Hot!

ගාල්ල ප්‍රදීප ස්ථම්භය කියා පාන උන්ගේ සංස්කෘතිය හා අපේ සංස්කෘතිය .

ජනසංසදය

ගාල්ල ප්‍රදීප ස්ථම්භය - පුවරුව දෙස බලන්න. මෙය ඉදිකර ඇත්තේ 1939 දීය. රජයේ වැඩ දෙපාර්ථමේන්තුව මගින්ය.

පුවරුවේ සටහන් වන්නේ, එම ඉදි කිරීම නිර්මාණය, වගකීම දැරූ ඉංජිනේරුවා ගේ නමය.

ඒ කාලේ මෙම ඉදිකිරීමට අනුමැතිය දෙන්නට ඇත්තේ හයවන ජෝර්ජ් රජුගේ ශ්‍රී ලංකා නියෝජිත අග්‍රාණ්ඩුකාර පදවිය දරූ - ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩේකෙට්ය. මෙම පුවරුවේ ඔවුන්ගේ නම් සදහන්ව නැත.

අද බෝක්කුවක් දැම්මොත්, ගමේ පාරකට කොන්ක්‍රීට් එකක් දැම්මොත් - රාජපක්ෂගේ සිට ගමේ ප්‍රාදේශීය සභාවේ එකා දක්වාම මුහුණත් තහඩුව ගසා, බෝක්කුවට පාරට වියදම් කලාට වැඩි මුදලක් වැය කර, තඩි කටවුට් ගසති.

මේවා කරන්නේ උන්ගේ අප්පාගේ අම්මාගේ බූදලයෙන් නොවෙයි හදන්නේ. මහජන මුදල් වලින් ය.

ගාල්ල ප්‍රදීප ස්ථම්භය ඉදි කළේ මහජන මුදලින්ය. ඒ නිසා එහි නම් ගම් ගසා ගැනීමට තරම් හීන මානයක් හයවන ජෝර්ජ් රජුට හෝ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෘ  ට නොතිබුනේය.

නිර්මාණයේ කළ ,ඉදිකිරීමට නායකත්වය දුන්න, කැපවු පුද්ගලයාගේ නම සදහන් කිරීම ප්‍රමානවත් බව ඔවුන් වටහා ගෙන සිටියේය.

කඩුගන්නාවේ ඩෝසන් කුලුන ද මෙයට හොද නිදසුනක්ය.      


මේ උන්ගේ සංස්කෘතිය හා අපගේ සංස්කෘතිය අතර පවතින නෙසට තවත් එක් නිදසුනක් පමණි.