Hot!

බුද්ධංගල ඇත්රජු අවසන් ගමන් ගිය හැටි



දිගාමඩුල්ල වනපෙතට අභිමානයක්‌ ගෙනදුන් බුද්ධංගල දළ ඇතා තවත් නැත. මේ එකසර ඇත්රජු මරා දමා තිබේ. අඩි දෙකක්‌ පමණ දිග දළ යුගලද සහිතව මේ ඇත් රජු මහා කුඹුරුයායක්‌ මැද මරා දමා තිබෙනු දකින දකින උන්ගේ හදවත් යනු පෙනුනේය. බුද්ධංගල වන අරණේ අභිමානය වූ මේ ඇත්රජුට මෙවන් වේදනාබර මරණයක්‌ උරුම වන්නේ තම උරුම මංපෙත් ඔස්‌සේ සැරිසැරූ වරදටය. 

බුද්ධංගල සහ දීඝවාපිය ප්‍රදේයේ එකළාව නැගෙන වනපෙත්හි සැරි සැරූ මෙම ඇත් රජු අසූවකට ආසන්න අලි රංචුවකට නායකත්වය දුන්නේය. මේ අපූරු ප්‍රධානියා වනපෙතේ අනසක පතුරුවමින් සිටි ආකාරය මනරම් දැකුම් මැවීය. බුද්ධංගල සම්මන්තුරය දීඝවාපිය නින්දවුර්, එරගම සහ මල්වත්ත ආදී ප්‍රදේශ රැසක සැරි සරමින් සිටි මේ ඇත්රජු නිතරම මිනිස්‌ නෙත් සැරසුවේය. ඇතාගේ දළ දෙකේ දිග අඟල් 23 ක්‌ විය. එහි පරිධිය ද අ`ගල් 23 කින් යුතු වූයේය. එලෙස දළ පිහිටා ඇති ඇතුන් ඉතා දුර්ලභ බව පරිසරවේදීහු අපට කීහ. 

ගල්ඔය වන පියසට මෙම අලි ඇත් සේනාවෝ අතීතයේ සිට දිනපතා සංක්‍රමණය වූයේ කුමණ වන පෙතේ සිට ලාහුගල, බක්‌මිටියාව, සාගම, අලිගම්බේ, එරගම, බුද්ධංගල හරහාය. එක්‌ අලියෙක්‌ ස`දහා දෛනිකව කිලෝ 350 ක්‌ පමණ ආහාර අවශ්‍යය. ජීවත්වීමට ආහාර සොයා දිනපතාම සැරි සරන මෙම අලි සේනාවන්ට මිය යන්නට සිදුවන්නේ අතීතයේ සිට පැවති සිය නිsජ භුමි මේ වන විට මිනිසුන්ගේ වාසස්‌ථාන සහ වගා බිම් බවට පත්ව අලිමංකඩවල් ඇහිරී ගොස්‌ තිබෙන නිසාය.

පසුගිය 16 වැනිදා අලුයම බුද්ධංගල වන අරනේ සිටි එකම දළ ඇතු සම්මන්තුර පොලිස්‌ බල ප්‍රදේශයේ වලතපිටිය කූඹුරු යායක මරා දමා තිබුණේය. එය ඇසූ සැණින් මහා සෙනඟක්‌ මිය ගිය ඇත් රජු බැලීමට වලතපිටියට එක්‌ රොක්‌වන්නට වූහ.

වන ජීවි නිලධාරීන් සහ සමන්තුර පොලිසිය සැණකින් පරීක්‌ෂණ කටයුතු ආරම්භ කරන ලද්දේ මෙම අපරාධය කළ අපරාධකරුවා සොයනු ස`දහාය. ඇත්රජු මරා දමා තිබුණේ මහා මාර්ගයෙන් මඳක්‌ දුරකට වන්නට පිහිටි කුඹුරකට පිවිසෙන ස්‌ථානයේය. ඒ ආසන්නයේ තිබෙන්නේ එක්‌ කුඹුරක්‌ පමණය. ඊට මඳක්‌ දුරින් එම කුඹුරේ අයිතිකරුගේ නිවස පිහිටා තිබෙන්නේය. 

මෙම ඇතා මිය ගියේ කෙසේදැයි වන ජීවි නිලධාරීන් සහ පොලිසිය දිගින් දිගටම කල්පනා කරන්නට වූයේය. වන අඩවි ආරක්‌ෂක කිත්සිරිමෙවන්, වන සත්ව නියාමක එන්. කරුණාරත්න හා එන්. චන්දන වන සත්ව අඩවි ආරක්‌ෂක හේරත් ඇතුළු නිලධාරීන් පිරිසක්‌ වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ පරීක්‌ෂණ මෙහෙයවමින් සිටියහ. ඇතාගේ සිරුරේ පෙනෙන ප්‍රදේශය පරීක්‌ෂා කළද කිසිම හෝඩුවාවක්‌ නොලැබිණි. දක්‌නට ලැබුණේ පරණ වෙඩිවැදුම් තුවාල කැළැල් කීපයක්‌ පමණි. එම තුවාල සුවවී තිබුණේය. 

වනජීවි නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහයද ගෙන මෙම ඇතා අනිත් පස පෙරළා පරීක්‌ෂා කරන්නට වූහ. එවර දුටු දෙයින් සියලු දෙනාම මවිතයට සහ සංවේගයට පත් වූහ. ඇතාගේ ඉදිරිපස පාදයේ සිට හිස හරහා කොඳුඇට පේළිය දක්‌වා එක දිගට පිළිස්‌සුණ සලකුණු පැහැදිලිවම දකින්නට තිබිණි තිබිණි. ඒ අනුව මේ ඇතා මරණයට හේතුව විදුලි සර වැදීම බව කාටත් මැනවින් පැහැදිලි විය.

නමුත් ඉඩමේ හිමිකරු පවසන්නේ තමන් මෙම ඉඩමට විදුලිය දැමුවේ නැති බවය. කෙසේ නමුත් පළපුරුදු නිලධාරීන්ගේ උකුසු ඇසින් මෙම අලි මරණයේ සාක්‌ෂි වසන් කිරීමට නොහැකි වූයේය. එම කුඹුරු ඉඩම වට කර තිබූ විදුලිය ඇදි කම්බි නොතිබුනද ඇතාට යටවී තිබුණු සිහින් කම්බි කැබැල්ලක්‌ සොයා ගැනීමත් සමගම මෙම ඇත් මරණය නිසැක වශයෙන්ම විදුලි සර වැදීමෙන් සිදුවූවක්‌ බව තහවුරු විය. 

වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරී නිහාල් පුෂ්පකුමාර මෙම ඇත් සිරුර කපා මරණ පරීක්‌ෂණ කටයුතු ආරම්භ කළේය. ඒ සමගම ඇතා මිය ගිය ස්‌ථානයට මීටර් 200 කට ආසන්න දුරකින් පිහිටා තිබුණු කුඹුරු හිමියාගේ නිවස පරීක්‌ෂා කිරීමේදී එම නිවසේ විදුලි සැපයුම සහ සම්බන්ධ ටි්‍රප් ස්‌විචය විසන්ධිවීම වැළැක්‌වීම ස`දහා කෝටු කැබැල්ලක්‌ ගසා ඇති ආකාරය දැකගත හැකිවිය. සිද්ධිය සම්බන්ධව ඇතිවූ කලබලයත් සමග එම කෝටු කැබැල්ල ඉවත් කර දැමීමට ඉඩම් අයිතිකරුට අමතකව ගොස්‌ තිබිණී. මෙසේ ඔහු ටි්‍රප් ස්‌විචයට කෝටු කැබැල්ලක්‌ ගසන්නට ඇත්තේ විටින් විට එම ටි්‍රප් ස්‌විචය විසන්ධි වීම වැළැක්‌වීම ස`දහා බව පැහැදිලි විය.

තමන් වගාවට විදුලිය ඇද දැමුවේ නැති බව කුඹුරු හිමියා දිගින් දිගටම පවසා සිටියේය. නමුත් ඔහුගේ නිවසින් මෙම වගා බිම වටා විදුලිය ඇද දමා තිබුණු බවට පැහැදිලි සාක්‌ෂි එකින් එක පරීක්‌ෂණ කරන නිලධාරීන්ට හමුවිය. ඒ අනුව මෙම ඉඩමේ හිමිකරු 16 දින දහවල් සම්මන්තුර පොලිසියේ සහායත් ගෙන වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරුව සමන්තුරේ උසාවියට ඉදිරිපත් කරන ලදුව පසුගිය 18 වැනිදා හෙතෙම රුපියල් ලක්‌ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින්නට අධිකරණය නියෝග කළේය. 

මෙලෙස අවාසනාවන්තව මිය ගිය බුද්ධංගල ඇත් රජු කිසිදා නිවසක්‌ කඩා දැමූ බවට හෝ වගා බිමකට හානි කළ බවට කිසිදු පැමිණිල්ලක්‌ නොවීය. බුද්ධංගල මාර්ගයේ යන වාහන පසු පස මඳක්‌ හඹා ගිය බව පමණක්‌ විටින් විට වාර්තා වී තිබිණි. එහෙත් කිසිම අතුරු ආන්තරාවක්‌ පිළිබ`ද අෙ`දාaනාවක්‌ මිනිස්‌සුන්ගෙන් නැගුනේ නැත. 

මේ රටේ මිනිස්‌සු මාසයකට අඩුම තරමින් අලි හයදෙනෙක්‌ වත් මරා දමා තිබුණහ. ගිය අවුරුද්දේ අලි මරණ 190 ක්‌ ලංකාවේ හතරවටින්ම වාර්තා වූයේය. ඉන් 26 ක්‌ අම්පාර දිස්‌ත්‍රික්‌කයෙනි. 

මේ ආකාරයෙන් 2011 වසරේ වලතපිටිය ගම්මානයේදී වෙඩි තබා දළ ඇතෙකු මරා දමා තිබිණි. මේ වන විටත් අලින් 6 දෙනකුට අධික ප්‍රමාණයක්‌ මෙම වලතාපිටිය ගම්මානයේදී මරා දමා ඇති බව වාර්තා විය. වලතාපිටිය අලින්ගේ සොහොන් බිමක්‌ බව පැහැදිලි වන්නේ මේ කරුණු නිසාය. 

එහෙත් බුද්ධංගල ඇත් රජුගේ මරණයෙන් පසු මේ ගමේ අලි මරුවන්ට අලින් පිළිතුරු දී තිබිණි. එය අලිපාර නවකතාවේ එන සිදුවීම් සජීවී කරවන්නකි. ඇත්රජු මරා දමා තිබූ තැන වූ කුඹුරු යාය අලි රංචුවක්‌ විසින් පසුගිය බදාදා පාන්දර මුළුමනින්ම වනසා දමා තිබූ ආකාරය එදින උදෑසන කාටත් දැකගත හැකි විය. 

සුසන්ත අමරබන්දු
දිවයින