සලසනු විනා මෙවන් මිනිසුන් සංත්රා ස ගන්වා ස්වයං පිටුවහලට තල්ලු කිරීමෙන් රටක් වශයෙන් යාහැකි දුර කොතරම්ද?, :276 පිටග* නවකතාවේ කතානායක වේගා අසන මේ ප්රනශ්නය ඉතාම තීරණාත්මක එකකි.

දැන් තව තැනකින් පටන් ගමු. මිනිස් පරිකල්පනය පොහොසත් කිරීම සාහිත්ය  කෘතියකට කළහැකි විශිෂ්ටතම කාර්යයකි. එදිනෙදා අපි පිළිගන්නා දේට විකල්ප ආකෘතීන් අදහස් ඇගයුම් ප්රතිමාන- යථාර්ථයන් පරිකල්පනය කරන ප්රාබන්ධකතා පාඨකයාගේ පරිකල්පනයද අවුලුවයි. මේ පරිකල්පනයේ ඇවිලවීම මගින් වෙනස් මිනිසුන් සහ යථාර්ථයන් ඉවසන්නටත්- හඳුනාගන්නටත් අවශ්ය් චින්තනමය ආවේශය සැපයීමල සහනුකම්පාව වර්ධනය කිරීම සාහිත්යන කෘතියක් කරනා බරපතළම සමාජමය මැදිහත්වීමකි. එය අනෙකා ගැන දුක හිතෙන දේවල් ලියනවාට වඩා සංකීර්ණ කටයුත්තකි. :සුළු ජාතීන්ල ස්ත්රීන් දුප්පතුන් සමලිංගිකයන් ගැන දුක හිතෙනා කවි- කතා ඇතුළු සාහිත්යක නිර්මාණ කළ පමණින් අර සහනුකම්පාව සමාජයක වගා කළ නොහැකිය. එවැනි දුක පොටෝ ගැසූ නිර්මාණ නම් අපට හිඟ නැත. වෙඩිවර්ධන තම නවකතාව ඔස්සේ අපේ ඉතිහාසය ඓතිහාසික ප්රබන්ධයක් බව පවසමින් එහි සැබෑ ඉතිහාසය හදාගැනීමට සාහිත්ය ප්ර බන්ධය මා අර කී අනෙකා සම්බන්ධයෙන් නැවත සිතීමට හොඳ උත්තේජකයකි. එනම් පාඨක හදවතටත් ඔළුවටත් එක වැර ඇන පරිකල්පනය අවුළුවා සහනුකම්පාව වගා කිරීමකි.



මා මෙහි යන්තමින් උත්සාහ කළේ නවකතාව කියවීමට එක් දොරටුවක් ඇරගැනීමට පමණි. එබැවින් මෙය මගේ ආදරණීය යක්ෂණී ගැන අර්ථකථනයක් නොවේ. මේ නවකතාව මගින් ආදරයල ලිංගිකත්වය ස්ත්රීකත්වය ගැන වර්තමාන චරිත ඇසුරින් මෙන්ම කුවේණී- අල්ලිරානී වැනි පුරාණෝක්තිමය චරිත ඇසුරින් ගොඩනගන කතිකාව වෙතට පාඨකයා ඇස් ඇරිය යුතුය. මේ නවකතාව මා මුලින් කියූ පරිදි ප්රබන්ධ ව්යුහය මෙන්ම තේමාත්මක සංකීර්ණත්වයකින් හා සංදිග්ධතාවකින්ද යුතු නිසා කියවන්නා නොයෙක් විට නොයෙක් අර්ථ පසුපස ඇදී යන්නට පුළුවන. මෙහි සරල රේඛීය කතා වින්යා සයක් හෝ සාරාංශ කළහැකි කතාවක් නැති නිසා මා යන්තමින් සාකච්ඡා කළ ඉතිහාස කතාන්දරයට මේ නවකතාව ලඝු වන බවද සිතිය යුතු නැත. විශේෂයෙන්ම සමකාලීන ප්රබන්ධ කතා සෘජ අර්ථයක් හෝ තේමාවක් ඉලක්ක කරගත් ඒවා නොවේ. ඒවා නොයෙක් ආකාරයෙන් නොයෙක් තේමා පසුපස යමින් නවකතාව ගැන සාකච්ඡා කිරීම සාහිත්යම පඨනයයි. ජොනතන් කලර් කීවාක් සේ සෑම පාඨකයෙක්ම පඨිතය අලුතින් ගොඩනගන්නෙකි. වෙඩිවර්ධනගේ මේ කෘතිය ඒ පඨිත කේන්ද්රීකය කියවීම වෙත හොඳින් ඇරුණු දොරකි.

බහ්වර්ථීජනනය හෙවත් බහුඅරුත් නිෂ්පාදනයේ විභවතාව අතින් සත්යනභාසී- යථාර්ථවාදී ප්රවතිනිර්මාණ විදියට අනුගත ප්රාබන්ධ කතාවලට සාපේක්ෂව නූතනවාදී හා පශ්චාත් යථාර්ථවාදී ලක්ෂණ පෙන්වන කෘති ඉදිරියෙන් සිටියි. එම විභවතාව ප්රාබන්ධකරුවා විසින් දැනුවත්ව නිර්මාණය කිරීමේ වැදගත්ම කොන්දේසිය ලෙස හඳුනාගත හැක්කේ මෙවැනි සාහිත්ය් පඨිතවල ව්යු හ සංරචනයේ වෙනසයි. වෙඩිවර්ධනගේ නවකතාව පාඨකයා පටලාගන්නා වැදගත්ම කොන්දේසියක් වන්නේද ඔහු මේ ප්රනබන්ධයේ ව්යුහය රචනා කරන විදිහයි. ඒ ගැන ඉතාම කෙටි අදහස් කිහිපයක් පමණක් මෙහි සාරාංශ කරමු. සාහිත්ය නිර්මාණයක් නිර්සාහිත්යික ලේඛනයකින් වෙන්කර හඳුනාගැනීමේ මූලිකම ආකාරය ලෙස ජොනතන් කලර් කියූ භාෂාව පෙරබිමට කැඳවීමේ ක්රියාවලිය ගැන මංජුල වෙඩිවර්ධන ඕනෑවටත් වඩා සංවේදී ලේඛකයෙකි. ඔහු මේ නවකතාවේ පෘෂ්ඨීය වියමන වියා ඇති ආකාරයෙන් එය පෙනේ. ඔහුගේ භාෂාව සාමාන්ය යෙන් කතා කරන හෝ ලියන භාෂා ශෛලිය නොවේ. එය ඔහු විසින්ම වර්ධනය කරගත් එකකි. නවකතාවක අතරමැද කවි භාවිත කිරීම නවකතාවට අලුත් දෙයක් නොවුණත් වෙඩිවර්ධන වෙනත් සිංහල රචකයන්ට වඩා වැඩිපුර එය කරයි ,මම, බැරලයක් වී ඇති සැටිත් සමාජයේ තවත් බැරල් ඈත තව ඇති සැටිත් කියන්නේ ඔහු සංයුක්ත කවියකිනි. නවකතාවේ පරිච්ඡේද නැවත නැවත කුඩා අනුමාතෘකා යටතේ ගොනුකර ඇත. ඒ සියලු අනුමාතෘකා කතාවේ සිදුවීම් පිළිබඳ අන්තර් දෘෂ්ටීන් පෙන්වන රූපකාත්මක- කාව්යාත්මක වැකිය. අවසාන විග්රහයේදී වෙඩිවර්ධනගේ නවකතාව එක කවියක්යැ.යි කිවහැකි තරමටම කාව්යාත්මකය. එහෙත් බෙහෙවින් සංදිග්ධය. ඊට අමතරව වේගා ලියූ පුවත්පතේ රචනාව සහ එංගලන්තයේ සිට පැරිස් යන උමං දුම්රියක ඒ ගැන සිදුවන සංවාදය යන දෙකම තනි පරිච්ඡේදයක පිටු :ඉරකින්* දෙකට බෙදා ස්ථානගත කර ඇත. මෙය අලුත් කියවීමේ අත්දැකීමකි. මේ ආකාරයට නවකතාවේ මතුපිට භාෂාත්මක ව්යුහය නොයෙක් ආකාරයට ප්රබන්ධමය පෘෂ්ඨීය වෙනස්කම් සිදුකර ඇත. මෙවැනි නූතන සාහිත්යික ව්යුහමය සංරචනා වෙනස්කම් මගින් කරන්නේ පාඨකයා අලුත් කියවීමේ අත්දැකීම් වෙත සම්මුඛ කිරීමය. ඒවා විචාරය පිණිස නොව කියවීමම සාහිත්යික අත්දැකීමයි. විශේෂයෙන්ම සාහිත්ය කෘතියක ඒ භාෂාව මගින්ම වෙනත් ආකාරයකට පරිවර්තනය කළ නොහැකි කොටසයි. වෙඩිවර්ධනගේ අවධානය වැඩියෙන්ම යොමු වන කලාපයද මෙය බව පෙනෙයි. සාමාන්යේන් ප්රුබන්ධ කතාවේ ව්යුහය තල කිහිපයකි. වාග් විද්යාත්මක ව්යු හය ඉන් එකකි. එය නැවත මතුපිට භාෂාත්මක ව්යුහය සහ ගැඹුරු භාෂාත්මක ව්යු හය ලෙස බෙදන්නට පුළුවන. අනෙක් ව්යු හමය තලය ආඛ්යායනමය ව්යු හයයි. එයද මතුපිට ආඛ්යාදනමය ව්යු හය සහ ගැඹුරු ආඛ්යානනමය ව්යුෙහය යනුවෙන් කොටස් දෙකකි :මේ බෙදීම් නවකතාව අර්ථකථනයේ හා විස්තර කිරීමේ පහසුව පිණිස ප්රෙබන්ධ න්යානයේ පවතින සංකල්ප මිස පැහැදිලිව ව්යවච්ඡේදනය කළ හැකි ප්රීබන්ධ ශරීර කොටස් නොවේ.

මතුපිට භාෂාත්මක ව්යුහය සැකසීමේදී මංජුල වෙඩිවර්ධන දක්වන සැලකිල්ල අප ඉහත නාමිකව සඳහන් කළ පෘෂ්ඨීය වියමන් ඇතුළු සංරචකවලින් පැහැදිලි වේ. ගැඹුරු භාෂාත්මක ව්යුහය ගැන වෙඩිවර්ධන දක්වන සැලකිල්ල අප ප්රශ්න කළ යුතුය. මේ නවකතාව කියවාගෙන යනවිට කතුවරයා කරන භාෂා සෙල්ලම නවකතාවේ තේමාත්මකයට ඔරොත්තු දෙන එම ප්‍රබන්ධය විසින් ඉල්ලන එකක්දැ.යි සැක සිතීමත් සමහර පාඨයන් දුර්මුඛ කිරීමත් සිදුවිය හැකිය. මෙය එක්තරා ආකාරයක ප්ර්බන්ධමය ඉතිහාස කතාවක් නිසා අපේ සාම්ප්ර දායික ඉතිහාස කතාමය ස්වරූපයෙන් මෙය ලියන්නට වෙඩිවර්ධන උත්සාහ කළා විය හැකිය. මේඝවන්න වේගාල නේත්රපබිම්බාල දුර්ග ඡායාල චිත්තභානු වැනි පුද්ගල නාම පවා ඔහු තබා ඇත්තේ කිසියම් වූ ඓතිහාසික සිහිගැන්වීම්වල පිහිටාය. අල්ලිරාණි කුවේණි විජය ආදීන්ද මේ නවකතාවේ චරිත වන අතර සමස්තයක් ලෙස මේ ප්රාබන්ධ කතාව ප්රිති- ඉතිහාසමය ඓතිහාසික ලියවිල්ලක ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නට වෙඩිවර්ධන උත්සාහ කළා විය යුතුය. වෙඩිවර්ධන භාවිත කරන භාෂා ශෛලිය :කාව්යානත්මකවබව නොවේ* එවැනි ඉතිහාසමය ස්වරූපයක් උසුලයි. ඒ අර්ථයෙන් ගැඹුරු භාෂාත්මක ව්යුහය තේමාත්මකය සමග දක්වන සම්බන්ධය ගැන යම් සම්බන්ධයක් දකින්නට පුළුවන. එහෙත් මේ භාෂාත්මක සැලකිල්ල- සෙල්ලම අනවශ්යය තරම් දිග්ගැස්සීමේ අනතුර වළක්වා ගැනීම ගැන වෙඩිවර්ධන ඉදිරි නවකතාවලදී තවදුරටත් කල්පනා කරනු ඇතැ.යි සිතමි.

චරිත විස්තර සිදුවීම් ආදිය ගැන නොයෙක් විස්තර ආඛ්යා න ව්යුහයෙහි අඩංගු වෙයි. විශේෂයෙන්ම ආඛ්යාවනය ගොඩනැංවීමේදී සුසාදිත යථාර්ථවාදය අනුගමනය නොකරන මෙවැනි නවකතා දෘෂ්ටිකෝණ හුවමාරුවල නාභිගතකරණය බහුශාබ්දිකත්වය යථාර්ථයේ තල සංයෝග කිරීම වැනි උපක්රිම භාවිත කරයි. මේ නවකතාවේ නම් මේඝවන්න වේගාල නේත්ර බිම්බාල චිත්තභානු පමණක් නොව අල්ලිරාණි වැනි ඓතිහාසික චරිත වෙතද කතාව නාභිගත වෙයි:ත්‍දජ්කස‘ැ* ඒ නිසාම උපදින්නේ බහුශාබ්දිකත්වයකි. මේ නවකතාව ලියා ඇත්තේ අහසේ සිට පොළොව බලන කුරුල්ලෙකුගේ හෝ සියල්ල දන්නා දෙවියකුගේ ඇස් දෙකක දෘෂ්ටිකෝණයෙන් නොවේ. චරිත කතා කිරීම නොයෙක් විට මාරුවෙයි. ඒ නිසා ආදරණීය යක්ෂණී නවකතාවේ වේගාගේ පුරුෂමය අදහස්වලට මෙන්ම නේත්ර බිම්බාගේ ස්ත්රීසත්වයටත් හඬක් ඇත. අනෙකාට නැතිවී ගිය හිමිකම් ගැන සිතන්නට උසිගන්වන මෙවැනි නවකතාවකට බහුශාබ්දිකත්වය පුළුල් එළියකි. මේ නවකතාවේ චරිත විටෙක එදිනෙදා යථාර්ථවාදයත් සමග සමීප වන අතර ඉතා ඉක්මනින් අලුත් සාහිත්යික යථාර්ථවාදයක පැටලෙයි. නේත්රමබිම්බා සමග සයනයේ සංසර්ගයේ පැටලෙන වේගා තවත් විටෙක ආකාශයේ සිහිනමය පාවීමකට ලක්වෙයි. විටෙක ඔහු බැරලයකි. කතා කරන ඇවිදින හිතන පතන හුස්ම ගන්නා බැරලයකි. තවත් විටෙක ප්රංශයේ කෝපි හලෙක කෝපි බොන පිටුවහල් මිතුරෝ ලංකාවේද සිටිති. එය අවකාශීය මාරුවීමයි. මේ නවකතාවේ අවකාශය ලංකාව මෙන්ම ප්රංශයයි. විටෙක එංගලන්තයයි. කාල අවකාශයද හුවමාරු වෙයි. විතැන් වෙයි. සමකාලීන සමාජයෙන් එය යක්ෂ ගෝත්රි්කයන්ගේ කාලඅවකාශයක් වෙත මාරුවෙයි. ආඛ්යාන ව්යුකහයේ මෙවැනි ලක්ෂණ නිසා නවකතාවේ තේමාත්මකය වෙත ලැබෙන එළිය අප ඉතා පරෙස්සමෙන් කල්පනා කළ යුතුය. එය හුදු කතාන්දරමය තිගැස්මක් පිණිස පාවිච්චි කරන්නක් නොවේ. මංජුල වෙඩිවර්ධනගේ නවකතාවේ තේමාත්මකය මුළුමනින්ම හසුරුවන්නේ මේ ව්යුහ රචනයේ වෙනස මගිනි. ඒ නිසා මේ නවකතාවේ සංකීර්ණ ව්යුහය ගැන කල්පනා නොකර අර ඉතිහාස කතාව වෙනස් කිරීම ගැන කල්පනා කරන්නට නොහැකිය. ආඛ්යාන ව්යු හය මෙතරම් සංකීර්ණ නවකතා බිහිවීම සිංහල සාහිත්යෙ සම්බන්ධයෙන් බෙහෙවින්ම ඉදිරිගාමීය.

ඉතින් අප මෙවැනි නවකතා තනි නොකළ යුතුය. කියවීම නමැති මිනිස් ක්රියාවරැක්රිවයාවලිය මිනිස් ශිෂ්ටාචාරයේ වැදගත් අංගයකි. විශේෂයෙන්ම සංස්කෘතික ජීවිතය හැඩගස්වන සංස්කෘතික ජීවන විලාසය පිළිබඳ කොන්දේසියකි. ,කියවීම, යනු වාග්මය භාෂාව හිතට උරාගන්නා පාරිභාෂික පදයක සීමාවෙන් ගලවා පශ්චාත් ව්යුහවාදී අර්ථයෙන් ,පඨිත කියවීම, වැනි පළල් අර්ථයකින් වටහාගත් කල එය මිනිස් චින්තනයේ විචාරාත්මක බව සහ මිනිස් පරිකල්පනයේ පොහොසත්භාවය ගැනද ඉඟියකි. ඉතින් කියවීම එසේ නම් ලිවීමත් එවැනි කියවීමකට අවශ්ය ආවේශය සපයන්නක් විය යුතුය. මගේ ආදරණීය යක්ෂණී ඒ ආවේශයෙන් මායම් වන්නියකි. ඈ සමග අවශ්යන තරම් සංවාදයක පැටලෙන්නට අවකාශ ඇති තැන්වල අප නැවත නැවතත් හමුවිය යුත්තෙමු.



: 2013 දෙසැම්බර් 08 රාවය *