Hot!

බඩ විරේක වන වයඹ පළාත් සභාවේ ආපන ශාලාව - මහ ඇමතිගේ අවධානයට

වයඹ පළාත් සභාවේ නිලධාරීන් මෙන්ම අඩු මුදලට කෑම ලබාගන්නට පහසු නිසා පිටින් පැමිණෙන අයද භෝජන බුක්ති විඳින වයඹ පළාත්සභාවේ ආපනශාලාව ලඟකදී ඉඳන් තමන් විසින් සපයන කෑම වල විරේක බේත් ඇතිදෝ යන්න සැකයක් සභාව පුරාවටම පැතිර යන බව අපට දැනගන්නට ලැබුණි. මීට පෙර පළාත්සභාවේ ආපනශාලවෙහි මෙවන් ආහාරමය ප්‍රශ්නයක් ඇති නොවුන බවත් සති කීපයක සිට කෑම ලබාගන්නා සියලුම අයට සෞඛ්‍ය පිළිඹඳ ගැටළුවක් ඇතිවී ඇතැයි වාර්ථා වේ. 

මොවුන් වැඩිදුරටත් පවසන්නේ මේ ගැටලුව පිළිඹඳව ආපනශාලාවේ සාමාජිකයන් දැනුවත් කළ නමුත් තවමත් ආහාරවල මේ ගැටලුව පවතින බවය.සුළු සේවකයින් නිලධාරීන්ට මේ ගැන පැමිණිලි කල නමුත් තවමත් මෙය නිරාකරණය වී නැත.දිගින් දිගටම මෙම තත්වය උද්ගත වුවහොත් ආපනශාලාව වසා දැමීමට සිදුවන බවත් විශාල සෞඛ්‍යමය ගැටලුවකට සියල්ලන්ටම මුහුණ දීමට සිදුවනබවත් බොහොදෙනාගේ මතයයි.